Open top menu
Wednesday 4 January 2012

අද නිකමට වගේ Odesk වලට ගිහින් බැලුව මම කොච්චර මුදලක් මේ වෙනකොට Odesk වලින් අරන් තියෙනවද කියල. අම්මෝ!! ඒ ගාන දැක්ක ගමන් මටත් පුදුම හිතුන මම මෙච්චර Odesk වලින් හම්බ කරලද කියලත්.ඒත් ඇත්තටම මගේ බැංකු පොතත් බැලුවම හිතුන මෙච්චර ගානක් මට ඇවිල්ල ඇති කියල. පහළින් තියෙන්නෙ මම මාස 6 කින් වගේ Odesk වල Job කරල අරගත්ත මුදල් පිළිබද කෙටි විස්තරයක්. 


නිල් පාටින් තියෙන්නෙ මම ඉස්සෙල්ලම job එක කරල ගත්ත පඩිය. ඊළගට රතු පාටින් තියෙන්නෙ මාස 6 කින් වගේ ගත්ත මුලු ගාන. ඒ කියන්නෙ $671 ක්.ලංකාවෙ මුදලින් රු.76,415.09 .මේක 6 න් බෙදුවොත් රු.12,635 ක් වගේ ගානක් එනව.ඒ කියන්නෙ මගේ මාසික ආදායම.ඒත් ඉතින් මට මාසෙන් මාසෙට නම් මේ සල්ලි ලැබුනෙ නෑ. මොකද Odesk වල job ලැබෙන්නෙ මාසෙන් මාසෙට නොවෙන නිසා.සම්හර මාසවල $10 ලැබුන අවස්ථාත් තියෙනව.

ඒ වගේම කියන්න ඕන මට මේ රු.76,415 ක්ම ලැබුනෙත් නෑ.කට්ටිය බය වෙයි ඒ ඇයිද කියල.හරි මම කියන්නම්. ඒ ඇයි කියල, මේ සල්ලි withdraw කරනකොට Odesk එකෙ‍න් $1 ක් ගන්නව.තව Moneybookers වලින් withdraw කරනකොට $2 ක් ගන්නව.ම්ම්..අන්තිමට ලංකාවෙ බැංකුවෙනුත් ගානක් ගන්නවනේ.ඉතින් ඔහොම කැපිල කැපිල ගියාම මට ඇවිත් තියෙන්නෙ රු.50,000 ක් 60,000 ක් අතර මුදලක්.ඒත් ඉතින් ඇතිනෙ.පාට් ටයිම් job එකක් විදියට මම මේ ගැන ‍ගොඩක් සෑහීමකට පත් වෙනව.


හැබැයි සමහර job ලැබුනම මම Part time නෙමෙයි Full time ම වැඩ කලා.එහෙම වැඩ කරන්නත් මට නිදහස තිබුන.ඇත්තටම ගොඩක් job වලට පැය දෙක තුනක් නම් මහන්සි ‍වෙලා මදි.අඩුම ගානෙ දවසකට පැය 4-5 ක් වත් තියෙන්න ඕන.ඉ-මනි කඩ කරන අය කියන්නෙ මාසෙකට රු.30000 ක් හොයන්න වැඩිය මහන්සි වෙන්න ඕන නෑ කියල. ඒ කියන්නෙ දවසකට පැයක් දෙකක් වැඩ කරාම ඇති කියලනේ.එහෙම පුලුවන් නම් මටත් ගිය මාස 6 ට රු.100000 ත් පන්නල හොයන්න තිබුන.නමුත් ඇත්ත ඒක නෙමෙයි.ලංකාවෙත් සමහර අය ඉන්නව මාසෙකට රු.30000 ක් විතර හොයන අය. (Odesk වලින්) ඒ එයාලගේ තියෙන දක්ෂතාවය අනුව තමයි.

 හරි අදට මේ ඇති කියල හිතෙනව.මම ලියපු මේ දේවල් ගොඩක් අයට ප්‍රයෝජනවත් වේවී කියල හිතෙනව.මේ ලිපිය ප්‍රයෝජනවත් ‍උනා කියල හිතෙන කස්ටිය ඉන්නව නම් කොමෙන්ටුවක් දාල ගියාට කමක් නෑ.ජය වේවා...!!!
Tagged
Different Themes
Written by Lovely

Aenean quis feugiat elit. Quisque ultricies sollicitudin ante ut venenatis. Nulla dapibus placerat faucibus. Aenean quis leo non neque ultrices scelerisque. Nullam nec vulputate velit. Etiam fermentum turpis at magna tristique interdum.

24 comments:

  1. obata jayaaaaaaaaaaaaaaaaaa......

    ReplyDelete
  2. නියමයි නේ සහෝ... බොරුවට ඇඩ් ක්ලික් කරනවට වඩා තමන්ගේ දැනුමෙන් ,මහන්සියෙන් මේ වගේ දෙයක් කරලා මුදලක් හොයාගන්න එක බොහෝම සාර්ථකයි. හැබැයි odesk වලින් වැඩ කරන්නේ කොහොමද කියලා අනිත් අයටත් ටිකක් කියලා දුන්නොත් වටිනවා...

    ReplyDelete
  3. isuru chathuranga5 January 2012 at 23:32

    ana ayya mamat odesk walata job illwa.mata suddak saloon akata logo akkak hadanna dunna.mama hadana aka logo akkawat a suddata hariyanna natilu.oya waga odesk walin idiriyatama giyapu nisa matat odesa sartaka karaganna help karannako. oyata jaya patanawa......

    ReplyDelete
  4. @ Tharindu Bohoma Sthuthie..

    ReplyDelete
  5. @ anonymous ඒක නම් ඇත්ත සහෝ.ඔයා මගේ බ්ලොග් එක බලල නෑ වගේ මම ඒ ගැන ගොඩක් දේවල් මේ බ්ලොග් එකේ ලියල තියෙනව. සහයෝගයට ස්තුතියි.

    ReplyDelete
  6. @ isuru chathuranga Mama nam Logo design karala naha malli.eth oyata puluwan Odesk wala inna anik aya create karapu Logo poddak balala idea ekak ganna.ethakota oyatath puluwan wei hoda logo ekak hadaganna. Thanx..

    ReplyDelete
  7. isuru chathuranga10 January 2012 at 05:55

    feedback dunnata passa apa Profile aka kotanada pannanna.api job dana kattiyata feedback yawanna kohomada

    ReplyDelete
  8. Feedback balanna nam Odesk main page ekata gihin eke thiyena "View your public profile" kiyana link eka click karanna ona.ethakota api karana jobs,Feedback okkoma pennanawa.

    Job dena kattiyata feedback yawanna nam Job eka end karanna ona.end kalama Odesk eken apita kiyanawa Feedback denna kiyala.eka echcharama amaru na.

    ReplyDelete
  9. Isuru chathuranga14 January 2012 at 07:20

    wade karata passe mata mama yayapu aka handai kiyala awa.salli anna kopamana dawas yanawada.

    ReplyDelete
  10. @isudru Ela..ela Odesk walin withdraw karaganna nam sathiwak withara yanawa machan.ethakan inna wenawa.

    ReplyDelete
  11. isuru chathuranga15 January 2012 at 02:35

    mama ahuwa wada karata passa wada dunna kana odesk ginumata salli dawas keeyakin danawada

    ReplyDelete
  12. Isuru Odesk aya a wenakotath eyagen salli aya karan inne.kohomath oyata withdraw karanna dawas 5 - 6 k inna wei.

    ReplyDelete
  13. isuru chathuranga15 January 2012 at 17:24

    maga wada hoday kiyala kiwwa.a unata tama maga odesk account aka salli keeyakwat nata. a mokada

    ReplyDelete
  14. @Isuru Oya mehema karanna.Odesk walata gihin MyJobs kiyana tab eka click karanna.eke Myjobs yatathe Dakunu paththe EARNINGS kiyala athi.eken View pending earnings › click karanna ethakota oyata labenna thiyena mudala penewi.

    ReplyDelete
  15. thanks for the info

    ReplyDelete
  16. ELAKIRI,digatama karan palayan

    ReplyDelete
  17. a clients la aniwa salli denawada?nodi inna ayath innwada?

    ReplyDelete
  18. @Anonymous - Hourly job walata nam denawa.Fixed price job walatath denawada.samahara aya nam genwanne na.

    ReplyDelete
  19. apita job 1k haryatama hambuna kyala danaganne khmada?man apply karapu 1kin mata 1nek email krala thbba.man akata kamathi kylath kwa.eya type karanna oni awa tikath ewala thbba.bt eeta passe reply kare na.

    ReplyDelete
  20. @Anonymous - ow samaharawita ahema wenna puluwan.mokada eyata oyata wada hoda gana aduwata karana kenek labunoth eya eyawa Hire karaganna ida thiyenawa.a nisa oya mathaka thiyaganna eka message ekak yawala nikan inna epa.a gena mathak karala message yawanna.

    ReplyDelete
  21. Job application wala archived wala decline by client kyala thynwa nam a kyanne eya wena knk hire karagenada?

    ReplyDelete
  22. hourly jobs wala eyala issellama dena images type karana speed 1 anuwada job 1 dena 1 decide karanne?Aka ikmnta karala eylta kyanna onida?

    ReplyDelete
  23. @Anonymous - ow Decline by Client kiyanne eya oyawa Remove karala.a nisa oya a job ekan ain wenawa.

    ReplyDelete