Open top menu
Monday 25 June 2012

ගොඩක් දවසකින් බ්ලොග් එක පැත්තෙ ආවේ.Interface එකත් වෙනස් වෙලා නොවැ.හරි හරි ඒව වැඩක් නෑ මම ඉගෙන ගත්ත තවත් අලුත් දෙවක් දන්නෙ නැති අයට කියල දෙන්නයි අද මම ආවේ.අද කියන්න යන්නෙ  ඕනම පරිගණකයකට Password නැතිව Log වෙන්නෙ කොහොමද කියල.ගොඩක් අයට මේක ලොකු ප්‍රශ්නයක්නේ.සමහර අයට Admin Rights නෑ,සමහර අයට Software දාන්න බෑ ඔය වගේ ප්‍රශ්න වලට මේක හොද විසදුමක්.මේක මමත් ප්‍රායෝගිකවම අත්හදා බලල තියෙනව.හරිම සරලයි.මේක කරන්න නම් hirens bootcd  කියන CD එක ඕන වෙනව.හරි ඉස්සෙල්ලම ඒක මෙතනින් Download කරගන්නකො.

දැන් ඉතින් මේ Website එකේ තියෙන විදියට CD Image (BootCD.iso) කියන එක CD එකකට Write කරගන්න.මේක Bootable CD එකක්.CD එක Write කලාට පස්සෙ ඔයාට Password Reset කරන්න හරි Files Copy කරගන්න ඕන Computer එකෙන් මේ CD එක Boot කරගන්න.CD එක Boot උනායින් පස්සෙ Menu එකක් පෙන්නනව.ඒකෙන් Mini windows XP කියන Option එක තෝරල Enter කරන්න.



ඊට පස්සෙ ඔයාලට පෙනේවි සාමාන්‍ය Windows XP වගේම මේකත් CD එකෙන්ම Load වෙනව.හරි අනිත්මට අපිට හුරු පුරුදු XP Interface එක ඔයාලට පෙනේවි.දැන් ඉතින් ඒ MY Computer ඔකට ගිහින් බැලුවොත් ඒ පරිගණකයෙ තියෙන ඔක්කොම Hard disk පෙන්නනව.ඔයාට තියෙන්නෙ Pen Drive එකක් Connect කරල ඕන Files Pen Drive එකට Copy කරගන්න එක තමා.

හරිම සරලයි.ගොඩක් අය Password දාල ආරක්ෂා කරන් ඉන්න වටින දේවල් උනත් මෙහෙම ගන්න පුලුවන් ඉතින්.හැබැයි එහෙම නොකර තමන්ට ප්‍රයෝජනවත් දෙයක් කරන්න පුලුවන් නම් ගොඩක් වටිනව.Password Reset කරල හැටි ඊළග පෝස්ට් එකෙන් දාන්නම්.ජය වේවා..!
Tagged
Different Themes
Written by Lovely

Aenean quis feugiat elit. Quisque ultricies sollicitudin ante ut venenatis. Nulla dapibus placerat faucibus. Aenean quis leo non neque ultrices scelerisque. Nullam nec vulputate velit. Etiam fermentum turpis at magna tristique interdum.

8 comments:

  1. මම ට්‍රයි කළා.
    Win 7 වලට වැඩ කරන්නේ නෑ නේද?

    ReplyDelete
  2. ව‍‍ටින වැඩක්. උත්සහ කරලා බලමු

    ReplyDelete
  3. @Thushantha Win 7 වලට නම් මම ට්‍රයි කලේ නෑ.ඒත් CD එක Boot වෙනව නම් ගොඩක් වෙලාවට වැඩ කරනව.Vista and XP වලට මේක එළටම වැඩ.

    ReplyDelete
  4. @පෙදරේරුවා නොහොත් මේසන් බාස් ස්තුතියි මේ පැත්තට ආවට.ඔව් ඔව් ට්‍රයි කරල බලන්නකො.

    ReplyDelete
  5. niyamai
    puppy Linux walinuth oya wada tika karaganna puluwan.

    ReplyDelete
  6. @Anonymous ස්තුතියි මේ පැත්තට ආවට.ඔව් Linux,Ubuntu වගේ Live CD එකකින් මේ වැඩේ කරන්න පුලුවන්.

    ReplyDelete
  7. Replies
    1. Methanin gann - http://www.hirensbootcd.org/files/Hirens.BootCD.15.2.zip

      Delete