Internet Money පිළිබද මගේ අත්දැකීම් 5
මේ ලියන්න යන්නෙ Odesk වලදි සාර්ථක වෙන්නෙ කොහොමද කියන ලිපියෙ ඉතිරි කොටසයි.අපි පසුගිය ලිපියෙන් කතා කළා මතක ඇති Odesk වලදි සාර්ථක වෙන ක්‍රම 3 ක් ( Odesk වලදි සාර්ථක වෙන්නෙ කොහොමද?) අද කියන්න යන්නෙ Odesk වලදි සාර්ථක වෙන්න පුලුවන් තවත් රහස් ටිකක්.
04.අවංක බව-
අවංක බව නම් Odesk වල job එකක් කරනකොට විතරක් නෙමෙයි අපේ සාමාන්‍ය ජීවිතයෙදිත් ප්‍රයෝජනවත් වෙනව.අවංකව වැඩ කරන කෙනෙක්ට කවදාවත් වරදින්නෙ නම් නෑ. හරි අපි බලමු කොහොමද මේ අවංකකම Odesk වලදි ඕන වෙන්නෙ කියල.
අපිට Odesk වල job එකක් ලැබුණහම අපි ඒක මෙච්චර දවස් ගණනකින් කරන්නම් කියල අපේ ස්වාමියට පොරොන්දු වෙනවනෙ.ඒත් සමහර වෙලාවට අපිට පොරොන්දු වෙන දවසෙම ඒ job එක ඉවර කරන්න බැරිවෙන්න පුලුවන්.ඉතින් අපේ ස්වාමියට ඒ ගැන ඇත්තම කියන්න පුරුදුවෙන්න ඕන.ඒ මොකද දවස් දෙකක් වත් යන වැඩේට අපි කියනව මට මේක තව පැය දෙකකින් ඉවර කරන්න පුලුවන් වේවි කියල.
නමුත් ඒක කරන්න බැරි වැඩක්නෙ.ඉතින් අපි ඇත්තම කියන්න ඕන මට මේක ඉවර කරන්න මෙච්චර දවසක් යනව,පුලුවන් නම් මට තව දවස් දෙකක් දෙන්න කියල.මෙයාල කවදාවත් job එකක් දුන්නහම ඒක මැදකදි නතර කරන්න යන්නෙ නෑ.මොකද ඒක එයාලටත් පාඩුවක් නිසා.ඒත් ඉතින්..අපිට මේක බෑ වගේ කියල හිතෙනව නම් මෙයාල ඒ job එක නවත්තන්න තීරණය කරනව.ඒ නිසා අවංකව වැඩ කරන්න පුරුදු වෙන්න.
අවංකව වැඩ කරල මටත් හොද අත්දැකීම් තියෙනව.කස්ටිය ඒක අහන්න ආස ඇති කියල මම හිතනව.හරි..හරි හිත හිත ඉන්නෙ මොකටද ඒක මම කියලම දාන්නම්කො. මේකයි කතන්දරේ..
මම Odesk වල Web development පැත්තේ job තමා කරන්නෙ. ඉතින් මම එක දවසක් wordpress ( මොකක්ද මේ wordpress කියන්නෙ ) වල පොඩි අවුලක් හදන්න තියෙන job එකකට Apply කළා.ඒකට 3-4 දෙනෙක් apply කරල තිබුන.වැඩිය කස්ටිය ඒකට apply කරල තිබුනෙ නැත්තෙ ඒකට දෙන මුදල අඩු නිසා.ඒ මුදල තමයි ඩොලර් 5 ක්.ඉතින් ඕන දෙයක් කියල මමත් apply කරා.අන්තිමට මට ඩොලර් 4 කට වගේ ජොබ් එක සෙට් උනා කියමුකො.
මට කියන්න අමතක උනා.මම Odesk වල job කරනකල් wordpress ගැන දැනන් හිටියේ නෑ.Odesk එකේ job කරල තමා මම ඒ ගැන පොඩ්ඩක් හරි දැන ගත්තෙ.හරි මේකයි මට කරන්න තිබුනෙ.ඒ වෙබ් සයිට් එකේ කලින් වැඩ කරපු පොර ඒක Links හදන්න ගිහින් වේබ් සයිට් එක down කරල. (පස්සෙ ඌ ඒක හදන්න දන්නෙ නෑ කියල.ඒකයි මේ වගේ job එකක් odesk වල දාල තිබුනෙ) Address එක Type කරල ගියාම Error එකක් එනව.මට තිබුනෙ මේ Error එක හදන්න.යකෝ මල ජංජාලයයිනේ..මම ඒ එගේ ඒව කලින් කරල තිබුනෙ නෑ.ඒත් මට විශ්වාසයක් තිබුන මට ඒක කරන්න පුලුවන් කියල.
කොහොමහරි ඉන්ටර්නෙට් එකේ search පාරක් දාල අවුල හදන හැටි හොයාගත්ත.ඒ වෙලාවෙම FTP වලින් වෙබ් සයිට් එකේ Files වලට ගිහින් ඒ අවුල හදල අයිතියාරයට දැන්වුව. පැයකට විතර පස්සෙ මිනිහ Job එක End කරල තිබුන.වැඩේ හරි මිනිහට මාර fit වැඩේට.මොකද ඒ සයිට් එක ගොඩක් Traffic එකක් තියෙන සයිට් එකක්.ඉතින් ඒක පැයටක හරි down උනා කියන්නෙ ඌට ගොඩක් පාඩුයි.ඒකයි ඒක හැදුවට පොරට FIT.පස්සේ මට හොද Feedback එකකුත් ලැබිල තිබුන.
අවංකකම ගැන කතාව පටන් ගන්නෙ ඊළගට.මිනිහම මට අයෙත් පාරක් job එකකට ආරාධනා කරල තිබුන.ඒ මොකද මිනිහට මාව හොදට fit උන නිසා.ඒක පැයේ Job එකක්.පැයකට $4 යි.ඒකෙත් කරන්න තිබුනෙ මිනිහගේ Website එකේ පින්තූ වගේකට Link ටිකක් දාන එක.ඉතින් මම ඒකත් පැයකට කලින් ඉවර කළා.ඒකේදි මට ඕන නම් මුලු පැයම වැඩ කළා කියල $4 ම ගන්න තිබුණ.ඒත් මට එහෙම අවශ්‍යතාවයක් තිබුනේ නෑ.ඉතින් මට ඒකට ලැබුනෙ $1.03 ක් විතර.
ඒ job එකත් End කලාම මිනිහ මට කලින් වගේම නියම feedback එකක් දීල තිබුන.මේ තියෙන්නෙ ඒක.
එකේ කියල තියෙන්නෙ මට තව අයකරගන්න තිබුනත් මම එහෙම කරල නෑ කියලයි,මම අවංකයි වගේ දේවල් ටිකක්.අපිට මුදල් වලට වඩා Odesk වල Feedback වටිනව.ඒ මොකද ඒ Feedback දෙක නිසා මට අද හොද wordpress job එකක් ලැබුන කියල සතුටින් කියන්න කැමතියි.Odesk වල තියෙන Feedback කියන දේ ගැන කස්ටිය දන්නව ඇති කියලයි මම හිතන්නෙ.ඒ ගැන දැනගන්න ඕන අය ඉන්නව නම් කියන්න.මම ඒ ගැනත් පොඩි විස්තරයක් දාන්නම්.
අදට බොරු කිව්ව ඇති කියල හිතෙනව.මම ඊළග Post එකෙන් කියන්නම් කොහොමද හරියට Odesk වල job එකකට apply කරන්නෙ කියල.එහෙනම් ඔන්න අපි ගියා.