Open top menu
Friday 18 November 2011

අද උදේ දාපු  ‍ඉන්ටර්නෙට් මනි ගැන තිත්ත කතාව යන පෝස්ට් එක හුග දෙනෙක් කියවලද? නැත්නම් Google දෙයියන්ට වැරදිලද? කියල මට නම් හිතාගන්න අමාරුයි.මොකද මම මගේ Blog අඩවියට ඇතුල් වී බැලු විට එහි අද දවසේ එම ලිපිය කියවූ අය (Page views today) 247 කි. මට ඒත් සැකයි ඇත්තටම මේච්චරක් අය මේ ලිපිය බැලුවද කියලත්.

පහළින් තියෙන්නෙ අද දවසේ ලිපි කියවූ අය ගැන විස්තරයකි-



Comment එකක් නොදා හරි මගේ අඩවියේ සිහින දකින්නට පැමිණියට  සියලු දෙනාට ස්තුතියි.

හරි ඒව වැඩක් නෑ.කලින් Post එකේ  පොරොන්දු උන විදියට Internet Money ගැන මගේ Blog එකෙනුත් පොඩ්ඩක් විස්තර කරන්නම්කො.හැබැයි ඉතින් මම නම් ඔය ඇඩ්ස් ක්ලික් කරන්න දීල,Link දාල නෙමෙයි සල්ලි හොයන්නෙ.පොඩ්ඩක් මහන්සි වෙන්න වෙනව.

මම නම් දැනට Online Job එක කරන්නෙ Odesk කියන freelance වෙබ් අඩවියේ.ඇත්තටම මම ඒ සයිට් එකේ  Job කරන හැටි ඉගෙන ගන්න මොනම Internet Money කඩයකටවත් ගියෙ නෑ.මම ඒ ගැන ඉගෙන මගේ හොදම මිතුරගෙන්.දැන් කස්ටිය බලයි කවුද මගේ හොදම මිතුර කියල, හරි මම ඒකත් කියන්නම්කෝ.මගේ හොදම මිතුර තමයි අන්තර්ජාලය.

අන්තර්ජාලයේ Youtube වැනි වෙබ් අඩවි වල කොහොමද freelance වෙබ් අඩවි වල Job කරන්නෙ කියල ඉතා පැහැදිළිව හා සරලව කියා දෙනව.ඉතින් ඒව බලල අපිට තේරුම්ගන්න පුලුවන් නම් ඔය Internet Money කඩවල් ගානෙ ගිහින් වියදම් කරන මුදල් ඉතිරි කරගන්න හැකි වෙනව.

මමත් ඔය  Youtube වල Videos එහෙම බලල කොහොමහරි Odesk වල Profile එකක් හදා ගත්තයි කියමුකො.Profile එක හැදුවෙ නම් 2010 සැප්තැම්බර් මාසේ වගේ. Profile එක හැදුව පළියට අපිට Job දෙන්නෙත් නෑනේ.මාත් ඉතින් Try කරල..Try කරල Job ටිකකට Apply කලා. ඒ Apply කරපු Jobs වලට මොකද උනේ කියල ඊළග Post එකෙන් කියන්නම්කෝ.

ඔයාලගේ අදහස් හා උදහස් මට මේ Blog අඩවිය ඉදිරියට ගෙන යෑමට ගොඩක් වටිනවා.වෙලාවක් තියෙනව නම් පහළින් Comment එකක් දාල යන්න.ජය වේවා..
Tagged
Different Themes
Written by Lovely

Aenean quis feugiat elit. Quisque ultricies sollicitudin ante ut venenatis. Nulla dapibus placerat faucibus. Aenean quis leo non neque ultrices scelerisque. Nullam nec vulputate velit. Etiam fermentum turpis at magna tristique interdum.

14 comments:

  1. මරු මචං ලියපන් දිගටම.
    ඉස්සරහට කමෙන්ට් සපෝට් එකත් දෙන්නම්.

    ReplyDelete
  2. මචන් සිංහලෙන් නම් බ්ලොග් කරල කීයක් වත් හොයන්න බැහැ. පටන් ගනින් English බ්ලොග් එකක්. ගේමක් නැතුව මාස 6කින් හරි 7කින් හරි Alexa 11000-12000ත් අතරට ගේනන පුලුවන්. එතකන් ටිකක් මහන්සිවෙන්න ඕනෙ. සියිට් එක හිට් උනාම සුද්දොත් ඇවිල්ල අහනව පෝස්ට් දාන්න. මම නම් මහ ගානක් හොයන්නෙ නැහැ. තාම පටන් අරන් මාස 6යි. මාසෙට RS27000-34000ත් අතර ඕක එහා මෙහා වෙනව. මීට වඩා හොයන්න පුලුවන් ඒත් Buysellads ලොකු ගානක් කපාගන්නව බන්.

    ReplyDelete
  3. tawa digital point wage forum wala link sell wala site aka space aka sell karanan balanna.pr aka hodanum hoda ganakata link akak sall karanna puluwan.

    ReplyDelete
  4. නියමයි. හිට්ස් ගාන ගැන බලාපොරොත්තු නොවි පොස්ට් එක දාපන්. ජය වේවා!

    ReplyDelete
  5. මාත් මේවගේ දේවල් ගැන උනන්දුයි.දිගටම ලියමු :)

    ReplyDelete
  6. api idala hitala cooment ekak dammata, comment danna kammali unata... oyage wadeta bokkenma support.... digatama karanna jaya wewa..

    ReplyDelete
  7. @ nuwan blog Sahayogeta bohoma sthuthie...

    ReplyDelete
  8. මචං ඔයාගේ පෝස්ට් එක ඔ‍ඩෙක්ස් ආධුනිකයින්ට නියමයි.මාත් ඔ‍ඩෙක්ස් වලට ඡොයින්ට් වෙලා මාසවක්වත් නෑ තාම.මං කරන්නෙත් ග්‍රැපික් ඩිසයින්.මටත් පොඩි ප්‍රස්නයක් තියෙනවා.
    1.අපි කරන ඡොබ් අප් ලෝඩ් කරලා එයාලට යවන්නේ කොහොමද.
    2.ඒකට පාස්වර්ඩ් දාන්න ඕනිද.
    3.ඇලට්පේ(පේෂා)ගිණුම ඔඩෙක්ස් වලව ෂපෝට් කරන් නැද්ද.

    පුලුවන්නම් මේ ගැනත් පෝස්ට් එකක් දාන්න.....ස්තූතියි.

    ReplyDelete
  9. @Sumith - ඊළග පෝස්ට් එකෙන් මේ ගැන කතාකරනවා. ස්තුතියි

    ReplyDelete
  10. http://www.clixsense.com/?4923352 web akkata werannko mama dan maken Rs.27550/= vitara masakata houanawa. hamadama ad balanna vennawa. oya link aken oya avoth mama Rs.5520 nomila dannawa.
    tawa vistara passa.

    ReplyDelete
  11. ela kiri machan..o desk karanna math asawen enne

    ReplyDelete
  12. ela eal...........

    Learn English soon,money,nusic,gossip

    ReplyDelete