Open top menu
Wednesday 30 November 2011

මේ ලියන්න යන්නෙ Odesk වලදි සාර්ථක වෙන්නෙ කොහොමද කියන ලිපියෙ ඉතිරි කොටසයි.අපි පසුගිය ලිපියෙන් කතා කළා මතක ඇති Odesk වලදි සාර්ථක වෙන ක්‍රම 3 ක් ( Odesk වලදි සාර්ථක වෙන්නෙ කොහොමද?) අද කියන්න යන්නෙ Odesk වලදි සාර්ථක වෙන්න පුලුවන් තවත් රහස් ටිකක්.
04.අවංක බව-
අවංක බව නම් Odesk වල job එකක් කරනකොට විතරක් නෙමෙයි අපේ සාමාන්‍ය ජීවිතයෙදිත් ප්‍රයෝජනවත් වෙනව.අවංකව වැඩ කරන කෙනෙක්ට කවදාවත් වරදින්නෙ නම් නෑ. හරි අපි බලමු කොහොමද මේ අවංකකම Odesk වලදි ඕන වෙන්නෙ කියල.

අපිට Odesk වල job එකක් ලැබුණහම අපි ඒක මෙච්චර දවස් ගණනකින් කරන්නම් කියල අපේ ස්වාමියට පොරොන්දු වෙනවනෙ.ඒත් සමහර වෙලාවට අපිට පොරොන්දු වෙන දවසෙම ඒ job එක ඉවර කරන්න බැරිවෙන්න පුලුවන්.ඉතින් අපේ ස්වාමියට ඒ ගැන ඇත්තම කියන්න පුරුදුවෙන්න ඕන.ඒ මොකද දවස් දෙකක් වත් යන වැඩේට අපි කියනව මට මේක තව පැය දෙකකින් ඉවර කරන්න පුලුවන් වේවි කියල.

නමුත් ඒක කරන්න බැරි වැඩක්නෙ.ඉතින් අපි ඇත්තම කියන්න ඕන මට මේක ඉවර කරන්න මෙච්චර දවසක් යනව,පුලුවන් නම් මට තව දවස් දෙකක් දෙන්න කියල.මෙයාල කවදාවත් job එකක් දුන්නහම ඒක මැදකදි නතර කරන්න යන්නෙ නෑ.මොකද ඒක එයාලටත් පාඩුවක් නිසා.ඒත් ඉතින්..අපිට මේක බෑ වගේ කියල හි‍තෙනව නම් මෙයාල ඒ job  එක නවත්තන්න තීරණය කරනව.ඒ නිසා අවංකව වැඩ කරන්න පුරුදු වෙන්න.

අවංකව වැඩ කරල මටත් හොද අත්දැකීම් තියෙනව.කස්ටිය ඒක අහන්න ආස ඇති කියල මම හිතනව.හරි..හරි හිත හිත ඉන්නෙ මොකටද ඒක මම කියලම දාන්නම්කො. මේකයි කතන්දරේ..

මම Odesk වල Web development පැත්තේ job තමා කරන්නෙ. ඉතින් මම එක දවසක් wordpress ( මොකක්ද මේ wordpress කියන්නෙ ) වල පොඩි අවුලක් හදන්න තියෙන job එකකට Apply කළා.ඒකට 3-4 දෙනෙක් apply කරල තිබුන.වැඩිය කස්ටිය ඒකට apply කරල තිබුනෙ නැත්තෙ ඒකට දෙන මුදල අඩු නිසා.ඒ මුදල තමයි ඩොලර් 5 ක්.ඉතින් ඕන දෙයක් කියල මමත් apply කරා.අන්තිමට මට ඩොලර් 4 කට වගේ ජොබ් එක සෙට් උනා කියමුකො.

මට කියන්න අමතක උනා.මම Odesk වල job කරනකල් wordpress ගැන දැනන් හිටියේ නෑ.Odesk එකේ job කරල තමා මම ඒ ගැන පොඩ්ඩක් හරි දැන ගත්තෙ.හරි මේකයි මට කරන්න තිබුනෙ.ඒ වෙබ් සයිට් එකේ කලින් වැඩ කරපු පොර ඒක Links හදන්න ගිහින් වේබ් සයිට් එක down කරල. (පස්සෙ ඌ ඒක හදන්න දන්නෙ නෑ කියල.ඒකයි මේ වගේ job එකක් odesk වල දාල තිබුනෙ) Address එක Type කරල ගියාම Error එකක් එනව.ම‍ට තිබුනෙ මේ Error එක හදන්න.යකෝ මල ජංජාලයයිනේ..මම ඒ එගේ ඒව කලින් කරල තිබුනෙ නෑ.ඒත් මට විශ්වාසයක් තිබුන මට ඒක කරන්න පුලුවන් කියල. 

කොහොමහරි ඉන්ටර්නෙට් එකේ search පාරක් දාල අවුල හදන හැටි හොයාගත්ත.ඒ වෙලාවෙම FTP වලින් වෙබ් සයිට් එකේ Files වලට ගිහින් ඒ අවුල හදල අයිතියාරයට දැන්වුව. පැයකට විතර පස්සෙ මිනිහ Job එක End කරල තිබුන.වැඩේ හරි මිනිහට මාර fit වැඩේට.මොකද ඒ සයිට් එක ගොඩක් Traffic එකක් තියෙන සයිට් එකක්.ඉතින් ඒක පැයටක හරි down උනා කියන්නෙ ඌට ගොඩක් පාඩුයි.ඒකයි ඒක හැදුවට පොරට FIT.පස්සේ මට හොද Feedback එකකුත් ලැබිල තිබුන.

අවංකකම ගැන කතාව පටන් ගන්නෙ ඊළගට.මිනිහම මට අයෙත් පාරක් job එකකට ආරාධනා කරල තිබුන.ඒ මොකද මිනිහට මාව හොදට fit උන නිසා.ඒක පැයේ Job එකක්.පැයකට $4 යි.ඒකෙත් කරන්න තිබුනෙ මිනිහගේ Website එකේ පින්තූ වගේකට Link ටිකක් දාන එක.ඉතින් මම ඒකත් පැයකට කලින් ඉවර කළා.ඒකේදි මට ඕන නම් මුලු පැයම වැඩ කළා කියල $4 ම ගන්න තිබුණ.ඒත් මට එහෙම අවශ්‍යතාවයක් තිබුනේ නෑ.ඉතින් මට ඒකට ලැබුනෙ $1.03 ක් විතර.

job එකත් End කලාම මිනිහ මට කලින් වගේම නියම feedback එකක් දීල තිබුන.මේ තියෙන්නෙ ඒක.



එකේ කියල තියෙන්නෙ මට තව අයකරගන්න තිබුනත් මම එහෙම කරල නෑ කියලයි,මම අවංකයි වගේ දේවල් ටිකක්.අපිට මුදල් වලට වඩා Odesk වල Feedback වටිනව.ඒ මොකද ඒ Feedback දෙක නිසා මට අද හොද wordpress job එකක් ලැබුන කියල සතුටින් කියන්න කැමතියි.Odesk වල තියෙන Feedback කියන දේ ගැන කස්ටිය දන්නව ඇති කියලයි මම හිතන්නෙ.ඒ ගැන දැනගන්න ඕන අය ඉන්නව නම් කියන්න.මම ඒ ගැනත් පොඩි විස්තරයක් දාන්නම්.

අදට බොරු කිව්ව ඇති කියල හිතෙනව.මම ඊළග Post එකෙන් කියන්නම් කොහොමද හරියට Odesk වල job එකකට apply කරන්නෙ කියල.එහෙනම් ඔන්න අපි ගියා. 
   

 
Tagged
Different Themes
Written by Lovely

Aenean quis feugiat elit. Quisque ultricies sollicitudin ante ut venenatis. Nulla dapibus placerat faucibus. Aenean quis leo non neque ultrices scelerisque. Nullam nec vulputate velit. Etiam fermentum turpis at magna tristique interdum.

5 comments:

  1. මමත් Odesk වල job කරන්න පටන් ගත්තා. ඔයාගෙ ලිපි සහ iplusblog ලිපි කියවල තමයි පටන් ගත්තේ. ඒ නිසා ඔයාටත් ගෞරවයක් දෙන්න ඕන. පටන් ගෙන දැනට සති 2ක් වගේ වෙන්නෙ.
    අවංකත්වය ගැන කතා කරද්දි මටත් පොඩි අත් දැකීමක් තියෙනව බෙදා ගන්න.
    මට Odesk වල පළවෙනි job එක ලැබුනෙ ගිය සතියෙ. හරියටම බ්ර හස්පතින්දා. ඒත් අවාසනාවන්ත සිද්දධියක් වුනා මතක ඇතිනේ. එදා මහ හයියෙන් වැස්සා. හුළඟකුත් ආවා. දකුණට ඒ කියන්නෙ මගේ පළාතට තමයි ගොඩක් හානි වුනේ. අපේ ගෙදරට හානි නොවුනත් ප්‍නෙදේශයට ගොඩක් අලාභ හානි වුණා. අපට දවස් 4ක් යනකන් කරන්ට් එක තිබුනෙ නෑ. ඉතින් මට ලැබුනු 1වෙනි job එකට කන කොකා හැඬුව. ඒත් මං වැඩේ අත හැරියෙ නෑ. දවස් 4කට පස්සෙ ලයිට් ආවා. මම වැඩේ කළා. මට තිබුණෙ එයාගේ වෙබ් සයිට් එකකට logo එකක් හදන්නග මම logos 5 ක් හදල යැව්වා පොඩි පණිවිඩේකුත් එක්ක. මම පරක්කු වුනාට සමාවෙන්න කියල ඒකට ඇත්ත හේතුවම කිව්ව. මම කිව්ව මට සල්ලි ඕන නැහැ මට feedback එකක් විතරක් සහ Odesk වල fee එක වෙනුවෙන් පොඩි මුදලක් දෙන්න කියල. (එයාගෙ මුල් බජට් එක තිබුනෙ $30 ක්.)මේ තියෙන්නෙ මම යවපු මැසේජ් එක.
    Mr. Price,
    Sorry for the delay to reply you. It was bad weather conditions for last 4 days and communication lines were down. Therefore I was unable to log in to the internet. I’m really sorry for the inconvenience. Here I’m sending 5 different logos as your description. I don’t need money. Use them if you are satisfied. If you picked one of them, please just give me a positive feedback. That’s all I need. (please only give odesk fee).

    Thanks,
    Yours sincerely
    Tharindu

    මේ මැසේජ් එක යැව්වම එයා මෙහෙම එව්වා

    i'm not complaining cause you don't want money and you just did that out of the goodness of your heart which i really appreciate. so thank you!
    i will leave you positive feedback anyways...
    මෙහෙම කියල එයා ගියා.
    ඊට ප්සසෙ ඔයාල විස්වාස කරන්න දවස් 3කට විතර පස්සෙ එයා මට තව jobs 3ක් දුන්නා. බැනර් වගයක් හදන්න. ඒවත් මම අවංකව කළා. හැබැයි ඒවට නම් සල්ලි ගත්ත. අවංකව මුදලට කෑදර නොවී වැඩ කළොත් ගොඩේ ගොඩ.

    ReplyDelete
  2. ඔබේ අදහස් අප සමග බෙදා ගත්තාට බොහොම ස්තුතියි තරිදු.ඇත්තෙන්ම ඔබට උනා සිදුවිම ගැන නම් කණගාටුයි.ඒත් ඔබ Odesk වල සාර්ථක උනා කියන එක ගැන නම් ගොඩක් සතුටුයි.අවංකව හිටියොත් Odesk වල විතරක් නෙමෙයි ඕනම තැනකදි තමන් ජය ගන්නව.

    ඔබේ ඉදිරි ගමන සාර්ථක වේවා..ම සමග රැදී සිටියාට ස්තුතියි.

    ReplyDelete
  3. මචෝ ප්‍රශ්න ටික odesk එකෙන් වෙනස් කරලා. අලුත් ප්‍රශ්න ටිකට උත්තර දන්න තැනක් එහෙම තියෙනවද?

    ReplyDelete
  4. තරිඳු, අද්දැකීම් බෙදාගත්තට ස්තූතියි .

    ReplyDelete