Open top menu
Friday 30 December 2011

සුභ උදෑසනක් කට්ටියටම.මම කලින් පොස්ට් එකෙන් කිව්වා ඒක තමයි මේ අවුරුද්දෙ මගේ අන්තිම පෝස්ට් එක කියල.ඒත් මට හිතුන අදත් පොස්ට් එකත් දැම්මොත් හොදයි කියල.ඒ මොකද අද මේ වසරෙ අවසාන දවස නිසා. අපිට නොදැනීම කාලය හරි වේගෙන් ගෙවිල යනව නේද? මට නම් එහෙම හිතෙනව. මේ අවුරුද්ද දිහා ආයෙත් හැරිල බැලුවම මේ අවුරුද්දෙ මුලදි කරපු දේවල් හරියට අද ඊයෙ කලා වගේ.ඒ තරමටම කාලය කෙටි වෙල වගේ.

කට්ටිය බලයි මොකද මේ මාතෘකාවට "අද තමයි හොදම දවස"  කියල දැම්මෙ කියල.කතාව මේකයි, අපිට ආපස්සට මේ අවුරුද්ද දිහා හැරිල බලන්න තියෙන හොදම දවස අදයි.ඒ මොකද අද 2011 දෙසැම්බර් 31 ඒ කියන්නෙ මේ අවුරුද්දෙ අවසාන දවස.හෙට අලුත් අවුරුද්දක් පටන් ගන්නව අලුත් බලාපොරොත්තුත් එක්ක.ඉතින් අන්න ඒ නිසා අපිට පුලුවන් අද දවසේ අපි මේ අවුරුද්දෙ අපේ ජීවිතයට ලබා ගත්ත හොද දේවල් මොනාද?,නරක දේවල් මොනාද?,අපි පැරදුන තැන් කොතනද? ඔන්න ඔය වගේ දේවල් ගැන නැවතත් ආවර්ජනය කරල ඊළග අවුරුද්දට සාර්ථකව මුහුණ දෙන්න.
ගිය සතියෙ අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල නිකුත් උනා.ටික දෙනෙක් කැම්පස් තේරුණ.තවත් ටික දෙනෙක් කැම්පස් යන්න ලකුණු ටිකක් මදි වෙන්න ඇති.තවත් අයට විෂයන් 3ම නැතිව ඇති. ඒත් අපි කවුරුත් අසමත් වෙලා නෑ.උසස් පෙළ කියන්නෙ ජීවිතේ තවත් එක කඩයිමක් විතරයි.කැම්පස් තබා සාමාන්‍යපෙළ වත් පාස් නැති සමහර අය අද ධනවත් ව්‍යාපාරිකයො වෙලා ඉන්නව.ඒක ඔයාලත් දැකල ඇති.අද අපේ දෙමව්පියො,ගුරුවරු,නෑදෑයො,සමාජෙ ඉන්න මිනිස්සු හිතන්නෙ උසස් පෙළ පාස් වෙලා කැම්පස් යන්න බැරි උනාම ඌට මුකුත් බෑ කියල.(ඒ අත්දැකීම් මටත් තියෙනව) ඒත් ඇත්ත කතාව ඒක නෙමෙයි.

කැම්පස් යන්න බැරි උන නංගිල මල්ලිල ඉන්නව නම් මේ දේ හොදට හිතට ගන්න. දුක් වෙවී ඉදල නම් වැඩක් නෑ.අදම ගේමට බහින්න.ආයෙ උසස් පෙළ කරනව නම් අදම හිතාගන්න මම මේ අවුරුද්දෙ කොහොමහරි උසස් පෙළ ගොඩ දාගෙන කැම්පස් යනව කියල.කැම්පස් යන්න අකමැති අයත් ඉන්නවනේ (මම වගේ) ඒ අයට පුලුවන් තමන් කැමති වෘත්තීය පැත්තකට යොමු වෙන්න.ඒ කියන්නෙ මෝටර් කාර්මික,පරිගණක,ඉදිකිරීම තාක්ෂණය වගේ ගොඩක් පාඨමාලා තියෙනව ඒ අයට කරන්න.ඇත්තමට අපි දන්නෙ නෑ අපි  දක්ෂ මොනවටද කියල.

තවම තීරණයක් අරන් නැති අයට අද තමයි හොදම දවස.මේ අවුරුද්ද ගැන ආපහු හිතල බලන්න.ඔයාට වැරදුන තැන්,අතපසු උන තැන් ඒවගෙන් ලබපු අත්දැකීම් එක්ක ඔයාට පුලුවන් ලබන අවුරුද්දෙ ඔයාගෙ ජීවිතය සාර්ථක කරගන්න.ඒ කියන්නෙ හෙට ඉදල.

තවත් දෙයක් (මේක මගේ මතයක්) ඔය පත්තර වල එහෙම තියෙනව ඔයාට 2012 මෙහෙමයි,ඔහොමයි කියල. ඒව ගැන නම් වැඩිය හිතන්න එපා.ඒවගේ තියෙනව ආර්ථික අතින් අමාරු වෙන්න පුලුවන්,ආදරය අවුල් වෙන්න පුලුවන්.ඇත්තටම ඒව වෙන්න පුලුවන්ද? ඒක තියෙන්නෙ අපේ අතේ.අපි ගමු ව්‍යාපාරයක් කරන කෙනෙක් එයා පොඩ්ඩක් කම්මැලි කමෙන් තමයි ව්‍යාපාරෙ කරන්නෙ.එතකොට ඉතින් එයාගෙ ලාබෙත් අඩු වෙනවනෙ. ඉතින් ඔන්න මිනිහට ආර්ථික අපහසුකම්.ඔන්න ඉතින් මිනිහටත් හිතෙනව ආ..පත්තරෙ තිබ්බ කතාව නම් ඇත්ත තමයි කියල. ඒත් ඒක සම්පූර්ණෙන්ම වැරදියි.මොකද ආර්ථික අමාරුකම් කරගත්තෙ මිනිහගේ අතින්ම නේද? ඔන්න ඕකයි සැබෑ තත්වෙ.

අන්තිමට කියන්නම් මේ දේ රැකියාවක් කරන කෙනෙක් උනත්,ඉගෙන ගන්න කෙනෙක් උනත් හිතන්න ඕන හෙට ඉදන් උදා වෙන අලුත් අවුරුද්දෙ අපි මොනාද කරන්න බලාපොරොත්තු වෙන්නෙ කියල.ජීවිතයට ඉලක්කයක් තියා ගන්න.ගොඩක් අය කරන්නෙ "දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්න එකනේ" අපිට ඊට වඩා වෙනස් වෙන්න පුලුවන්.ජීවිතේ කියන්නෙ බලාපොරොත්තුත් එක්ක ජීවත් වෙන එක කියලයි මට හිතෙන්නෙ.අනික ජීවිතය විදවන්න එපා.ජීවිතය විදින්න. සමහර අය තමන්ට නොලැබුන දේ ගැන හිත හිතා මුලු අවුරුද්දම ගෙවනව.හැබැයි එයාලගේ ආයු කාලය ඉතා කෙටියි.ඒ නිසා මේ අවුරුද්දෙ ඔයාට නැති උන දේවල් ගැන හිතන්න එපා. ඔයාට ලබන අවුරුද්දෙ ලැබෙන්න තියෙන දේවල් ගැන හිතන්න.එතකොට ජීවිතේ හරිම ලස්සන වේවි. එහෙනම් මේ අවුරුද්දට මෙච්චරයි.අපි ලබන අවුරුද්දෙදි හම්බ වෙමු.ඒ වගේම මගේ Blog අඩවිය සමග පුරා වසරක් රැදී සිටි ඔබ සැමට මාගේ ස්තුතියිය.

ඔබ සැමට සාමය සතුට පිරි,අනාගත පැතුම් ඉටු වෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා... !


Different Themes
Written by Lovely

Aenean quis feugiat elit. Quisque ultricies sollicitudin ante ut venenatis. Nulla dapibus placerat faucibus. Aenean quis leo non neque ultrices scelerisque. Nullam nec vulputate velit. Etiam fermentum turpis at magna tristique interdum.

2 comments:

  1. ඔබටත් ජය සතුට සාමය සපිරි සුභ නව වසරක් වෙවා !!!

    ReplyDelete