Open top menu
Tuesday, 23 October 2012
Odesk ගැන ප්‍රශ්න

වැඩ වැඩ කෙලවරක් නෑ.Emoney ගැන පෝස්ට් එකක් දාන්නම් කියල හිතාගෙන හිටියට ඒක දාන්නම බැරි උනා මේ වැඩත් එක්ක.අද නම් කොහොමහරි පෝස්ට් එකක් දාන්න තමා ආවෙ නම්. ඔන්න මගේ බ්ලොග් එක බලල එක යාලුවෙක් නම් Odesk වල jobs දෙකක් විතර කරල තියෙනව.සති දෙක තුනක්ම jobs වලට Apply කර කර ඉදලම මිනිහට Odesk එකත් එක්ක එපා උනා කියල තමා මට කිව්වේ.මමත් කිව්ව තව පොඩ්ඩක් ට්‍රයි කරපන් මචන් job එකක් හම්බවෙයි කියල.

ඔන්න අන්තිමට $2 ක වගේ පොඩි Job එකක් සෙට් වෙලා.හැබැයි වැඩ නම් $2 වඩා තිබුනලු.ඉස්සෙල්ලම Job එක නිසා අමාරුවෙන් හරි ඒක ඉවර කරල.Feedback එකකුත් ලැබිල තියෙනව.Feedback තිබුණොත් තමයි ඉස්සරහට jobs ගන්න ලේසි වෙන්නෙ.ඒ නිසා අමාරුවෙන් හරි ඒ Job එක කරල Feedback එක ගත්ත නිසා ඊළගට Apply කරන Jobs වලට එයාව Hire කර ගැනීමේ සම්භාවිතාව වැඩියි.මගේ මේ බ්ලොග් එකෙන්  එක් කෙනෙක් හරි වැඩක් ගත්ත එක ගැන මම ගොඩක් සතුටු වෙනව.
(මේ තියෙන්නෙ එයාගෙ Feedback එක)
Odesk වල job කරන ගොඩක් අය ලංකාවෙත් ඉන්නව.Odesk එකේ පොඩි search පාරක් දැම්මොත් කස්ටියව බලා ගන්න පුලුවන් වෙයි.ඒ ගොඩක් අය මේ විදියට තමන්ගෙ දැනුම අනිත් අයට දෙනවද කියල නම් මම දන්නෙ නෑ.මගෙන් යාලුවෙක් ප්‍රශ්න වගයක් අහල තිබුන Odesk සම්බන්ධව.ඉතින් ඒ ගැනත් මේ ගමන්ම ලිව්ව නම් හොදයි කියල හිතෙනව.

මෙන්න එයා ඇහුන ප්‍රශ්නෙ - 
මචං ඔයාගේ පෝස්ට් එක ඔ‍ඩෙක්ස් ආධුනිකයින්ට නියමයි.මාත් ඔ‍ඩෙක්ස් වලට ඡොයින්ට් වෙලා මාසවක්වත් නෑ තාම.මං කරන්නෙත් ග්‍රැපික් ඩිසයින්.මටත් පොඩි ප්‍රස්නයක් තියෙනවා. 

1.අපි කරන ඡොබ් අප් ලෝඩ් කරලා එයාලට යවන්නේ කොහොමද. 2.ඒකට පාස්වර්ඩ් දාන්න ඕනිද. 
3.ඇලට්පේ(පේෂා)ගිණුම ඔඩෙක්ස් වලව සපෝට් කරන් නැද්ද. 

හරි අපි පළවෙනි ප්‍රශ්නෙ ඉදන්ම කතා කරමු.

1.Odesk වලත් එක එක job තියෙනවනෙ.ගොඩක් ඒව අපේ පරිගණකයෙන් කරල යවන්න ඕන.උදාහරණයක් විදියට Graphic Designing,Software Programming වගේ ඒව.අනික් ඒව සමහරවිට Website එකේම හරි Google doc වල හරි කරන්න ඕන ඒව.ඒ වගේ කරන ඒවට අපිට යවන්න දෙයක් නෑනේ.අපේ යාලුව කිව්වෙ එයා Graphic designing කරනව කියලනේ.Graphic designing කොහොමත් තමන්ගෙ Computer එකේනෙ කරන්න ඕන.ඉතින් ඒ කරන දේවල් Odesk වලින් හරි Email එකකින් හරි යවන්න පුලුවන්.මම නම් ගොඩක් වෙලාවට Email වලින් තමයි යවන්නෙ.

2. ඒකට පාස්වර්ඩ් දාන්න ඕනෙද කියල අහල තියෙනව.පාස්ඩර්ඩ් දාල නම් ඇත්තටම තේරුමක් නෑ.හැබැයි Job දෙන කෙනා Sample ඉල්ලුවොත් ගෙඩිය පිටින්ම Image එක යවන්න එපා.සුද්දො ඔක්කොම එක වගේ නෑ.සමහර සුද්දො කපටියි.ඒකට ඔයා යවන Image එකේ "Water Mark" එකක් යොදල යවන්න පුලුවන්.එතකොට ඒක ඔයාට සල්ලි ගෙවන්නෙ නැතිව පාවිච්චි කරන්න බෑ.

3. ඇලට්පේ ගිණුම ඔඩෙක්ස් වලට සපෝට් කරන්නෙ නැද්ද අහල තියෙනව.ඇලට්පේ නම් Odesk වලට සපෝට් නෑ.ඇලට්පේ මොකටද Moneybookers තියෙද්දි.මම හිතන්නෙ ලංකාවෙ අපිට ලේසිම හා ලාභම ක්‍රමේ Moneybookers කියල.

ඔක්කොම ප්‍රශ්න වලට උත්තර ලැබෙන්න ඇති කියල මම හිතනව.අනිත් අයටත් Odesk ගැන ප්‍රශ්න තියෙනව නම් අහන්න.මම පුලුවන් විදියෙන් උදව්වක් කරන්නම්.ජය වේවා..!    


Read more
Tuesday, 28 August 2012
Delete උන Files Recover කරගන්න මෙන්න නියම භාණ්ඩෙ

ගොඩ දවසකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා.පෝස්ට් එකක් දාන්නෙ නැත්තම් හිතට හරි නෑ වගේ,ඉතින් මගේ වැඩත් එක්කම මගේ බ්ලොග් එකත් එක්ක ඉන්න කස්ටියට අලුත් දෙයක් දෙන්න එපැයි.ඉතින් අදත් පොඩ්ඩක් වටින කියන දෙයක් අරන් ආව.

මේකෙන් අපේ පරිගණකයෙ තියෙන Files හදිසියේ Delete උනොත් ආයෙ ගන්න පුලුවන්.ඒ කියන්නෙ Recycle Bin එකෙ තියෙන ඒව නෙවෙයි.Recycle Bin එකෙනුත් Delete උන ඒව.පාවිච්චි කරන්නත් හරි ලේසියි.මේක දෙන්නෙ නම් සල්ලි වලට ඒත් eසිහිනයෙන් මේක නොමිලේ දෙනව.ඒ කියන්නෙ Crack එකත් එක්ක.ඕන කස්ටිය ඉන්නව නම් පහළ Link එකට ගිහින් බාගන්න.ඔන්න අපි ගියා.



Read more
Sunday, 12 August 2012
Man Vs. Man

වැඩ වැඩ වැඩ..අපි හැමෝම මැරෙනකම් ඉවරයක් නැති වැඩ.සල්ලි හොයන්න අපි ඉවරයක් නැති වැඩ.සල්ලි මොකටද..??කන්න බොන්න අදින්න පළදින්න.වෙලාවකට හිතෙනවා අපිට පිස්සු කියල.අපි අපේ කාර්‍යබහුලත්වයත් එක්ක හිරවෙලා ඉන්නේ මොකටද කියලා වෙලාවකට හිතෙනවා..සමහරු නැහිල නැහිලැ තුට්ටු දෙකක් හොයනවා..සමහරු නිකම් ඉදලා ලොකු ලොකු පඩි ගන්නවා..සමහරු අනිත් අයටත් ‍පඩි හොයන්න තමන්ගේ ජීවිත කාලෙම රස්සාවට කැප කරනවා..ඒ අස්සේ මිනිස්සු වැඩ කරන මිනිස්සුන්ට බාල්දි පෙරලනවා..ඒත් ඒ මිනිස්සුන්ට ඒවා කරා කියලා ලැබෙන දෙයක් නෑ..කුහකත්වය.ඉරිසියාව වගේ දේවල් වලින් හිත් පිරිලා..එහෙව් දේවල් කරන්නේ වැඩක් කරන්න බැරි වැඩ කරගන්න බැරි මිනිස්සු තමයි කියලත් අපි දන්නවා.හැමෝටම එහෙම අත්දැකීම් තියනවා..

රස්සාව ජීවිතේ කරන් ජීවත් වනවාට වඩා ජීවත් වෙන්න රස්සාවක් කරන එකය් හොදම කාරණාව.මොකද අපිට වටින්නේ අපේ ජීවිතේ නිසා.තමන්ගේ දක්ෂකමට කොහෙත් පිළිගැනීමක් තියෙනවා.ඒව‍ට හොද වටිනාකමක් තියනවා.ළිං මැඩියෝ වගේ ඉන්න සමහරු උඩට නගින මිනිස්සුන්ගේ කකුළින් අදිනවා.සමහර විට උන් ජය ගන්නවා .. තවත් විටක අපි ජය ගන්නවා..මොන දේ කරත් කෙලින් යන මිනිහව
වලක්වන්න කාටවත් බෑ කියල අර කකුළින් අදින මිනිහත් දන්නවා..කොයි හැටි වෙතත් පාර වදින්නේ වැඩ කරන මිනිහටමනේ කියල අපි හැමෝම දැනගන ඉන්න වෙනවා..මොකද ගල් පාරවල් පොළු පාරවල් වදින්නේ ගෙඩි තියන අඹ ගස්වලටනේ..

හැම වෙලේම කාටත් පොදු කාරණාව ප්‍රශ්ණ..ප්‍රශ්ණ නැත්නම් ජීවිතේකුත් නෑ.ජීවිතේ මුවහත් වෙන්නේ ප්‍රශ්න වලින්.අලුතින් අපිට එන ප්‍රශ්නයක් කාලෙත් එක්කම සාමාන්‍ය වෙනවා..එතකොට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ.හැබෙයි ප්‍රශ්නෙට උත්තරයකුත් අත ලගම තියනවා.ඒ උත්තරේ සොයා ගැනීමයි අපේ දක්ෂකම..ඒ වගේම නිශ්ශබ්ධව සිටීමත් ප්‍රශ්නෙට පිළිතුරක් නෙවේ..එහෙම වෙනකොට අනිත් පාර්ශවය අපේ ඔළුගෙඩි වලට අතහෝදනවා.ඕනම දරුණු ප්‍රශ්නයක් විසදන්න පුළුවන් හැටියක් තියනවා..ජීවත් වෙන ටික කාලේ අපි අනිත් මිනිස්සුන්ට ප්‍රශ්නයක් නොවුනත් අපිට සමහර මිනිස්සු ප්‍රශ්ණ වෙන වාර අනන්තයි අප්‍රමාණයි.එහෙම වෙන්නේ අපේ හිත් හොද නිසා වෙන්න පුළුවන්..හිත හොද ගෑනී හැමදාම බඩින් කිව්වේ අන්න ඒකයි.

හැමදාම කියන්නා වගේ මේ ලෝකය හරිම පුදුමාකාරයි..මේ ලෝකේ ඉන්නේ මිනිස්සු වර්ගදෙකයි හිත හොද මිනිස්සු සහ හිත හොද නැති නරුම මිනිස්සු.අපිත් අපේ තරම දැනගන..අතේ දුරින් තබා ගත යුත්තන්..ළගට ගත යුත්තන් සහ ඇසුරු නොකල යුත්තන් තරමින් දැනගෙන ජීවිතේ ගෙවන එකයි අවැසිම දේ..
 
උපුටා ගැනීම - හසිත හේරත් සොහොයුරාගේ Facebook ගිණුමෙනි.
Read more
Friday, 10 August 2012
Laptop එකෙන් Phone එකට Free Internet

දැන් කාලෙ ගොඩක් අයට Wi-fi තියෙන Laptop,Mobile Phone එහෙම තියෙනවනෙ.ඉතින් මේ Wi-fi හරහා අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න නම් අන්තර්ජාල සේවා සපයන wi-fi තියෙන Router එකක් ඕන වෙනව.(Wi-Fi ගැන කියන්න නම් ගොඩක් දේවල් තියෙනව.මම කෙටියෙන්ම තමා කිව්වෙ.ගොඩක් අය මේ ගැන දන්නවනෙ)උදාහරණයක් විදියට D-Link,Linksys වගේ ඒව.මේ තියෙන්නෙ එහෙම Wi-fi Enabled Router එකක්. (මේවට කියන්නෙ Wi-Fi Hotspot කියල)
 
 ඒ වගේම පහළින් තියෙන්නෙ Wi-fi වැඩ කරන හැටි ගැන පින්තූරයක්.දන්නෙ නැති අය ඒකෙන් සරල අදහසක් ගන්න.


මේ වගේ Router එකක් තිබුන නම් අපේ Wi-Fi තියෙන Phone එකෙන් මේ හරහා අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න පුලුවන්.ගොඩක් අය ලග මේ  වගේ Wireless Router නෑනේ (මන් ලගත් නෑ) ඉතින් ඒ වගේ අයට පාවිච්චි කරන්න පුලුවන් නියම Software එකක් තමයි Connectify කියන්නෙ.මේකෙන් කරන්නෙ අපේ Laptop එකේ Wi-Fi Hotspot එකක් හදල Laptop එකට LAN එකෙන් හරි Internet Dongle එකෙන් හරි එන Internet Connection එක බෙදාහැරීමයි.

ඒ Software එකෙන්ම DHCP POOL එකක් හදල Users ලට IP Address ලබා දෙනව.ඇත්තටම මේකත් Router එකක් වගේ තමයි.දැන් ඉතින් Wi-Fi Phone,Laptop,PC's තියෙන අයට අපේ පරිගණකය හරහා අන්තර්ජාලයට පිවිසෙන්න පුලුවන්.මේ Software එක නම් නිකන් දෙන්නෙ නෑ.ඒත් මේ වෙබ් සයිට් එකෙන් ඒක නිකන් Serial Number එකත් එක්ක දෙනව.Download කරල Install කරල බලන්න.ප්‍රශ්නයක් තිබුනොත් Comment එකක් දාන්න.

මෙතන්ට ගිහින් Software එක Download කරගන්න. 

Password: betterfreedownload.blogspot.com 

Note - After entering the serial do not forget to open the hosts file in "C: \ Windows \ System32 \drivers \ etc", then add "127.0.0.1 updates.connectify.me".
Read more
Wednesday, 8 August 2012
මූණු පොතෙන් අහුල ගත්ත  පින්තූර ටිකක්

මේ තියෙන්නෙ මූණු පොතෙන් Dwonload කරගත්ත කාලීන මාතෘකා වලට අදාළ පින්තූර ටිකක්.සමහර අය නම් මේව දැකලත් ඇති.නොදැක්ක අයට දැකගන්න ඕන් ඒ පින්තූර ටික මගේ බ්ලොග් එකටත් දැම්ම.






 සියලු අයිතිය මෙහි හිමිකරුවන් සතුය.
Read more
Saturday, 14 July 2012
Torrent Files වේගෙන්ම බාන්නෙ මෙහෙමයි

ගොඩක් අය Torrent ගැන දන්නවනේ.Torrent භාවිතා කරල Internet එකෙන් Games,Films,Software ලේසියෙන්ම Download කරගන්න අපිට පුලුවන්.ඒත් ඉතින් එහෙම Download කරන්න torrent Client Software එකක් අපේ පරිගණකයේ ස්ථාපනය කරල තියෙන්න ඕන( bittorrent වගේ ඒව.)

ඉතින් මේ Software හරහා Download වෙනකොට Download Speed එක එහෙම slow.ඉතින් මේව Download කරන්න ගියාම ගොඩක් වෙලාව නම් යනව.මේකට හොදම විසදුමක් තමයි මේ zBigz.com කියන Website එක.මේකෙන් පුලුවන් අපිට ඕන Torrent File එක Computer එකට download කරල ඒක මේ site එකට Upload කරාම ඒ site එකෙන් අපිට ඒ torrent file එක සාමාන්‍ය විදියට download කරන්න අවස්ථාව සළසල දෙනව.ඒ නිසා අපට Torrent Software දාගෙන බලන් ඉන්න ඕන නෑ.Link එක පෙන්නුවයින් පස්සෙ Internet Download Manager වගේ එකකින් ඉක්මනට ඒ torrent file එක download කරගන්න පුලුවන්.

මේ වෙබ්සයිට් එකෙන් 8GB වලට අඩු Torrent files තමා Free account එකෙන් download කරන්න දෙන්නෙ.ඊට වැඩි ඒව Download කරගන්න ඕන නම් ඉතින් Premium account එකක් ගන්න ඕන.ඒක ගන්න හැටි ඊළට පෝස්ට් එකෙන් දාන්නම්.මෙතනින් ඒ Website එකට යන්න පුලුවන්.ජය වේවා..!
Read more
Saturday, 30 June 2012
Google Adsense ම ගන්න ඕන නෑ Ads දාන්න.

සුභ උදෑසනක් කස්ටියටම.අදත් ආවේ ඉ-මනි වලට සම්බන්ධ පොඩි විස්තරයක් අරගෙන.ගොඩක් අයටගේ බ්ලොග් වලට Google adsense දෙන්නෙ නෑ මේ දවස්වල.මටත් ඒක එහෙමමයි.ඒත් ඉතින් අපිට Google adsense ම ඕන නෑ Ads ගන්න.ඒකට විකල්ප පාවිච්චි කරන්න පුලුවන්.මේ තියෙන්නෙ එහෙම විකල්ප විදියට පාවිව්ච් කරන්න පුලුවන් Ads දෙන Websites ටිකක්.කරලම බලන්නකො හොදද කියල.මමත් ටිකකට Apply කලා.


Tribalfusion
Alexa Rank - 223.
Ads Served - Banner(CPM), Pop Under(CPV), Full Page(CPV), Video(CPV).
Site Requirements - 5000+ daily hits.
Comment - Famous for CPM ads.

Paypopup
Alexa Rank - 497.
Ads Served - Banner(CPM), Pop Under(CPM & CPV), Full Page(CPV).
Site Requirements - 5000+ monthly hits.
Comment - Non English sites excepted.

Admagnet
Alexa Rank - 546.
Ads Served - Inline Text(CPC), Text(CPC), Banner(CPC & CPM), Pop Under(CPV), Full Page(CPV), Video(CPV).
Site Requirements - You have to register, they will check your site for content and get back to you.
Comment - Good contextual ads.

Adbrite
Alexa Rank - 835.
Ads Served - Inline Text(CPC), Text(CPC), Banner(CPC & CPM), Full Page(CPV), Btitepic(CPC).
Site Requirements - No particular requirements.
Comment - Easy to register, Min payout $10, Pays after 60 days.

Ero-advertising
Alexa Rank - 1473.
Ads Served - Inline Text(CPC), Text(CPC), Banner(CPM), Pop Up(CPV), Pop Under(CPV), Full Page(CPV) Page Peel(CPV), Video(CPV).
Site Requirements - No particular requirements.
Comment - They also serve adult, casino ads, min payout 10 Euros, paypal supported.

Advertising
Alexa Rank - 1958.
Ads Served - Banner(CPM), Full Page(CPV).
Site Requirements - Site in English, 50k+ monthly hits, USA and CANADA traffic preferred more.
Comment - Best CPM ad networlk in the industry, hard to get in.

Hydra
Alexa Rank - 2103.
Ads Served - Banner(CPM), Full Page(CPV).
Site Requirements - You have to register, after assessment they will get back to you.
Comment - Famous CPM ad network, min payout $50, hard to get in.

Bidvertiser
Alexa Rank - 2848.
Ads Served - Text(CPC), Banner(CPC), Ebay(CPV).
Site Requirements - Site in English, USA traffic preferred.
Comment - One of the best CPC ad network, easy to register, good contextual ads.

Clickbooth
Alexa Rank - 3572.
Ads Served - Text(CPA), Banner(CPA).
Site Requirements - No particular requirement.
Comment - You get paid only if product is sold or particular action is performed.

Chitika
Alexa Rank - 4141.
Ads Served - Text(CPA), Banner(CPA).
Site Requirements - No particular requirements.
Comment - Search targeted advertisements .

Azoogleads
Alexa Rank - 4262.
Ads Served - Text(CPA), Banner(CPA).
Site Requirements - No particular requirements.
Comment - Best CPA ad network.

Neverblue
Alexa Rank - 4398.
Ads Served - Text(CPA), Banner(CPA).
Site Requirements - No particular requirements.
Comment - you can register even without a website, Phone verification required.

Kontera
Alexa Rank - 4549.
Ads Served - Inline Text(CPC), Inline Banner(CPC),Inline Video(CPV).
Site Requirements - Site language must be English.
Comment - All ads are Inline only.

Fpctraffic
Alexa Rank - 6373.
Ads Served - Text(CPC), Banner(CPM), Pop Under(CPM), Full Page(CPV).
Site Requirements - No particular requirements.
Comment - Mostly adult ads are shown, min payout $50.

Valueclickmedia
Alexa Rank - 7126.
Ads Served - Banner(CPC & CPM), Pop Under(CPV), Full Page(CPV).
Site Requirements - Site in English, 3000+ monthly hits.
Comment - Min payout $25.

Casalemedia
Alexa Rank - 9066.
Ads Served - Banner(CPM).
Site Requirements - Site in English, 10000+ monthly unique hits.
Comment - One of the best CPM based ad network, 70% of revenue is given to publisher, min payout $25.

Burst
Alexa Rank - 11852.
Ads Served - Banner(CPM), Full Page(CPV).
Site Requirements - Site in English, 25000+ monthly hits.
Comment - Again one of the best CPM ad network, hard to get in.

Axill
Alexa Rank - 14628.
Ads Served - Text(CPA), Banner(CPM & CPA).
Site Requirements - No particular site requirements .
Comment - Easy to register.

Adtoll
Alexa Rank - 18473.
Ads Served - Inline Text(CPC), Text(CPC), Banner(CPC & CPM), Pop Under(CPV), Pop UP (CPV), Full Page(CPV), Peel Away(CPC), Video(CPV), Button(CPC).
Site Requirements - No particular site requirement
Comment - All types of ads you can imagine are supported.

Motiveinteractive
Alexa Rank - 26615.
Ads Served - Text(CPA), Banner(CPA).
Site Requirements - No particular site requirements.
Comment - Earnings are strictly per action.

Xapads
Alexa Rank - 42723.
Ads Served - Text(CPC), Banner(CPC & CPM), Pop Under(CPV), Popup(CPV), Full Page(CPV).
Site Requirements - Site in English.
Comment - Adult ads, Incentive clicking allowed, minimum payout $50.

Glammedia
Alexa Rank - 44202.
Ads Served - Text(CPC), Banner(CPC & CPM), Full Page(CPV).
Site Requirements - 100K+ monthly hits, 3 months minimum blogging.
Comment - Only for fashion and related sites, blogs.

Hooqy
Alexa Rank - 46136.
Ads Served - Inline Text(CPC), Text(CPC), Banner(CPC & CPM), Full Page(CPV).
Site Requirements - Site in English, 25000+ monthly hits.
Comment - Easy to register, min payout $50.

Adversal
Alexa Rank - 65360.
Ads Served - Text(CPC), Banner(CPC & CPM).
Site Requirements - Site in English.
Comment - Min payout $20.



Note:
The sorting is done using alexa page rank and not by the number of people using them.
CPC - Cost Per Click
CPM - Cost per Thousand Impressions
CPA - Cost Per Action
CPV - Cost Per View
 
 
Read more
Friday, 29 June 2012
no image

ඔන්න මේ මාසෙ දෙවෙනි පෝස්ට් එක.හැබැයි මේක නම් විශේෂ දෙයක් නෙමෙයි.ගොඩක් අය මේ ගැන දන්නවත් ඇති.කමක් නෑ දන්නෙ නැති අය ඉන්නව නම් මේ පෝස්ට් එකෙන් එයාලට ප්‍රයෝජනයක් වෙයි.මම මේක දාන්න හිතුවෙ මගේ සමහර මිතුරන් උනත් මේ ගැන නොදැන හිටිය නිසයි.

හරි මේකයි වැඩේ.ඔයාල කවුරුත් දන්නවනෙ Google ගැන.ඒ ගැන ඉතින් ආයෙ කියන්න ඕන නෑනේ.Google ආයතනය දෙන සේවාවලින් එකක් තමා Google Image Search කියන පහසුකම.ඒකෙන් අපිට ඕන පින්තූර ලේසියෙන්ම හොයගන්න පුලුවන් ඒ Image එකෙ නම Type කරල.හැබැයි දැන් ටික කාලෙක ඉදල මේ සේවාවෙන් අපිට ඕන Image එකක් මේ Search Bar එකට ඇදල දාල (Drag and Drop) ඒ Image එකේ විස්තර හොයාගන්න පුලුවන්.තවම මේ ගැන බැලුවෙ නැත්නම් පොඩ්ඩක් Try කරල බලන්නකො.

මේකෙන් Fake Facebook Profile අදුරගන්නත් පුලුවන්.ඒ කොහොමද? ඒ මෙහෙමයි.සමහර Girls ලගේ Facebook Profile Photos වල ලස්සන ලස්සන Photo දාල තියෙනවනේ.ඉතින් අපේ සමහර අයියල,මල්ලිල මේවට වහ වැටෙනව මොකද මේ ඉන්නෙ ඇත්තම ඇත්ත ලංකාවෙ Girl කෙනෙක් කියල.ඒ Photo වලට Comments එහෙමත් හොදට තියෙනව.ඉතින් ඒ photo එක ඇත්තම එකක්ද කියල බලන්න ඕන නම් ඒක Save කරල google image එකේ search bar එකට ඇදල දාන්න.එතකොට ඒක Indian girl කෙනෙක්ගෙ හරි වෙන රටක Girl කෙනෙක්ගෙ නම් ඒ Photo එක තියෙන වෙනත් Website වගේම ඒ පුද්ලයගේ තොරතුරුත් ලැබෙනව.ඉතින් එහෙම ලේසියෙන්ම Fake FB Profile එකක් අදුරගන්න පුලුවන්.

ඒ විතරක් නෙමෙයි මේකෙන් තව ගොඩක් වැඩ ගන්න පුලුවන්.පාවිච්චි කරල නැත්නම් පාවිච්චි කරල බලන්න.එහෙනම් අපි ගියා.
Read more