Open top menu
Saturday 26 November 2011

ඉතින් කොහොමද? මේ පෝස්ට් එකත් ඉක්මනින්ම දාන්නම් කියල හිටියෙ.ඒත් ඉතින් වැඩත් එක්ක ඒවට වෙලාවක් තිබුනෙ නෑ.කොහොමහරි අද නම් පොස්ට් එක දාන්න කියල තමයි ආවෙ.

ම්..මම කලින් පොස්ට් එකේදී (Internet Money පිළිබද මගේ අත්දැකීම් 2) කතා කලානෙ Odesk වල මම මුලින්ම Job එක හොයාගත්ත හැටි,ඒකෙදි ලැබුණ මුදල් ගැන එහෙමත් කිව්වනෙ.අද මම කියන්න යන්නෙ ඒ ලැබුණ මුදල් ලංකාවට ගෙන්නුව හැටි.

මගේ මුල්ම Job එකෙන් මට ලැබුනෙ $25 ක් නේ.මේ මුදල ලංකාවට ගෙන්න ගන්න එකත් මට ප්‍රශ්නයක් උනා.ඒ මොකද මම කලින් මේ විදියට ලංකාවට කොහෙන්වත් මුදල් ගෙන්වල නැති නිසා.මම මේ ගැන අන්තර්ජාලයේ පොඩි Search එකක් දාල බැලුව.ඒකෙදි දැනගන්න පුලුවන් උනා Moneybookers කියන අන්තර්ජාල බැංකු සේවයෙන් Odesk වල තියෙන මුදල් ලංකාවට ගෙන්නව ගන්න පුලුවන් කියල.

Odesk වලත් Payment Methods හතරක් තියෙනව.පහළින් තියෙන්නෙ ඒ Methods හතර.
ඉතින් මේ ක්‍රම හතරෙන් මට ලේසියෙන්ම ලංකාවට මුදල් ගෙන්වන්න පුලුවන් ක්‍රමය උනේ Moneybookers අන්තර්ජාල බැංකුව මගින් ලංකාවට මුදල් ගෙන්වන එක.ඉතින් මම Odesk හරහා Moneybookers ගිණුමක් ආරම්භ කලා.Moneybookers වල ගිණුමක් ආරම්භ කරන්න අපෙන් මුදල‍් අය නොකරන නිසා ඇත්තටම ඒක අපිට ලොකු වාසියක්.තව දෙයක් කියන්න ඕන Paypal කියන අන්තර්ජාල බැංකු සේවයට ලංකාවෙ අයට මුදල් යවන්න බෑ. (පස්සෙ කාලෙක මට හොද වැඩක් උනා Paypal වලට සල්ලි යවල.ඒක පස්සෙ කියන්නම්)

‍ඉතින් මම Moneybookers ගිණුම හදල මගේ $25 ඒකට යැව්ව.ඒත් Moneybookers ගිණුමට $25 ක් ම ගියෙ නෑ.ඒ මොකද Odesk වලින් $1 ක් withdrawal Fee විදියට ගන්නව. ඉතින් මගේ Moneybookers ගිණුමට යන්නෙ $24 යි.withdrawal Complete උනාම Odesk වලින් කියනව අපේ Moneybookers ගිණුමට පැය දෙකකින් වගේ මුදල් යයි කියල.ඒත් මගේ අත්දැකීම අනුව නම් ඊට වඩා ඉක්මනින් ගිණුමට මුදල් යනව.

හ්ම්..දැන් තමයි වැ‍ඩේ.ඔන්න Moneybookers ගිණුමට මගේ සල්ලි ටික ආව.දැන් ඉතින් මේක ලංකාවට යවන්නෙ කොහොමද?ඒක තමා ඊළග ප්‍රශ්නෙ.Internet එකේ එහෙම පොඩ්ඩක් බලල Moneybookers වලට ලංකාවෙ බැංකු ගිණුමක් ඇතුළත් කරන හැටි දැන ගත්ත.ඒක එච්චර අමාරු වැඩක් නම් නෙමෙයි.කොහොමහරි Moneybookers වලට ලංකාවෙ බැංකු ගිණුමක් ඇතුල් කරනකොට Swift Code කියල එකක් ඉල්ලනව.මම ඒ වෙනකොට ඒ ගැන දැනන් හිටියෙ නෑ.ඒත් Internet එකේ search කලාම ඒ ගැන විස්තර දැනගන්න පුලුවන් උනා.ඒ වගේම ලංකාවෙ බැංකුවල Swift Code ටිකත් හොයාගන්න පුලුවන් උනා.මේ තියෙන්නෙ ඒ වෙබ් අඩවිය - http://www.theswiftcodes.com/sri-lanka/ 

Swift Code එක එහෙම දාල මම මගේ ලංකා බැංකුවෙ (BOC) ගිණුම Moneybookers වලට ඇතුළත් කළා.ඊට පස්සෙ ඕන දෙයක් වෙන්න කියල මගේ $24 withdraw කළා.withdrawal කරනවට මෙයාලත් $2.56 ක් විතර ගන්නවා.withdraw කළාට පස්සෙ මට මේල් එකක් ඇවිත් තිබුණ දවස් දෙකක් - පහක් ඇතුළත මුදල් ලංකාවට එනව කියල.මට සල්ලි එනකන්ම වැඩි විශ්වාසයක් තිබුනෙ නෑ.ලංකාවේ බැංකු ගිණුමට ගියෙ $21.44 කි.(ලංකාවෙ මුදලින් රු.2441.00)

කොහොමහරි මම දවස් හතරකින් වගේ ATM එකට මගේ Card  එක  දාල බැලුව.මෙන්න බොලේ වැඩක් මගේ ගිණුමෙ රු.2230.00 ක් වැඩිවෙල තිබුණ.පාඩු නෑනෙ වැඩේට.මොකද ලංකාවෙ බැංකුවෙනුත් වැඩි ගානක් කපල තිබුනෙ නෑ.එයාල අය කරන් තිබුනෙ රු.211 වගේ මුදලක්.හැබැයි මේ මුදල අපි එවන මුදල් ප්‍රමාණ අනුව අඩු වැඩි වෙනව කියල මතක තියාගන්න.ඉතින් මගේ කුලුදුල් Online Job එකෙ කුලුදුල් පඩිය මට අන්න ඒ විදයට ලැබුන.

අන්තිමට මටත් විශ්වාස කරන්න පුලුවන් උනා Internet Money කතාව  ඇත්තක් කියල.හරි අදට මේ ඇති කියල හිතෙනව.ඊළග පොස්ට් එකෙන් කියන්නම් Odesk වල සාර්ථක වෙන්නට පොඩි රහස් ටිකක්.ඔබේ අදහස් ,චෝදනා මේ Blog එකෙ ඉදිරි ගමනට ප්‍රයෝජනවත් වෙයි කියල හිතෙනව.එවැනි දේ ඇත්නම් පහළින් Comment එකක් දාමු.ජය වේවා..!
Tagged
Different Themes
Written by Lovely

Aenean quis feugiat elit. Quisque ultricies sollicitudin ante ut venenatis. Nulla dapibus placerat faucibus. Aenean quis leo non neque ultrices scelerisque. Nullam nec vulputate velit. Etiam fermentum turpis at magna tristique interdum.

20 comments:

  1. දාමු දාමු... ඊළඟ එකත්.

    ReplyDelete
  2. man danna taramin Haton National Bank eke ohoma salli gannawata satha pahahak wath ganne na, sampath eke 500 k gannawa ....

    ReplyDelete
  3. මම නම් ගන්නේ peoples Bank එකෙන්. එකේ කියක් ගෙන්නුවත් කැපෙන්නේ rs 100 ක් විතරයි. මන්දන්න දැනට අඩුවෙන්ම අයකරන Bank එක.usd 1 ට රුපියල් 109-110 අතර වැටෙන්නේ.

    ReplyDelete
  4. Moneybookers අකවුන්ට් එක හදා ගන්න විදිහ කිව්ව නම් මරු

    ReplyDelete
  5. අයියේ Odesk වල money withdrawal Fee එක Flat fee එකක්ද? නැත්නම් ගාණ අනුව වෙනස්වෙනවද? පලුවන්නම් අයියේ

    nishichathurika@gmail.com එකට reply එකක් දාන්න. බොහොම ස්තුතියි අත්දැකීම් බෙදාගත්තාට.

    ReplyDelete
  6. බොහොම ස්තුතියි අයියා මට ප්‍රතිචාර දැක්වූවාට. අයියාගේ ඉදිරි වැඩ කටයුතු සෑම අතින්ම සාර්තක වේවා.

    ReplyDelete
  7. සහයෝගයට බොඩක් ස්තුතියි නංගි...

    ReplyDelete
  8. mage account eka bank of ceylon negombo bank of ceylon colombo code ekama gahuwata aulak nadda?

    ReplyDelete
  9. Anonymous, bank of Ceylon - Colombo kiyala dammata aulak ne.habai oyage account number eka hariyatama denna.thanks.

    ReplyDelete
  10. Odesk එකෙන් සල්ලි අතට ගන්න තියෙන හොඳම ක්‍රමය මොකද්ද ?

    ReplyDelete
  11. Moneybookers වලට withdraw කරල ලංකාවෙ බැංකුවකට ගෙන්න ගන්න එක.

    ReplyDelete
  12. Payoneer Debit Card එක ගත්තොත් වැඩේ ඊට වඩා ලාභ නැද්ද?

    ReplyDelete
  13. අයියා නියමයි‍නේ ‍මෙ ඉංගිසි{english} උගන්වන්ඩත් ‍‍මො‍බො‍ලොක් එ‍නකන් පටන් ගන්න‍කෝ

    ReplyDelete
  14. @dumiya - අදහසට ස්තුතියි දුමියා මල්ලි.ඒත් ඒක හරියන වැඩක් නෙමෙයි.

    ReplyDelete
  15. @Sumudu - Payoneer Debit Card එක ගන්න එක නම් ලාභයි තමයි.ඒත් මට නම් අර විදිය පහසුයි.ඒහෙම ගෙන්නන අය මට තවම හමු වෙලා නම් නෑ.

    ReplyDelete
  16. ඔයාව CONECT කර ගන්න බැරිද මල්ලි

    ReplyDelete
  17. ඔයාව CONECT කර ගන්න බැරිද මල්ලි

    ReplyDelete
  18. @puluwan aiya. mail me - Pavid.lk@gmail.com

    ReplyDelete
  19. ඇත්තටම මේ ලිපිය ගොඩක් වැදගත් උනා. ඔබේ පරාර්ථකාමී ගුණය අගය කරනවා...

    ReplyDelete