Open top menu
Showing posts with label පුද්ගල චරිත. Show all posts
Showing posts with label පුද්ගල චරිත. Show all posts
Thursday, 27 February 2014
ෂර්ලොක් හෝම්ස් ආපසු එයි


ෂර්ලොක් හෝම්ස් ගේ රහස් පරික්ෂක කතා නොබලපු කෙනෙත් නැති තරම්. ඒ තරමටම මේ කතා ගොඩක් රසවත්. ඒ අතරින් "ෂර්ලොක් හෝම්ස් ආපසු එයි" කියන පොතේ චිත්‍රපටය තමයි මේ තියෙන්නේ. මේක පරණ චිත්‍රපටයක් නිසා ගොඩක් අය බලල නැතිව ඇති. මමත් බැලුවෙ අද තමයි. ඒකත් අහම්බෙන්.පරණ උනාට චිත්‍රපටය ලස්සනයි. කැමති අයට බලන්නත් එක්ක මම මේ පෝස්ට් එකට වීඩියො එක දැම්ම. ‍


Read more
Saturday, 15 October 2011
ටයි මාමා අපෙන් සමුගනි......


ලොකු කුඩා කාගේත් ආදරය දිනූ ටයි මාමා නම් ඔහු මෙරට චිත්‍රපට ක්ෂේත්‍රයේ අද්විතීය ශිල්පියෙකි.ඔහුගේ සම්පූර්ණ නම ටයිටස් තොටවත්තය.ඔහු ඉපදුනේ 1929 අප්‍රේල් 17 දින බොරැල්ලේදීය.මිය යන විට ඔහුගේ වයස අවුරැදු 82 ක් විය.තිදෙනෙකුගෙන් යුත් පවුලේ එකම පිරිමි දරුවා ඔහු විය.ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා පසුව මාතර කාර්මික විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීය.1956 දී ඔහු ප්‍රවීන චිත්‍රපට නිෂ්පදාකයෙකු වන ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සමග එකතු වී රේඛාව නම් චිත්‍රපටය නිෂ්පාදනයේදී එහි සංස්කරණ කටයුතු කළේය.

මීට අමතරව තොටවත්තයන් නිර්මාණය කළ චිත්‍රපටයන් බොහෝය.ඒ අතරින් කුඩා ළමුන් අතර ප්‍රසිද්ධියට පත් හදයා හැදින්විය හැකිය.හදයා චිත්‍රපටය ඔහු නිර්මාණය කලේ 1980 දීය. හදයා චිත්‍රපටය සරසවිය සිනමා උලෙලේ හොදම චිත්‍රපටය ලෙසද සම්මාන ලැබීය. තවද 1980 හා 1990 කාලය තුළ ඔහු ඉංග්‍රීසි ළමා කාටුන් සිංහලට හඩ කැවීය.පසු කාලයේ ඒවා සිංහල රූපවාහිනී නාලිකාවල විකාශය විය.මේ අතරින් දොස්තර හොද හිත නම් කාටුනය ඉතාම අර්ථවත් හා රසවත් නිර්මාණයක් විය.ර්‍එහි හඩ කැවීම සදහා ඔහු ලබා දී තිබූ අසහාය දායත්වය ‍එයින් මනාව පිළිබිඹු වේ. ඔහු ගේ ජීවිතය ගැන පවසන්නට මීට වඩා බොහෝදේ ඇත.එනමුදු මා හට කාලය නැති බැවින් මෙම කෙටි සටහනින් නිමා කරමි.තොටවත්තයෙනි ඔබ ලංකාවේ චිත්‍රපට ක්ෂේත්‍රය වෙනුවෙන් දුන් දායකත්වයට අපගේ කෘත‍වේදීත්වය පළ කරමු. ඔබට නිවන් සුව.......
Read more