Open top menu
Friday, 30 December 2011
අද තමයි හොදම දවස...

සුභ උදෑසනක් කට්ටියටම.මම කලින් පොස්ට් එකෙන් කිව්වා ඒක තමයි මේ අවුරුද්දෙ මගේ අන්තිම පෝස්ට් එක කියල.ඒත් මට හිතුන අදත් පොස්ට් එකත් දැම්මොත් හොදයි කියල.ඒ මොකද අද මේ වසරෙ අවසාන දවස නිසා. අපිට නොදැනීම කාලය හරි වේගෙන් ගෙවිල යනව නේද? මට නම් එහෙම හිතෙනව. මේ අවුරුද්ද දිහා ආයෙත් හැරිල බැලුවම මේ අවුරුද්දෙ මුලදි කරපු දේවල් හරියට අද ඊයෙ කලා වගේ.ඒ තරමටම කාලය කෙටි වෙල වගේ.

කට්ටිය බලයි මොකද මේ මාතෘකාවට "අද තමයි හොදම දවස"  කියල දැම්මෙ කියල.කතාව මේකයි, අපිට ආපස්සට මේ අවුරුද්ද දිහා හැරිල බලන්න තියෙන හොදම දවස අදයි.ඒ මොකද අද 2011 දෙසැම්බර් 31 ඒ කියන්නෙ මේ අවුරුද්දෙ අවසාන දවස.හෙට අලුත් අවුරුද්දක් පටන් ගන්නව අලුත් බලාපොරොත්තුත් එක්ක.ඉතින් අන්න ඒ නිසා අපිට පුලුවන් අද දවසේ අපි මේ අවුරුද්දෙ අපේ ජීවිතයට ලබා ගත්ත හොද දේවල් මොනාද?,නරක දේවල් මොනාද?,අපි පැරදුන තැන් කොතනද? ඔන්න ඔය වගේ දේවල් ගැන නැවතත් ආවර්ජනය කරල ඊළග අවුරුද්දට සාර්ථකව මුහුණ දෙන්න.
ගිය සතියෙ අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල නිකුත් උනා.ටික දෙනෙක් කැම්පස් තේරුණ.තවත් ටික දෙනෙක් කැම්පස් යන්න ලකුණු ටිකක් මදි වෙන්න ඇති.තවත් අයට විෂයන් 3ම නැතිව ඇති. ඒත් අපි කවුරුත් අසමත් වෙලා නෑ.උසස් පෙළ කියන්නෙ ජීවිතේ තවත් එක කඩයිමක් විතරයි.කැම්පස් තබා සාමාන්‍යපෙළ වත් පාස් නැති සමහර අය අද ධනවත් ව්‍යාපාරිකයො වෙලා ඉන්නව.ඒක ඔයාලත් දැකල ඇති.අද අපේ දෙමව්පියො,ගුරුවරු,නෑදෑයො,සමාජෙ ඉන්න මිනිස්සු හිතන්නෙ උසස් පෙළ පාස් වෙලා කැම්පස් යන්න බැරි උනාම ඌට මුකුත් බෑ කියල.(ඒ අත්දැකීම් මටත් තියෙනව) ඒත් ඇත්ත කතාව ඒක නෙමෙයි.

කැම්පස් යන්න බැරි උන නංගිල මල්ලිල ඉන්නව නම් මේ දේ හොදට හිතට ගන්න. දුක් වෙවී ඉදල නම් වැඩක් නෑ.අදම ගේමට බහින්න.ආයෙ උසස් පෙළ කරනව නම් අදම හිතාගන්න මම මේ අවුරුද්දෙ කොහොමහරි උසස් පෙළ ගොඩ දාගෙන කැම්පස් යනව කියල.කැම්පස් යන්න අකමැති අයත් ඉන්නවනේ (මම වගේ) ඒ අයට පුලුවන් තමන් කැමති වෘත්තීය පැත්තකට යොමු වෙන්න.ඒ කියන්නෙ මෝටර් කාර්මික,පරිගණක,ඉදිකිරීම තාක්ෂණය වගේ ගොඩක් පාඨමාලා තියෙනව ඒ අයට කරන්න.ඇත්තමට අපි දන්නෙ නෑ අපි  දක්ෂ මොනවටද කියල.

තවම තීරණයක් අරන් නැති අයට අද තමයි හොදම දවස.මේ අවුරුද්ද ගැන ආපහු හිතල බලන්න.ඔයාට වැරදුන තැන්,අතපසු උන තැන් ඒවගෙන් ලබපු අත්දැකීම් එක්ක ඔයාට පුලුවන් ලබන අවුරුද්දෙ ඔයාගෙ ජීවිතය සාර්ථක කරගන්න.ඒ කියන්නෙ හෙට ඉදල.

තවත් දෙයක් (මේක මගේ මතයක්) ඔය පත්තර වල එහෙම තියෙනව ඔයාට 2012 මෙහෙමයි,ඔහොමයි කියල. ඒව ගැන නම් වැඩිය හිතන්න එපා.ඒවගේ තියෙනව ආර්ථික අතින් අමාරු වෙන්න පුලුවන්,ආදරය අවුල් වෙන්න පුලුවන්.ඇත්තටම ඒව වෙන්න පුලුවන්ද? ඒක තියෙන්නෙ අපේ අතේ.අපි ගමු ව්‍යාපාරයක් කරන කෙනෙක් එයා පොඩ්ඩක් කම්මැලි කමෙන් තමයි ව්‍යාපාරෙ කරන්නෙ.එතකොට ඉතින් එයාගෙ ලාබෙත් අඩු වෙනවනෙ. ඉතින් ඔන්න මිනිහට ආර්ථික අපහසුකම්.ඔන්න ඉතින් මිනිහටත් හිතෙනව ආ..පත්තරෙ තිබ්බ කතාව නම් ඇත්ත තමයි කියල. ඒත් ඒක සම්පූර්ණෙන්ම වැරදියි.මොකද ආර්ථික අමාරුකම් කරගත්තෙ මිනිහගේ අතින්ම නේද? ඔන්න ඕකයි සැබෑ තත්වෙ.

අන්තිමට කියන්නම් මේ දේ රැකියාවක් කරන කෙනෙක් උනත්,ඉගෙන ගන්න කෙනෙක් උනත් හිතන්න ඕන හෙට ඉදන් උදා වෙන අලුත් අවුරුද්දෙ අපි මොනාද කරන්න බලාපොරොත්තු වෙන්නෙ කියල.ජීවිතයට ඉලක්කයක් තියා ගන්න.ගොඩක් අය කරන්නෙ "දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්න එකනේ" අපිට ඊට වඩා වෙනස් වෙන්න පුලුවන්.ජීවිතේ කියන්නෙ බලාපොරොත්තුත් එක්ක ජීවත් වෙන එක කියලයි මට හිතෙන්නෙ.අනික ජීවිතය විදවන්න එපා.ජීවිතය විදින්න. සමහර අය තමන්ට නොලැබුන දේ ගැන හිත හිතා මුලු අවුරුද්දම ගෙවනව.හැබැයි එයාලගේ ආයු කාලය ඉතා කෙටියි.ඒ නිසා මේ අවුරුද්දෙ ඔයාට නැති උන දේවල් ගැන හිතන්න එපා. ඔයාට ලබන අවුරුද්දෙ ලැබෙන්න තියෙන දේවල් ගැන හිතන්න.එතකොට ජීවිතේ හරිම ලස්සන වේවි. එහෙනම් මේ අවුරුද්දට මෙච්චරයි.අපි ලබන අවුරුද්දෙදි හම්බ වෙමු.ඒ වගේම මගේ Blog අඩවිය සමග පුරා වසරක් රැදී සිටි ඔබ සැමට මාගේ ස්තුතියිය.

ඔබ සැමට සාමය සතුට පිරි,අනාගත පැතුම් ඉටු වෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා... !


Read more
Tuesday, 27 December 2011
මොනවද මේ Fixed-Price  හා Hourly Job කියන්නෙ?

නත්තලත් ඉවරයි නේද?  මටත් වැඩ වැඩි නිසා ගොඩ දවසකින් පෝස්ට් එකක් වත් දාන්න බැරි උනා. ඔන්න අද නම් ආවේ සීතලේ ගැහි ගැහි හරි මේ පොස්ට් එකක් දාන්න කියල හිතාගෙනමයි. මේකත් ඉතින් වෙනද වගේ Odesk ගැන කතාවක් තමා. මේක ලියන්නෙ දැනට Odesk වල job කරන අයට දැනගන්න නම් නෙමෙයි. අලුතින් Odesk වලට එන අයට උදව්වක් විදියට තමා මේක දාන්නෙ.අද කියන්න යන්නෙ Odesk වල තියෙන Fixed-Price  හා Hourly Job ගැනයි.

Odesk ගැන ගොඩක් දෙවල් මගේ පසුගිය ලිපි වල දාල තිබුන.කලින් ලිපියෙ තිබුණ Odesk Cover Letters ලියන්නෙ කොහොමද කියල බැලුවෙ නැති අය ඉන්නව නම් ඒවත් බලලම එන්න. එතකොට ඔයාලට ඒ ගැන පොඩ්ඩක් හරි අවබෝධයක් ලබා ගන්න පුලුවන්. හරි මම කතාවට බහින්නමකො. අපේ සැබෑ ලොකෙත් පැයට පඩි ගෙවන රැකියා වගේම වැඩේ ඉවර උනාමත් පඩි ගෙවන රැකියා තියෙනව. මෙන්න මේ සංකල්පයම Odesk වලත් තියෙනව. හැබැයි පොඩ්ඩක් වෙනස් විදියට.මම කියන්නම් ඒ කොහොමද කියල.ඒක කියන්න කලින් පහළ තියෙන පින්තූරෙ බලල ඉමුකෝ.


මේ පින්තූරෙ තියෙන්නෙ
Odesk වල දාල තිබුන job වලින් කොටසක්. රතු පාටින් පෙන්නල තියෙන්නෙ Fixed-Price Job එකක් හා   Hourly Job එකක්. Fixed-Price Job එකෙ තියෙනව ‍ඒ Job එකට $750 ක් ගෙවනව කියල.ඒ වගේම Hourly Job එකෙ තියෙනව සතියකට පැය 40 ක් අපිට තියෙන්න ඕන.මාස 3 සිට 6 දක්වා කරන්න ඕන කියල.(සමහරවිට මේක වෙනස් වෙන්න පුලුවන්) ගොඩක් අය කරන්නෙ Fixed-Price Job තමයි.හැබැයි මේවට Odesk එකෙන් වග කියන්නෙ නෑ.ඒ කියන්නෙ අපි job එක ඉවර කලාට අපිට job එක දුන්නු අයට පුලුවන් අපිට ගෙවන්නෙ නැතිව ඉන්න.(ගොඩක් වෙලාවට එහෙම වෙන්නෙ නෑ.ඒත් සමහර අය එහෙම කරන්න ඉඩ තියෙනව.මට ඒ වගේ වැඩක් උනා) 

අපි ඊළගට බලමු Hourly Job ගැන.ඇත්තමට Hourly Job වල නම් අපිට මුදල් ලැබෙන එක ෂුවර්.ඒ මොකද අපි Hourly Job කරන්නෙ අපිට පැයකට මේච්චර මුදලක් ඕන කියල. ඉතින් අපි වැඩ කරන පැය ගානට අපිට මුදල් ලැබෙනව.නියමයි නේද? ඔයාලට ප්‍රශ්නයක් එන්න පුලුවන් කොහොමද අපි වැඩ කරන පැය ගාන හරියටම බලාගන්නෙ කියල.ඒ වෙන්නෙ මෙන්න මෙහෙමයි.Odesk වලින් අපිට දෙනව oDesk Team application  කියල පොඩි Software කෑල්ලක්.  Hourly Job කරනව නම් අපි මේක අනිවාර්යෙන්ම Install කරගන්න ඕන.මේ Software එක නැතිවත් අපිට  Hourly Job කරන්න පුලුවන්.ඒත් අපිට සල්ලි ලැබෙන එක ෂුවර් නෑ.මට ඒ වගේ සිද්ධියක් උනා මම මේකට ආව මුල් දවස්වල.මේකයි සිද්ධිය.

මුල් දවස්මලම මම  Odesk වල Fixed-Price Job විතරයි කලේ.එක දවසක් Hourly Job එකක් සෙට් උනා.කරන්න තිබුනේ Google Data Feed එකක් Excel වල හදන එක.කොටින්ම කිව්වොත් Copy-paste ජොබ් එකක්. ඉතින් මමත් කට්ට කාගෙන මේක ඉවර කලා.මම පැය 8-10 වැඩ කලා.ජොබ් එකත් ඉවර උනා ඒ සල්ලි ඇවිත් නෑ.මම ඉල්ලුවෙ පැයකට $2.50 ක් වගේ තමයි මතක.ඒ කියන්නෙ අපි Hourly Job කරනකොට එයාල දෙන Software එක Online තියාගෙන තමා වැඩ කරන්න ඕන.ඒක මම දන්නෙ පස්සෙ.පහලින් තියෙන පින්තූරෙ බලන්නකො.ඊට පස්සෙ ඉතිරි විස්තරේ කියන්නම්.
   මේ තියෙන්නෙ අපිට job එකක් ලැබුනම ඒ ගැන විස්තර පෙන්වන ආකාරය.Hourly Job කරනකොට අපි Software එක දාගෙන කලේ නැත්නම් උඩ තියෙන පින්තූරේ රතු පාටින් තියෙන කොටුව ඇතුලෙ පෙන්නන්නෙ $0 කියල. Software එක දාගෙන කලොත් ඉබේම අපි වැඩ කන පැය ගණනයි,මුදලුයි අර රතු පාටින් තියෙන කොටුව ඇතුලේ පෙන්නනව. ඉතින් මටත් දැන් මාර අප්සට් වැඩේට.මොකද මේච්චර අමාරුවෙන් කරපු Job එකට සල්ලි ලැබෙන්නෙ නෑ කියල දැනගත්ත නිසා.

අන්තිමට මම Odesk එකෙන් Chat එකක් දාල උදව්වක් ගත්තා.එයාල කිව්වා work diary එකට Manual time එකතු කරන්න කියල.ඒ කියන්නෙ අර Software එකෙන් ඉබේම කරන දේ වෙනුමට මට job එක දුන්න කෙනාගෙන් අහල මට කැමති පැය ගානක් දාගන්න කිව්වා.හැබැයි ඒවට මුදල් ලැබෙන එක තීරණය වෙන්නෙ මට  job එක දුන්න කෙනා මුදල් දුන්නොත් විතරයි කියලත් කිව්වා.ඉතින් මමත් ඕන දෙයක් කියල පැය 7 ක්ද කොහෙද දැම්ම. අන්තිමට මට job එක දුන්න කෙනාගේ හොදකම නිසා එයා මට ඒ පැය ගානට මුදල් නිකුත් කලා.

කතාව නම් ගොඩක් දිග උනා.මම මේ පොස්ට් එකෙන් කියන්න අදහස් කලේ මේකයි අපිට Fixed-Price Job කරනවට වඩා Hourly Job  කරන එක ගොඩක් විශ්වාසයි.ඒ කියන්නෙ මුදල් ලැබෙන එක ෂුවර්.හැබැයි ඉතින් Hourly Job කරන්න නම් Odek එකේ Feedback එක හොද තත්වෙක තියෙන්න ඕන. ඒ නිසා මුදල් වගේම  අපිට ලැබෙන Feedback එක ගැනත් සැළකිලිමත් වෙන්න. අදට ඇති වගේ.මේ අවුරුද්දේ අන්තිම පොස්ට් එක මේක.එහෙනම් ඉතින් ලබන අවුරුද්දෙම හම්බ වෙමු. 

ඔබ සැමටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා... !   


Read more
Wednesday, 14 December 2011
no image

කොහොමද කස්ටියට.ඔන්න අදත් මම E-money වලට සම්බන්ධ දෙයක් අරන් ආව. ඒ තමයි Odesk වල Cover Letters ටිකක්. ඔයාලට හිතෙයි මේව මොකටද කියල.ඇත්තමට මේවගෙන් තමයි Odesk වල අපිට job දෙන එක තීරණය වෙන්නෙ. මේ Cover Letters මම ගත්තේ Odesk වල ඉන්න ප්‍රවීනයන්ගෙන්.ඉතින් අපිටත් මේව දිහා බලල අපේම Cover Letter එකක් හදාගන්න පුලුවන්නෙ. ඒ නිසා ගොඩක් අයට මේව ප්‍රයෝජනවත් වෙයි කියල හිතෙනව. 

මේ තියෙන Cover Letters web development පැත්තෙ job වලට ඇප්ලයි කරපුව. අනිත් පැති වල ඒවත් ඉස්සරහට පොස්ට් කරන්න බලාපොරොත්තු වෙනව. මේව මම පොස්ට් කලේ ඔයාලට ගෙඩිය පිටින්ම Copy කරල Paste කරන්න නම් නෙමෙයි. ඒව ඔයාල ඇප්ලයි කරන job එක අනුව වෙනස් කරගන්න. 

___________________________________________
Hi,
I've 5+ years of experience on php,mysql, javascript, xhtml, jquery, prototype and other related thing. I've deep knowledge on structural and oop (mvc) based php coding. I think i can handle your job with your 100% satisfaction. btw, I'm accurate and very fast in coding. You may have a look on my profile page to see client feedback and some of my recently completed works.

My skill levels:
php/mysql - 9.8/10
javascript/jquery/prototype/mootools/YUI - 9.5/10
joomla - 9.5/10
drupal - 9.0/10
wordpress - 10/10
magento - 9.5/10
smarty - 9.5/10

few of my previous remarkable works:
IXXO Shopping Cart + Joomla Component (details are here http://www.php-shop-system.com/ )
Minimax CMS ( details are here http://www.minimaxcms.com/ )
Social Blogging Site ( http://www.talker.co/ )
Site Builder using WordPress (http://www.weorlando.com/)

Looking forward to hear from you....  
________________________________________________

Yes i am confident to do this job
Followings are my completed projects using php codeigniter (framework) , core php, jquery , javascript, and wordpress


=> http://jobsinyemen.com/
=> http://www.gammademos.com/game4game/
=> http://dev.virtual-base.com/socialstream/
=>http://dev.virtual-base.com/careerberg/

I have also worked on leads management system and landing pages development

http://www.usacoverag.com
http://www.leadstoclose.com
http://www.leadstoclose.com/new
http://www.ratefetcher.com
http://www.valuquote.com
http://www.paydaysnta.com....etc

and many more

Thanks 
_______________________________________________
Good day,
i am a computer programmer with more than 10 years of work experience.

I am very skilled with many different web languages, like Php, Python, Perl and also ASP, Java and ASP.Net.
I have coded and modified many websites from scratch or from existings websites, with success and precision.
I have also programmed some frameworks and web applications and i am expert in programming them.

I have worked many years in real office, not online, and i have professionality that allows me to interact with customers and guarantee the success of work.

I am very expert with Ecommerce websites, i have coded some from scratch using PHP and MySQL and all with success.
I am expert with modifying existing code and very fast at learning new code.

Regards,
Gabriele Avosani 
___________________________________________________
good
Hi,

Just read your job posting and I'm interesting in working with you to get all your website tasks done as quickly as possible.

I've got several years experience working with Wordpress and I've acquired good feedback here on oDesk for jobs well done. I also use FTP routinely to manage several website.

Please write back to discuss more details about your project, I'm available any time of the day.

Cheers.

Yemi.
________________________________________________
Dear Sir,

I would like to take this opportunity to thank you for showing interest and having spared your valuable time to discuss about how a strategic alliance can be formed.

  TAXEIA InfoTech  Pvt. Ltd is a professional web Service and customize software provider company ,  personalized web designing, website development, website maintenance, web hosting, web marketing / Search engine optimization services and customize software [Inventory management, MLM, Payroll software, ERP]. Our mission encompasses the following areas when working towards your objectives: We are committed to understanding the needs of your organization when delivering our services.

  Company has a wide client Network in India, UK, US, Canada and Netherlands..

There is lot of value that we can add to your business. Looking forward to an opportunity to provide our services and build along term and fruitful business relationship.

please add me on skype for further discussion.

--
Kuldeep Shukla
skype: kuldeep.shukla2011 
______________________________________________

මේ ඇති වගේ නේද? තව ඕන නම් කියන්නකො.මේ ලිපිය වැදගත් උනා කියල හිතන අය Comment ‍එකක් දාල ගියාට කමක් නෑ හොදේ...ජය වේවා..!
 

  
Read more
Sunday, 11 December 2011
මූණු පොතේ හිනාව.....

අද පොඩි සිද්ධියක් උනා.ඒ නිසා මේ ‍පෝස්ට් එක දාන්න ඕන කියල හිතුන.මේක Facebook සම්බන්ධ සිද්ධියක්.එහෙනම් කට්ටියත් එක්ක මේක කියවලම බලන්නකො.


අද Facebook කොච්චර දුරට ව්‍යාප්ත වෙලා තියෙනව ද කියල මම මෙතන කියන්න ඕන නෑනෙ.ඒක ඔයාලට හොදට දන්නව. සමහර අය Toilet එකට ගියත් Facebook Status Update කරන තරමට Facebook එක සමීප වෙලා. ඒත් ඉතින් මේ Facebook එකෙත් හොද නරක ගොඩක් ති‍යෙනව කියල දැනටමත් කට්ටිය දන්නව ඇති කියල මම හිතනව.

හරි,මේකයි මට උන සිද්ධිය දැනට සතියකට විතර කලින් අපේ ඉස්කොලෙම ගිය අයිය කෙනෙක් මට Facebook වල Request එකක් දාල තිබ්බ.මිනිහ දැන් සබරගමුව කැම්පස් ඉන්නේ.ඉතින් අපේ ඉස්කොලෙ ගිය ගමේ පොරක්නෙ කියල මමත් එයාව Friend කෙනෙක් විදියට එකතු කර ගත්ත.මම නම් මිනිහව හොදට දන්නව.මිනිහත් මාව දන්න නිසානේ මට Request එකක් දැම්මෙ.

ඉතින් ඔන්න අද මම පොඩි වැඩකට තැපැල් කන්තෝරුවට ගියා.තැපැල් තන්තෝරුව ළග අර මනුස්සයත් ඉන්නව.මිනිහත් මාව හොදට දැක්ක.ඒත් නියම වැඩේ කියන්නෙ මූ නිකමටවත් මනුස්ස කමට කියල හිනාවක් වත් දැම්මෙ නෑනේ.ඒත් Facebook එකේ නම් හා මල්ලි,කොහොමද? මොනාද කරන්නේ. පණ දෙන්න වගේ තමයි කතාව. ඉතින් මට හිතුන ඇත්තටම මේ Facebook වල ඉන්න ගොඩක් අය කරන්නෙ බොරු මවාපෑමක් නේද කියල.ඒ ගැන තවත් උදාහරණ  ටිකක් මම කියන්නම්.   
   
 Facebook එකේ ගොඩක් Profile තියෙනව කෙල්ලන්ගෙ නම් දාල.ඒ වගේම ඒවට ලස්සන photo එහෙමත් දාල තියෙනව.ඉතින් අපේ අයත් 
ගොබ් බෙට්ටකට කෙල්ලෙකුගෙ නමක් දාල තිබුණත් ආතල් එකට වගේ Request කරනවනේ.අන්තිමට ඒ කෙල්ලොත් මේ Request කරන අයව friends ල කර ගන්නව.ටික දවසකින් මේ කෙල්ල Link එකක් දෙනව මේ වගේ දෙවල් කියල "අනේ අයියේ..,මට මේ වෙබ් සයිට් එකේ register වෙන්න බෑ.කොහොමද register වෙන්නෙ කියල "  

    අපේ කස්ටියත් හෙන වැඩ කාරයොනේ.....මෙයාලත් අර  Link එක ක්ලික් කරල තමන්ගෙ Facebook User Name,Password දීල වෙබ් සයිට් එකේ  register වෙන්න බලනව.ඒත් ඉතින්  register වෙන්න බෑ.අන්තිමට අර උදව් කරන්න ගිය කෙනාගෙ Account එක Hack වෙලා.
Hack උන හැටි හිතාගන්න පුලුවන්නේ.

අන්න ඔය වගේ ගොඩක් දෙවල් මේ මූණු පොත ඇතුලේ වෙනව.තව දෙයක් කියන්නම්, මමත් ඔය වගේ කෙල්ලෙක්ට Request එකක් දැම්ම.මම අදුරන්නෙත් නෑ.ඒත් මගේ යාලුවෙක්ගේ යාලුවෙක් වෙලා හිටිය නිසා තමයි මමත් Request කලේ.මෙයත් මගේ Request එක Confirm කලා.ඔන්න ටික දවසක් යනකොට ම‍ගේ Wall එකේ කුණුහරුප Photo ගොඩයි.මොකද ‍මම අර Request කරපු කෙනාගේ Wall එකට  කවුද කෙනෙක් ඒවා share කරල ඒවා මගේ Wall එකෙත් පේනව. 

මල කෙලියයිනේ.මේව මට විතරක් නෙවෙයිනේ අනිත් එවුන්ටත් පේනවනේ.ඉතින් මමත් ඉක්මනට මෙයාව මගේ friends list එකෙන් අයින් කරල දැම්ම.ඇති යන්තම් එයින් බේරුන.ඒක මට හොද පාඩමක් උනා.ඒ නිසා ආයෙ මම නොදන්න අයට Add කරගන්න ගියෙ නෑ. ඇත්තම කෙල්ලොන්ට ගොඩක් වෙලාවට ගොඩක් Friends ල නෑ.ඔය ගොඩක් Friends ල ඉන්න කෙල්ලන්ව Add කරගන්නකොට පොඩ්ඩක් කල්පනාවෙන් Add කරගන්න.මොකද උන් හරි කපටියි.

ඒ වගේම Facebook පාවිච්චි කරනකොට මේ කරුණු ගැනත් පොඩ්ඩක් සැළකිලිමත් උනොත් හොදයි.  
  • නොදන්නා අය දෙන Link වලට යන විට ප්‍රවේසම් වන්න
  • ඔබ ක්ලික් කරන Link වල Domain Name සැම විටම පරික්ෂා කර    බලන්න 
  • ගැහැණු අයගේ නම් වලින් නිර්මාණය කර ඇති බොහෝ Profile ව්‍යාජ ඒවාය.ඒවාගේ Profile picture එකට ඇතුළත් කර ඇත්තේ  පිටරට අයගේ ඡායාරූපය.
  • ඔබගේ මිතුරන් හෝ වෙනත් අය එවනු ලබන  facebook fan page වලට ඇතුල්වීමේදී ප්‍රවේසම් වන්න.මක් නිසාද යත් අපි එම පිටුවට ඇතුලු වී එහි ඇති ඩීඩියෝ හෝ ඡායාරූප මත ක්ලික් කළ විට වීඩීයෝව හෝ ඡායාරූපය ඔබේ නමින් ඔබේ මිතුරන්ගේ wall එකෙහි post විමට ඉඩ ඇති නිසා. 
ඇත්තෙන්ම Facebook යනු ඇත්ත මුහුණ සැගවී ඇති පොතකි.එම නිසා Facebook භාවිතා කිරිමේදී ඔබේ ආරක්ෂාව මෙන්ම පෞද්ගලිකත්වය ගැනද සැළකිළිමත් වන්න.     

මම ඉහතින් ලියූ කරුණු  සැබෑවක් බව පහත ඡායාරූපය දෙස බැලූ විට ඔබට පෙනේවි.ඔහුටත් නොදැනීම ඔහුගේ wall එකේ මෙම ඡායාරූප Post වී ඇත.



Read more
Saturday, 10 December 2011
Odesk වල Jobs ගන්න අමාරු ඇයි ?

කොහොමද කස්ටියට? ඔන්න අද නම් ආවේ බයිසිකල් ගැන කතා කරන්න නම් නෙමෙයි. ඔයාලගේ සුපුරුදු මාතෘකාව ගැන පොඩ්ඩක් කතා කරන්න. අලුත් අය බලයි මොකක්ද මේ සුපුරුදු මාතෘකාව කියල. ඒ ගැන දැන ගන්න ඕන නම් මේ Link එකට ගිහින් බලන්න.මම මේ ලියන්න යන දේවල් කාගෙන්වත් අහගෙන හරි ‍,වෙන වෙබ් ‍සයිට් වලින් බලාගෙන හරි ලියන දෙවල් නෙමෙයි කියල ඉස්සෙල්ලම මම කියන්න කැමතියි.
හරි අපි කතාවට බහිමුකො.‍ගොඩක් අයට ප්‍රශ්නයක් තමයි Odesk වල profile එකක් හදා ගත්තට jobs නොලැබෙන එක.ඒක ඉතින් මටත් තිබුන, දැන්ටත් තියෙනව. ඇත්තටම Odesk වල jobs ගන්න එකත් සැබෑ ලෝකේ  jobs ගන්නව වගේමයි. ඒ මොකද විවිධ දක්ෂකම් තියෙන අය ගොඩක් ඉන්නවනේ.මේ අය අතරින් Interview එකක් තියල තමයි හරිම කෙනාව jobs වලට ගන්නේ. ඒ නිසා සැබෑ ලෝකෙත් අපිට  ලේසියෙන්ම jobs ගන්න අමාරුයි.ඒක ඔයාලත් දන්නව ඇති කියල මම හිතනව.

Odesk වල jobs නොලැබෙන්න හේතු ගොඩක් තියෙන්න පුලුවන්.ප්‍රධානම එක තමයි අපි job එකට apply කරන්න යනකොට ලියන Proposal එක එහෙමත් නැත්නම් Cover Letter එක. අපි Cover Letter එක ලියන්න ඉස්සෙල්ල Job Description එක හොදට කියවල තේරුම් ගන්න ඕන.මොකද අපි Job Description එක කියවන්නෙත් නැතිව එකම Cover Letter එක Copy - paste කර කර දාන්න ගියොත් නම් අපිව එක පාරින්ම decline කරනව.ඒක මම හොදට දන්නව.මොකද මමත් එහෙම කරල තියෙන  නිසා. ඒ නිසා හොදට Job Description එක කියවල තේරුම් අරගෙන Cover Letter එක ලියන්න. අපි ලියන Cover Letter එකෙන් තමයි එයාල අපිට ඒ Job එක කරන්න පුලුවන්ද කියල තීරණය කරන්නෙ.උදව්වක් විදියට මම Cover Letter එකක් පහළින් දාන්නම්.

අනිත් කාරනේ තමයි Odesk වලට අලුත් කෙනෙක් නම් jobs වලට Apply කරනකොට ඒ job එක ඉල්ලන්න ඕන ගොඩක් අඩුවෙන්. ඒ කියන්නෙ $20 job එකක් $10 ට වගේ පුලුවන් නම් ඊටත් අඩුවෙන්.ඒ ගැන ඔයාල Cover Letter එකේ සදහන් කරන්න.ඇත්තටම Odesk වලට ආව අලුතම සල්ලි හොයන්න නම් බලාපොරොත්තු වෙන්න එපා.ඒ මොකද ඊට කලින් අපි හොද Feedback අරන් ඉන්න ඕන නිසා. Feedback ලැබුනයින් පස්සේ ඒ ගැනත් අපේ Cover Letter එකේ ඇතුළත් කරන්න පුලුවන්.එතකොට job එක ලැබිමේ සම්භාවිතාව ගොඩක් වැඩි වෙනව. (මේ ගැන හොද අත්දැකීමක් තරිදු සහෝදරය අපේ Blog දාල තියෙනව.එක බලන්න ඕන නම් මෙතන ‍click කරන්න)

ඊළග හේතුව මේකයි.ඔය පත්තර වල,පෝස්ටර් වල එහෙම තියෙන්නෙ ලේසියෙන්ම කරන්න පුලුවන් Data entry,Form filling ඔන්න ඔය වගේ මොනාද වගයක්.මට ඒව මතකත් නෑ.කොහොමහරි මේ Data entry jobs වලට දානව කියන්නෙ ගගට ඉනි කපනව වගේ වැඩක් කියලයි මට හිතෙන්නෙ.ඒ මොකද එක job එකකට 50 කටත් වඩා  apply කරනවා.ඉතින් අලුත් කෙනෙක්ට එහෙම job එකක් ගන්නව කියන්නේ හරි අමාරු වැඩක්නෙ.ඒ මොකද එයාට Feedback වත් නෑනේ.මමත් ඉස්සෙල්ලම  apply කලේ  Data entry  job වලට තමා.එකක්ද කොහෙද සෙට් උනා මට මතක හැටියට.Google දෙයියන්ට පින් සිද්ද වෙන්න ඒක නම් පොඩි වෙලාවකින් ඉවර කරා .ඒත් ඉතින් මම apply කරන ගොඩක් ඒව  decline උනා.

පස්සෙ මම web development පැත්තට බැස්ස.ඒ මොකද web development / software Development Jobs වලට apply කරන කස්ටිය අඩු නිසා. ඇත්තටම ඒ පැත්තෙ job වලට  apply කලාට මම web development ගැන වැඩිය දන්නෙ නෑ.ඒත් මට ලැබෙන Job එක කොහොමහරි ගොඩ දානව.ඒ ගැන මටත් අන්තිමට හරි පුදුමයි මම ද මේක කලේ කියල. මම මේ කිව්ව දේවල් ප්‍රයෝජනවත් වේවි කියල හිතෙන අය ඉන්නව නම් comment එකක් දාල ගියාට කමක් නෑ.

අන්තිමට මම මේ දේ කියන්නම්, පුලුවන් නම්  software Development ඉගෙන ගන්න. software Development ඉගෙන ගත්තොත් නම් Odesk වලින් ගොඩේ ගොඩ යන්න පුලුවන්.ඒ වගේම ලැබෙන ගානත් හුගක් වැඩියි.Odesk  වලින් විතරක් නෙමෙයි නේද?සෑබෑ ලෝකෙදිත් ගොඩ තමා ඉතින්.හැම කෙනාම කියන්නෙ ඉන්ටර්නෙට් මනි කිව්වම data entry කියලනේ.ඒත් ඊට වඩා ලොකු දෙයක් කරන්න අපිට පුලුවන්. මේ Blog එක සමග රැදී ඉන්න සියලු දෙනාට ස්තුතියි. ජය වේවා...!   
Read more
Wednesday, 30 November 2011
Internet Money පිළිබද මගේ අත්දැකීම් 5

මේ ලියන්න යන්නෙ Odesk වලදි සාර්ථක වෙන්නෙ කොහොමද කියන ලිපියෙ ඉතිරි කොටසයි.අපි පසුගිය ලිපියෙන් කතා කළා මතක ඇති Odesk වලදි සාර්ථක වෙන ක්‍රම 3 ක් ( Odesk වලදි සාර්ථක වෙන්නෙ කොහොමද?) අද කියන්න යන්නෙ Odesk වලදි සාර්ථක වෙන්න පුලුවන් තවත් රහස් ටිකක්.
04.අවංක බව-
අවංක බව නම් Odesk වල job එකක් කරනකොට විතරක් නෙමෙයි අපේ සාමාන්‍ය ජීවිතයෙදිත් ප්‍රයෝජනවත් වෙනව.අවංකව වැඩ කරන කෙනෙක්ට කවදාවත් වරදින්නෙ නම් නෑ. හරි අපි බලමු කොහොමද මේ අවංකකම Odesk වලදි ඕන වෙන්නෙ කියල.

අපිට Odesk වල job එකක් ලැබුණහම අපි ඒක මෙච්චර දවස් ගණනකින් කරන්නම් කියල අපේ ස්වාමියට පොරොන්දු වෙනවනෙ.ඒත් සමහර වෙලාවට අපිට පොරොන්දු වෙන දවසෙම ඒ job එක ඉවර කරන්න බැරිවෙන්න පුලුවන්.ඉතින් අපේ ස්වාමියට ඒ ගැන ඇත්තම කියන්න පුරුදුවෙන්න ඕන.ඒ මොකද දවස් දෙකක් වත් යන වැඩේට අපි කියනව මට මේක තව පැය දෙකකින් ඉවර කරන්න පුලුවන් වේවි කියල.

නමුත් ඒක කරන්න බැරි වැඩක්නෙ.ඉතින් අපි ඇත්තම කියන්න ඕන මට මේක ඉවර කරන්න මෙච්චර දවසක් යනව,පුලුවන් නම් මට තව දවස් දෙකක් දෙන්න කියල.මෙයාල කවදාවත් job එකක් දුන්නහම ඒක මැදකදි නතර කරන්න යන්නෙ නෑ.මොකද ඒක එයාලටත් පාඩුවක් නිසා.ඒත් ඉතින්..අපිට මේක බෑ වගේ කියල හි‍තෙනව නම් මෙයාල ඒ job  එක නවත්තන්න තීරණය කරනව.ඒ නිසා අවංකව වැඩ කරන්න පුරුදු වෙන්න.

අවංකව වැඩ කරල මටත් හොද අත්දැකීම් තියෙනව.කස්ටිය ඒක අහන්න ආස ඇති කියල මම හිතනව.හරි..හරි හිත හිත ඉන්නෙ මොකටද ඒක මම කියලම දාන්නම්කො. මේකයි කතන්දරේ..

මම Odesk වල Web development පැත්තේ job තමා කරන්නෙ. ඉතින් මම එක දවසක් wordpress ( මොකක්ද මේ wordpress කියන්නෙ ) වල පොඩි අවුලක් හදන්න තියෙන job එකකට Apply කළා.ඒකට 3-4 දෙනෙක් apply කරල තිබුන.වැඩිය කස්ටිය ඒකට apply කරල තිබුනෙ නැත්තෙ ඒකට දෙන මුදල අඩු නිසා.ඒ මුදල තමයි ඩොලර් 5 ක්.ඉතින් ඕන දෙයක් කියල මමත් apply කරා.අන්තිමට මට ඩොලර් 4 කට වගේ ජොබ් එක සෙට් උනා කියමුකො.

මට කියන්න අමතක උනා.මම Odesk වල job කරනකල් wordpress ගැන දැනන් හිටියේ නෑ.Odesk එකේ job කරල තමා මම ඒ ගැන පොඩ්ඩක් හරි දැන ගත්තෙ.හරි මේකයි මට කරන්න තිබුනෙ.ඒ වෙබ් සයිට් එකේ කලින් වැඩ කරපු පොර ඒක Links හදන්න ගිහින් වේබ් සයිට් එක down කරල. (පස්සෙ ඌ ඒක හදන්න දන්නෙ නෑ කියල.ඒකයි මේ වගේ job එකක් odesk වල දාල තිබුනෙ) Address එක Type කරල ගියාම Error එකක් එනව.ම‍ට තිබුනෙ මේ Error එක හදන්න.යකෝ මල ජංජාලයයිනේ..මම ඒ එගේ ඒව කලින් කරල තිබුනෙ නෑ.ඒත් මට විශ්වාසයක් තිබුන මට ඒක කරන්න පුලුවන් කියල. 

කොහොමහරි ඉන්ටර්නෙට් එකේ search පාරක් දාල අවුල හදන හැටි හොයාගත්ත.ඒ වෙලාවෙම FTP වලින් වෙබ් සයිට් එකේ Files වලට ගිහින් ඒ අවුල හදල අයිතියාරයට දැන්වුව. පැයකට විතර පස්සෙ මිනිහ Job එක End කරල තිබුන.වැඩේ හරි මිනිහට මාර fit වැඩේට.මොකද ඒ සයිට් එක ගොඩක් Traffic එකක් තියෙන සයිට් එකක්.ඉතින් ඒක පැයටක හරි down උනා කියන්නෙ ඌට ගොඩක් පාඩුයි.ඒකයි ඒක හැදුවට පොරට FIT.පස්සේ මට හොද Feedback එකකුත් ලැබිල තිබුන.

අවංකකම ගැන කතාව පටන් ගන්නෙ ඊළගට.මිනිහම මට අයෙත් පාරක් job එකකට ආරාධනා කරල තිබුන.ඒ මොකද මිනිහට මාව හොදට fit උන නිසා.ඒක පැයේ Job එකක්.පැයකට $4 යි.ඒකෙත් කරන්න තිබුනෙ මිනිහගේ Website එකේ පින්තූ වගේකට Link ටිකක් දාන එක.ඉතින් මම ඒකත් පැයකට කලින් ඉවර කළා.ඒකේදි මට ඕන නම් මුලු පැයම වැඩ කළා කියල $4 ම ගන්න තිබුණ.ඒත් මට එහෙම අවශ්‍යතාවයක් තිබුනේ නෑ.ඉතින් මට ඒකට ලැබුනෙ $1.03 ක් විතර.

job එකත් End කලාම මිනිහ මට කලින් වගේම නියම feedback එකක් දීල තිබුන.මේ තියෙන්නෙ ඒක.



එකේ කියල තියෙන්නෙ මට තව අයකරගන්න තිබුනත් මම එහෙම කරල නෑ කියලයි,මම අවංකයි වගේ දේවල් ටිකක්.අපිට මුදල් වලට වඩා Odesk වල Feedback වටිනව.ඒ මොකද ඒ Feedback දෙක නිසා මට අද හොද wordpress job එකක් ලැබුන කියල සතුටින් කියන්න කැමතියි.Odesk වල තියෙන Feedback කියන දේ ගැන කස්ටිය දන්නව ඇති කියලයි මම හිතන්නෙ.ඒ ගැන දැනගන්න ඕන අය ඉන්නව නම් කියන්න.මම ඒ ගැනත් පොඩි විස්තරයක් දාන්නම්.

අදට බොරු කිව්ව ඇති කියල හිතෙනව.මම ඊළග Post එකෙන් කියන්නම් කොහොමද හරියට Odesk වල job එකකට apply කරන්නෙ කියල.එහෙනම් ඔන්න අපි ගියා. 
   

 
Read more
Monday, 28 November 2011
Internet Money පිළිබද මගේ අත්දැකීම් 4

මම ඊයෙ කිව්ව ඊයෙම මේ පෝස්ට් එකත් දානව කියල.ඒත් ඉතින් වෙලාවක් තිබුනෙ නෑනේ.වෙලාව මට විතරක් නෙවෙයි අපි ඔක්කොටම ප්‍රශ්නයක් තමා නේද?.ම්..හරි වැඩි කතා ඕන නෑ.අද දාන්න ආවේ කලින් පෝස්ට් එකේ කිව්ව ‍වගේ (Internet Money පිළිබද මගේ අත්දැකීම් 3) Odesk වලදි සාර්ථක වෙන්නෙ කොහොමද කියල.

අපි කවුරුත් දන්නව උත්සහයක් නැතිව කිසිම දෙයක් සාර්ථක කරගන්න බෑ කියල.මම ඒක මුලින්ම කිව්වෙ ඔය ඉන්ටර්නෙට් මනි කඩකාරයො කියනව වගේ නිකම් ඉදල නම්  Odesk වලදි උනත් සල්ලි හොයාගන්න බෑ කියන එක පොඩ්ඩක් මතක් කරන්න.මම මේ කියන්න යන්නෙ මම Odesk වලදි ලබපු අත්දැකීම් වලින් අලුත් අයට සාර්ථක වෙන්න පොඩි රහස් ටිකක්.

01.ඉංග්‍රීසි දනුම -
     ඕක තමා ප්‍රශ්නෙ නේද? ඉන්ටර්නෙට් මනි පිළිබද දැන්වීම් පළ කරන අය කියන්නෙ නම් කඩ්ඩ යන්තම් තිබිල,කොම්පියුටර් දැනුමත් පොඩ්ඩක් තිබ්බහම සල්ලි ගලාගෙන එනව  කියල නේ.ඒත් Odesk වලදි නම් English යම් තරමක් දුරට දැන සිටීම වැදගත් වෙනව.මොකද අපිට ජොබ් එකක් ලැබුණම ඒ ජොබ් එකෙ කරන්න තියෙන්නෙ මොනාද කියලත් තේරුම් ගන්න ඕනනේ.ඒකට ඉතින් අර කස්ටිය කියනව වගේ ඉංගිරිසි හෝඩිය විතරක් දැනන් ඉදල නම් මදි.එහෙනම් කඩ්ඩ ඵලටම ඕනද?? දැන් කස්ටියට ඒකත් ප්‍රශ්නයක් වෙයි.

මම කියන්නෙ නෑ කඩ්ඩ ඵලටම ඕන කියල.මොකද මගෙත් කඩ්ඩ ඵලටම නෑ. ඒත් අපිට ජොබ් දෙන අය කියන දේවල් තේරුම් ගන්නයි,ජොබ් එකේ කරන්න තියෙන්නෙ මොනාද,අපිට ප්‍රශ්නයක් ඇති උනොත් එයාලගෙන් අහන්නෙ කොහොමද? ඔන්න ඔය ටික කරගන්න ඉංගිරිසි දැනුම තියෙනව නම් ගොඩ තමයි. නැත්නම් වෙන්නෙ ජොබ් එකක් ලැබිල ඒක කොරන්න තේරෙන්නෙ නැති උනාම ඔයාලට ජොබ් එක එතනින්ම එපා වෙයි.ඒ නිසා Odesk වල වැඩ කරනව නම් කඩ්ඩ පොඩ්ඩක් හදා ගන්න වෙනව.

02.Skype 
     මොකද යකෝ මූ මෙතන්ට Skype කියල දැම්මෙ.?හේතුව මෙන්න මේකයි.අපි Odesk වල jobs වලට Apply කලාම අපිට එක පාරම  job එක ලැබෙන්නෙ නෑ.( ඒත් එහෙම අවස්ථාලුත් තියෙනව.ඒව පස්සෙ කියන්නම්කො.) අපි යවන Proposal එකයි,අපේ Profile එකයි බලල එයාල තීරණය කරනව අපි ඒ  job එකට සුදුසුද කියල.සුදුසු නම් අපිව Interview කරනව.මේ Interview  Call එකකින් හෝ Chat එකකින් තමයි ගොඩක් වෙලාවට කෙරෙන්නෙ.මට නම් ගොඩක්ම අහුවුනෙ Chat තමා.ඉතින් මේ විදියට Chat කරන්න Odesk වලදි බෑනේ.ඒ නිසා එයාල ගොඩක් වෙලාවට Skype භාවිතා කරනව.

ඉතින් අපි Odesk වල Job එකක් කරනව නම් අනිවාර්යෙන්ම Skype තියෙන්න ඕන.එහෙම නැතත් අවුලක් නෑ.ඒත් බොහෝ වෙලාවට Skype භාවිතා කරන්න වෙනව.අනික Skype තියෙන එක අපි දෙගොල්ලටම වාසියක් .මොකද අපිට ප්‍රශ්නයත් ඇති උනොත් Skype එකට ගිහින් අපිට Job  එක දුන්න කෙනත් එක්ක ඒ ගැන සාකච්ඡා කරන්න පුලුවන්.ඒ නිසා  Odesk භාවිතා කරනව නම් හෝ භාවිතා කරන්න ඉන්නව නම් Skype එකත් ඕන කියල මතක තියාගත්තට කමක් නෑ.        

 03.බුද්ධිමත් බව -
      මේකනම් ඉතින් අපිට කොහොමත්ම තියෙන දෙයක්නෙ..නේද?? :D ම්..කස්ටිය බලයි මොකටද මේ බුද්ධිමත් බව ඕන කියල.මම බුද්ධිමත් බව කියන එකෙන් අදහස් ක‍රේ කපටිකම වෙන්නත් පුලුවන්.ඒ මොකද අපිට Odesk වල උනත් Job එකක් ගන්න ලොකු තරගයක් දෙන්න ඕන.ඉතින් අපිව Job එකකට  Interview කරනකොට එයාල අහනව මේ Job එක කොච්චර කාලෙකින් ඉවර කරන්න පුලුවන්ද කියල.උපරිම දවස් ගණන නම් 07 යි (ජොබ් එක අනුව මෙය මාසයක් උනත් වෙන්න පුලුවන්).

ඒ නිසා අපි කියන්න හොද නෑ අපි හරියටම දවස් 07 කින් Job එක ඉවර කරනව කියල.මොකද එහෙම උනොත් අවාසියක් වෙන්නෙ අපටමයි. ඒ නිසා පුලුවන් තරම් දවස් 07 ට අඩු ගණනක් කියන්න.හැබැයි කිව්ව වගේ නෙවෙයි කොල්ලෝ වැඩේ කරන්නත් වෙනව හොදේ..එහෙම කිව්වම Job එක ලැබීමේ ප්‍රවණතාවය වැඩි වෙනව මිසක් Job එක ලැබෙනව කියලම හිතන්න එපා.

කියන්න නම් ගොඩක් දේ තියෙනව.ඉතිරි ටිකත් අද හරි හෙට හරි දාන්නම්.e-සිහිනය ත් එක්ක රැදී ඉන්න අයට වගේම Comment එකකින් හරි සහයෝගයක් දුන්න අයට ගොඩක් ස්තුතියි.එහෙනම් ඔන්න අපි ගියා..     


 
Read more
Sunday, 27 November 2011
ලොවෙත් නෑ.......

සුභ උදෑසනක් කස්ටියටම.අදත් ඉන්ටර්නෙට් මනි ගැන නම් නෙමෙයි කියන්න යන්නෙ.ඊට වඩා ගොඩක් වෙනස් මාතෘකාවක්.මාතෘකාවක් කිව්වට ඉතින් මාතෘකාවමකුත් නෙමෙයි.පින්තූර ටිකක්.බලලම කියන්නකො හොදයිද කියල.මේ පින්තූර අරන් තියෙන්නෙ ඉන්දියාවේ.බලන්නකො මෙයාල කොච්චර දක්ෂද කියල.නව නිපැයුම් ගොඩක් කරල තියෙනව.ඒ අතරින් මගේ සිත් ගත් එක තමයි අලුතින් නිපදවල තියෙන Air Bag එක.(ලොකු කරල බලන්න ඕන නම් පින්තූර උඩ Click කරන්න.)











 
Read more