Open top menu
Tuesday 28 August 2012
Delete උන Files Recover කරගන්න මෙන්න නියම භාණ්ඩෙ

ගොඩ දවසකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා.පෝස්ට් එකක් දාන්නෙ නැත්තම් හිතට හරි නෑ වගේ,ඉතින් මගේ වැඩත් එක්කම මගේ බ්ලොග් එකත් එක්ක ඉන්න කස්ටියට අලුත් දෙයක් දෙන්න එපැයි.ඉතින් අදත් පොඩ්ඩක් වටින කියන දෙයක් අරන් ආව.

මේකෙන් අපේ පරිගණකයෙ තියෙන Files හදිසියේ Delete උනොත් ආයෙ ගන්න පුලුවන්.ඒ කියන්නෙ Recycle Bin එකෙ තියෙන ඒව නෙවෙයි.Recycle Bin එකෙනුත් Delete උන ඒව.පාවිච්චි කරන්නත් හරි ලේසියි.මේක දෙන්නෙ නම් සල්ලි වලට ඒත් eසිහිනයෙන් මේක නොමිලේ දෙනව.ඒ කියන්නෙ Crack එකත් එක්ක.ඕන කස්ටිය ඉන්නව නම් පහළ Link එකට ගිහින් බාගන්න.ඔන්න අපි ගියා.



Read more
Sunday 12 August 2012
Man Vs. Man

වැඩ වැඩ වැඩ..අපි හැමෝම මැරෙනකම් ඉවරයක් නැති වැඩ.සල්ලි හොයන්න අපි ඉවරයක් නැති වැඩ.සල්ලි මොකටද..??කන්න බොන්න අදින්න පළදින්න.වෙලාවකට හිතෙනවා අපිට පිස්සු කියල.අපි අපේ කාර්‍යබහුලත්වයත් එක්ක හිරවෙලා ඉන්නේ මොකටද කියලා වෙලාවකට හිතෙනවා..සමහරු නැහිල නැහිලැ තුට්ටු දෙකක් හොයනවා..සමහරු නිකම් ඉදලා ලොකු ලොකු පඩි ගන්නවා..සමහරු අනිත් අයටත් ‍පඩි හොයන්න තමන්ගේ ජීවිත කාලෙම රස්සාවට කැප කරනවා..ඒ අස්සේ මිනිස්සු වැඩ කරන මිනිස්සුන්ට බාල්දි පෙරලනවා..ඒත් ඒ මිනිස්සුන්ට ඒවා කරා කියලා ලැබෙන දෙයක් නෑ..කුහකත්වය.ඉරිසියාව වගේ දේවල් වලින් හිත් පිරිලා..එහෙව් දේවල් කරන්නේ වැඩක් කරන්න බැරි වැඩ කරගන්න බැරි මිනිස්සු තමයි කියලත් අපි දන්නවා.හැමෝටම එහෙම අත්දැකීම් තියනවා..

රස්සාව ජීවිතේ කරන් ජීවත් වනවාට වඩා ජීවත් වෙන්න රස්සාවක් කරන එකය් හොදම කාරණාව.මොකද අපිට වටින්නේ අපේ ජීවිතේ නිසා.තමන්ගේ දක්ෂකමට කොහෙත් පිළිගැනීමක් තියෙනවා.ඒව‍ට හොද වටිනාකමක් තියනවා.ළිං මැඩියෝ වගේ ඉන්න සමහරු උඩට නගින මිනිස්සුන්ගේ කකුළින් අදිනවා.සමහර විට උන් ජය ගන්නවා .. තවත් විටක අපි ජය ගන්නවා..මොන දේ කරත් කෙලින් යන මිනිහව
වලක්වන්න කාටවත් බෑ කියල අර කකුළින් අදින මිනිහත් දන්නවා..කොයි හැටි වෙතත් පාර වදින්නේ වැඩ කරන මිනිහටමනේ කියල අපි හැමෝම දැනගන ඉන්න වෙනවා..මොකද ගල් පාරවල් පොළු පාරවල් වදින්නේ ගෙඩි තියන අඹ ගස්වලටනේ..

හැම වෙලේම කාටත් පොදු කාරණාව ප්‍රශ්ණ..ප්‍රශ්ණ නැත්නම් ජීවිතේකුත් නෑ.ජීවිතේ මුවහත් වෙන්නේ ප්‍රශ්න වලින්.අලුතින් අපිට එන ප්‍රශ්නයක් කාලෙත් එක්කම සාමාන්‍ය වෙනවා..එතකොට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ.හැබෙයි ප්‍රශ්නෙට උත්තරයකුත් අත ලගම තියනවා.ඒ උත්තරේ සොයා ගැනීමයි අපේ දක්ෂකම..ඒ වගේම නිශ්ශබ්ධව සිටීමත් ප්‍රශ්නෙට පිළිතුරක් නෙවේ..එහෙම වෙනකොට අනිත් පාර්ශවය අපේ ඔළුගෙඩි වලට අතහෝදනවා.ඕනම දරුණු ප්‍රශ්නයක් විසදන්න පුළුවන් හැටියක් තියනවා..ජීවත් වෙන ටික කාලේ අපි අනිත් මිනිස්සුන්ට ප්‍රශ්නයක් නොවුනත් අපිට සමහර මිනිස්සු ප්‍රශ්ණ වෙන වාර අනන්තයි අප්‍රමාණයි.එහෙම වෙන්නේ අපේ හිත් හොද නිසා වෙන්න පුළුවන්..හිත හොද ගෑනී හැමදාම බඩින් කිව්වේ අන්න ඒකයි.

හැමදාම කියන්නා වගේ මේ ලෝකය හරිම පුදුමාකාරයි..මේ ලෝකේ ඉන්නේ මිනිස්සු වර්ගදෙකයි හිත හොද මිනිස්සු සහ හිත හොද නැති නරුම මිනිස්සු.අපිත් අපේ තරම දැනගන..අතේ දුරින් තබා ගත යුත්තන්..ළගට ගත යුත්තන් සහ ඇසුරු නොකල යුත්තන් තරමින් දැනගෙන ජීවිතේ ගෙවන එකයි අවැසිම දේ..
 
උපුටා ගැනීම - හසිත හේරත් සොහොයුරාගේ Facebook ගිණුමෙනි.
Read more
Friday 10 August 2012
Laptop එකෙන් Phone එකට Free Internet

දැන් කාලෙ ගොඩක් අයට Wi-fi තියෙන Laptop,Mobile Phone එහෙම තියෙනවනෙ.ඉතින් මේ Wi-fi හරහා අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න නම් අන්තර්ජාල සේවා සපයන wi-fi තියෙන Router එකක් ඕන වෙනව.(Wi-Fi ගැන කියන්න නම් ගොඩක් දේවල් තියෙනව.මම කෙටියෙන්ම තමා කිව්වෙ.ගොඩක් අය මේ ගැන දන්නවනෙ)උදාහරණයක් විදියට D-Link,Linksys වගේ ඒව.මේ තියෙන්නෙ එහෙම Wi-fi Enabled Router එකක්. (මේවට කියන්නෙ Wi-Fi Hotspot කියල)
 
 ඒ වගේම පහළින් තියෙන්නෙ Wi-fi වැඩ කරන හැටි ගැන පින්තූරයක්.දන්නෙ නැති අය ඒකෙන් සරල අදහසක් ගන්න.


මේ වගේ Router එකක් තිබුන නම් අපේ Wi-Fi තියෙන Phone එකෙන් මේ හරහා අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න පුලුවන්.ගොඩක් අය ලග මේ  වගේ Wireless Router නෑනේ (මන් ලගත් නෑ) ඉතින් ඒ වගේ අයට පාවිච්චි කරන්න පුලුවන් නියම Software එකක් තමයි Connectify කියන්නෙ.මේකෙන් කරන්නෙ අපේ Laptop එකේ Wi-Fi Hotspot එකක් හදල Laptop එකට LAN එකෙන් හරි Internet Dongle එකෙන් හරි එන Internet Connection එක බෙදාහැරීමයි.

ඒ Software එකෙන්ම DHCP POOL එකක් හදල Users ලට IP Address ලබා දෙනව.ඇත්තටම මේකත් Router එකක් වගේ තමයි.දැන් ඉතින් Wi-Fi Phone,Laptop,PC's තියෙන අයට අපේ පරිගණකය හරහා අන්තර්ජාලයට පිවිසෙන්න පුලුවන්.මේ Software එක නම් නිකන් දෙන්නෙ නෑ.ඒත් මේ වෙබ් සයිට් එකෙන් ඒක නිකන් Serial Number එකත් එක්ක දෙනව.Download කරල Install කරල බලන්න.ප්‍රශ්නයක් තිබුනොත් Comment එකක් දාන්න.

මෙතන්ට ගිහින් Software එක Download කරගන්න. 

Password: betterfreedownload.blogspot.com 

Note - After entering the serial do not forget to open the hosts file in "C: \ Windows \ System32 \drivers \ etc", then add "127.0.0.1 updates.connectify.me".
Read more
Wednesday 8 August 2012
මූණු පොතෙන් අහුල ගත්ත  පින්තූර ටිකක්

මේ තියෙන්නෙ මූණු පොතෙන් Dwonload කරගත්ත කාලීන මාතෘකා වලට අදාළ පින්තූර ටිකක්.සමහර අය නම් මේව දැකලත් ඇති.නොදැක්ක අයට දැකගන්න ඕන් ඒ පින්තූර ටික මගේ බ්ලොග් එකටත් දැම්ම.






 සියලු අයිතිය මෙහි හිමිකරුවන් සතුය.
Read more