Open top menu
Friday 29 June 2012

ඔන්න මේ මාසෙ දෙවෙනි පෝස්ට් එක.හැබැයි මේක නම් විශේෂ දෙයක් නෙමෙයි.ගොඩක් අය මේ ගැන දන්නවත් ඇති.කමක් නෑ දන්නෙ නැති අය ඉන්නව නම් මේ පෝස්ට් එකෙන් එයාලට ප්‍රයෝජනයක් වෙයි.මම මේක දාන්න හිතුවෙ මගේ සමහර මිතුරන් උනත් මේ ගැන නොදැන හිටිය නිසයි.

හරි මේකයි වැඩේ.ඔයාල කවුරුත් දන්නවනෙ Google ගැන.ඒ ගැන ඉතින් ආයෙ කියන්න ඕන නෑනේ.Google ආයතනය දෙන සේවාවලින් එකක් තමා Google Image Search කියන පහසුකම.ඒකෙන් අපිට ඕන පින්තූර ලේසියෙන්ම හොයගන්න පුලුවන් ඒ Image එකෙ නම Type කරල.හැබැයි දැන් ටික කාලෙක ඉදල මේ සේවාවෙන් අපිට ඕන Image එකක් මේ Search Bar එකට ඇදල දාල (Drag and Drop) ඒ Image එකේ විස්තර හොයාගන්න පුලුවන්.තවම මේ ගැන බැලුවෙ නැත්නම් පොඩ්ඩක් Try කරල බලන්නකො.

මේකෙන් Fake Facebook Profile අදුරගන්නත් පුලුවන්.ඒ කොහොමද? ඒ මෙහෙමයි.සමහර Girls ලගේ Facebook Profile Photos වල ලස්සන ලස්සන Photo දාල තියෙනවනේ.ඉතින් අපේ සමහර අයියල,මල්ලිල මේවට වහ වැටෙනව මොකද මේ ඉන්නෙ ඇත්තම ඇත්ත ලංකාවෙ Girl කෙනෙක් කියල.ඒ Photo වලට Comments එහෙමත් හොදට තියෙනව.ඉතින් ඒ photo එක ඇත්තම එකක්ද කියල බලන්න ඕන නම් ඒක Save කරල google image එකේ search bar එකට ඇදල දාන්න.එතකොට ඒක Indian girl කෙනෙක්ගෙ හරි වෙන රටක Girl කෙනෙක්ගෙ නම් ඒ Photo එක තියෙන වෙනත් Website වගේම ඒ පුද්ලයගේ තොරතුරුත් ලැබෙනව.ඉතින් එහෙම ලේසියෙන්ම Fake FB Profile එකක් අදුරගන්න පුලුවන්.

ඒ විතරක් නෙමෙයි මේකෙන් තව ගොඩක් වැඩ ගන්න පුලුවන්.පාවිච්චි කරල නැත්නම් පාවිච්චි කරල බලන්න.එහෙනම් අපි ගියා.
Different Themes
Written by Lovely

Aenean quis feugiat elit. Quisque ultricies sollicitudin ante ut venenatis. Nulla dapibus placerat faucibus. Aenean quis leo non neque ultrices scelerisque. Nullam nec vulputate velit. Etiam fermentum turpis at magna tristique interdum.

4 comments:

  1. Huta man hadapu fake eka mattu weida manda :/

    ReplyDelete
  2. @Anonymous eka nam sure na. :D

    ReplyDelete
  3. එල මචෝ දැනටමත් පාවිච්චි කරනවා

    ReplyDelete
  4. එළ එළ ඉබ්බෝ.

    ReplyDelete