Open top menu
Showing posts with label මූණු පොත. Show all posts
Showing posts with label මූණු පොත. Show all posts
Sunday, 11 December 2011
මූණු පොතේ හිනාව.....

අද පොඩි සිද්ධියක් උනා.ඒ නිසා මේ ‍පෝස්ට් එක දාන්න ඕන කියල හිතුන.මේක Facebook සම්බන්ධ සිද්ධියක්.එහෙනම් කට්ටියත් එක්ක මේක කියවලම බලන්නකො.


අද Facebook කොච්චර දුරට ව්‍යාප්ත වෙලා තියෙනව ද කියල මම මෙතන කියන්න ඕන නෑනෙ.ඒක ඔයාලට හොදට දන්නව. සමහර අය Toilet එකට ගියත් Facebook Status Update කරන තරමට Facebook එක සමීප වෙලා. ඒත් ඉතින් මේ Facebook එකෙත් හොද නරක ගොඩක් ති‍යෙනව කියල දැනටමත් කට්ටිය දන්නව ඇති කියල මම හිතනව.

හරි,මේකයි මට උන සිද්ධිය දැනට සතියකට විතර කලින් අපේ ඉස්කොලෙම ගිය අයිය කෙනෙක් මට Facebook වල Request එකක් දාල තිබ්බ.මිනිහ දැන් සබරගමුව කැම්පස් ඉන්නේ.ඉතින් අපේ ඉස්කොලෙ ගිය ගමේ පොරක්නෙ කියල මමත් එයාව Friend කෙනෙක් විදියට එකතු කර ගත්ත.මම නම් මිනිහව හොදට දන්නව.මිනිහත් මාව දන්න නිසානේ මට Request එකක් දැම්මෙ.

ඉතින් ඔන්න අද මම පොඩි වැඩකට තැපැල් කන්තෝරුවට ගියා.තැපැල් තන්තෝරුව ළග අර මනුස්සයත් ඉන්නව.මිනිහත් මාව හොදට දැක්ක.ඒත් නියම වැඩේ කියන්නෙ මූ නිකමටවත් මනුස්ස කමට කියල හිනාවක් වත් දැම්මෙ නෑනේ.ඒත් Facebook එකේ නම් හා මල්ලි,කොහොමද? මොනාද කරන්නේ. පණ දෙන්න වගේ තමයි කතාව. ඉතින් මට හිතුන ඇත්තටම මේ Facebook වල ඉන්න ගොඩක් අය කරන්නෙ බොරු මවාපෑමක් නේද කියල.ඒ ගැන තවත් උදාහරණ  ටිකක් මම කියන්නම්.   
   
 Facebook එකේ ගොඩක් Profile තියෙනව කෙල්ලන්ගෙ නම් දාල.ඒ වගේම ඒවට ලස්සන photo එහෙමත් දාල තියෙනව.ඉතින් අපේ අයත් 
ගොබ් බෙට්ටකට කෙල්ලෙකුගෙ නමක් දාල තිබුණත් ආතල් එකට වගේ Request කරනවනේ.අන්තිමට ඒ කෙල්ලොත් මේ Request කරන අයව friends ල කර ගන්නව.ටික දවසකින් මේ කෙල්ල Link එකක් දෙනව මේ වගේ දෙවල් කියල "අනේ අයියේ..,මට මේ වෙබ් සයිට් එකේ register වෙන්න බෑ.කොහොමද register වෙන්නෙ කියල "  

    අපේ කස්ටියත් හෙන වැඩ කාරයොනේ.....මෙයාලත් අර  Link එක ක්ලික් කරල තමන්ගෙ Facebook User Name,Password දීල වෙබ් සයිට් එකේ  register වෙන්න බලනව.ඒත් ඉතින්  register වෙන්න බෑ.අන්තිමට අර උදව් කරන්න ගිය කෙනාගෙ Account එක Hack වෙලා.
Hack උන හැටි හිතාගන්න පුලුවන්නේ.

අන්න ඔය වගේ ගොඩක් දෙවල් මේ මූණු පොත ඇතුලේ වෙනව.තව දෙයක් කියන්නම්, මමත් ඔය වගේ කෙල්ලෙක්ට Request එකක් දැම්ම.මම අදුරන්නෙත් නෑ.ඒත් මගේ යාලුවෙක්ගේ යාලුවෙක් වෙලා හිටිය නිසා තමයි මමත් Request කලේ.මෙයත් මගේ Request එක Confirm කලා.ඔන්න ටික දවසක් යනකොට ම‍ගේ Wall එකේ කුණුහරුප Photo ගොඩයි.මොකද ‍මම අර Request කරපු කෙනාගේ Wall එකට  කවුද කෙනෙක් ඒවා share කරල ඒවා මගේ Wall එකෙත් පේනව. 

මල කෙලියයිනේ.මේව මට විතරක් නෙවෙයිනේ අනිත් එවුන්ටත් පේනවනේ.ඉතින් මමත් ඉක්මනට මෙයාව මගේ friends list එකෙන් අයින් කරල දැම්ම.ඇති යන්තම් එයින් බේරුන.ඒක මට හොද පාඩමක් උනා.ඒ නිසා ආයෙ මම නොදන්න අයට Add කරගන්න ගියෙ නෑ. ඇත්තම කෙල්ලොන්ට ගොඩක් වෙලාවට ගොඩක් Friends ල නෑ.ඔය ගොඩක් Friends ල ඉන්න කෙල්ලන්ව Add කරගන්නකොට පොඩ්ඩක් කල්පනාවෙන් Add කරගන්න.මොකද උන් හරි කපටියි.

ඒ වගේම Facebook පාවිච්චි කරනකොට මේ කරුණු ගැනත් පොඩ්ඩක් සැළකිලිමත් උනොත් හොදයි.  
  • නොදන්නා අය දෙන Link වලට යන විට ප්‍රවේසම් වන්න
  • ඔබ ක්ලික් කරන Link වල Domain Name සැම විටම පරික්ෂා කර    බලන්න 
  • ගැහැණු අයගේ නම් වලින් නිර්මාණය කර ඇති බොහෝ Profile ව්‍යාජ ඒවාය.ඒවාගේ Profile picture එකට ඇතුළත් කර ඇත්තේ  පිටරට අයගේ ඡායාරූපය.
  • ඔබගේ මිතුරන් හෝ වෙනත් අය එවනු ලබන  facebook fan page වලට ඇතුල්වීමේදී ප්‍රවේසම් වන්න.මක් නිසාද යත් අපි එම පිටුවට ඇතුලු වී එහි ඇති ඩීඩියෝ හෝ ඡායාරූප මත ක්ලික් කළ විට වීඩීයෝව හෝ ඡායාරූපය ඔබේ නමින් ඔබේ මිතුරන්ගේ wall එකෙහි post විමට ඉඩ ඇති නිසා. 
ඇත්තෙන්ම Facebook යනු ඇත්ත මුහුණ සැගවී ඇති පොතකි.එම නිසා Facebook භාවිතා කිරිමේදී ඔබේ ආරක්ෂාව මෙන්ම පෞද්ගලිකත්වය ගැනද සැළකිළිමත් වන්න.     

මම ඉහතින් ලියූ කරුණු  සැබෑවක් බව පහත ඡායාරූපය දෙස බැලූ විට ඔබට පෙනේවි.ඔහුටත් නොදැනීම ඔහුගේ wall එකේ මෙම ඡායාරූප Post වී ඇත.



Read more
Saturday, 26 November 2011
මූණු පොතේ අපි

සුභ උදෑසනක් කස්ටියටම.අද මාතෘකාව නම් පොඩ්ඩක් විතර වෙනස් උනා.ඒ මොකද මගේ Blog එකට මූණු පොතෙන් මම ඉඩක් ගත්ත.කස්ටිය කැමති නම් දකුණු පැත්තෙ "මූණු පොතේ අපි" කියන තැන තියෙන "e-සිහිනයට" Like එකක් දුන්න නම් ගොඩක් වටිනව. ඊළග පෝස්ට් එක (Internet Money පිළිබද මගේ අත්දැකීම් 4) අද දාන්න කියල තමා හිතන් ඉන්නෙ.මොකද අපේ කස්ටිය මේ මාතෘකාව ගැන ගොඩක් උනන්දු නිසා මේ ගැන පෝස්ට් දාන්නත් ගොඩක් ආස හිතෙනව.හරි,ඊළග පෝස්ට් එකෙන් හම්බවෙමු.
Read more