Open top menu
Sunday 12 August 2012

වැඩ වැඩ වැඩ..අපි හැමෝම මැරෙනකම් ඉවරයක් නැති වැඩ.සල්ලි හොයන්න අපි ඉවරයක් නැති වැඩ.සල්ලි මොකටද..??කන්න බොන්න අදින්න පළදින්න.වෙලාවකට හිතෙනවා අපිට පිස්සු කියල.අපි අපේ කාර්‍යබහුලත්වයත් එක්ක හිරවෙලා ඉන්නේ මොකටද කියලා වෙලාවකට හිතෙනවා..සමහරු නැහිල නැහිලැ තුට්ටු දෙකක් හොයනවා..සමහරු නිකම් ඉදලා ලොකු ලොකු පඩි ගන්නවා..සමහරු අනිත් අයටත් ‍පඩි හොයන්න තමන්ගේ ජීවිත කාලෙම රස්සාවට කැප කරනවා..ඒ අස්සේ මිනිස්සු වැඩ කරන මිනිස්සුන්ට බාල්දි පෙරලනවා..ඒත් ඒ මිනිස්සුන්ට ඒවා කරා කියලා ලැබෙන දෙයක් නෑ..කුහකත්වය.ඉරිසියාව වගේ දේවල් වලින් හිත් පිරිලා..එහෙව් දේවල් කරන්නේ වැඩක් කරන්න බැරි වැඩ කරගන්න බැරි මිනිස්සු තමයි කියලත් අපි දන්නවා.හැමෝටම එහෙම අත්දැකීම් තියනවා..

රස්සාව ජීවිතේ කරන් ජීවත් වනවාට වඩා ජීවත් වෙන්න රස්සාවක් කරන එකය් හොදම කාරණාව.මොකද අපිට වටින්නේ අපේ ජීවිතේ නිසා.තමන්ගේ දක්ෂකමට කොහෙත් පිළිගැනීමක් තියෙනවා.ඒව‍ට හොද වටිනාකමක් තියනවා.ළිං මැඩියෝ වගේ ඉන්න සමහරු උඩට නගින මිනිස්සුන්ගේ කකුළින් අදිනවා.සමහර විට උන් ජය ගන්නවා .. තවත් විටක අපි ජය ගන්නවා..මොන දේ කරත් කෙලින් යන මිනිහව
වලක්වන්න කාටවත් බෑ කියල අර කකුළින් අදින මිනිහත් දන්නවා..කොයි හැටි වෙතත් පාර වදින්නේ වැඩ කරන මිනිහටමනේ කියල අපි හැමෝම දැනගන ඉන්න වෙනවා..මොකද ගල් පාරවල් පොළු පාරවල් වදින්නේ ගෙඩි තියන අඹ ගස්වලටනේ..

හැම වෙලේම කාටත් පොදු කාරණාව ප්‍රශ්ණ..ප්‍රශ්ණ නැත්නම් ජීවිතේකුත් නෑ.ජීවිතේ මුවහත් වෙන්නේ ප්‍රශ්න වලින්.අලුතින් අපිට එන ප්‍රශ්නයක් කාලෙත් එක්කම සාමාන්‍ය වෙනවා..එතකොට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ.හැබෙයි ප්‍රශ්නෙට උත්තරයකුත් අත ලගම තියනවා.ඒ උත්තරේ සොයා ගැනීමයි අපේ දක්ෂකම..ඒ වගේම නිශ්ශබ්ධව සිටීමත් ප්‍රශ්නෙට පිළිතුරක් නෙවේ..එහෙම වෙනකොට අනිත් පාර්ශවය අපේ ඔළුගෙඩි වලට අතහෝදනවා.ඕනම දරුණු ප්‍රශ්නයක් විසදන්න පුළුවන් හැටියක් තියනවා..ජීවත් වෙන ටික කාලේ අපි අනිත් මිනිස්සුන්ට ප්‍රශ්නයක් නොවුනත් අපිට සමහර මිනිස්සු ප්‍රශ්ණ වෙන වාර අනන්තයි අප්‍රමාණයි.එහෙම වෙන්නේ අපේ හිත් හොද නිසා වෙන්න පුළුවන්..හිත හොද ගෑනී හැමදාම බඩින් කිව්වේ අන්න ඒකයි.

හැමදාම කියන්නා වගේ මේ ලෝකය හරිම පුදුමාකාරයි..මේ ලෝකේ ඉන්නේ මිනිස්සු වර්ගදෙකයි හිත හොද මිනිස්සු සහ හිත හොද නැති නරුම මිනිස්සු.අපිත් අපේ තරම දැනගන..අතේ දුරින් තබා ගත යුත්තන්..ළගට ගත යුත්තන් සහ ඇසුරු නොකල යුත්තන් තරමින් දැනගෙන ජීවිතේ ගෙවන එකයි අවැසිම දේ..
 
උපුටා ගැනීම - හසිත හේරත් සොහොයුරාගේ Facebook ගිණුමෙනි.
Different Themes
Written by Lovely

Aenean quis feugiat elit. Quisque ultricies sollicitudin ante ut venenatis. Nulla dapibus placerat faucibus. Aenean quis leo non neque ultrices scelerisque. Nullam nec vulputate velit. Etiam fermentum turpis at magna tristique interdum.

2 comments: