Open top menu
Sunday 20 November 2011

මම කලින් ලියපු Internet Money පිළිබද මගේ අත්දැකීම් කියන පෝස්ට් එක ටික දෙනෙක් කියවල තියෙනව වගේ.තව ටික දෙනෙක් Comment කරලත් තිබුන Hits ගැන හිතන්නෙ නැතිව ඊළග පෝස්ට් එකත් දාන්න කියල ඉතින් මම හිතුව තව පෝස්ට් එකක් දැම්මොත් හොදයි කියල.ඉතින් මෙන්න ඒක.

මම කලින් පෝස්ට් එකේ කිව්වනේ Odesk එකේ jobs වලට Apply කලා කියල.‍  ඒත් ඉතින් Apply කලාට නම් කිසි වැඩක් උනේ නෑ ඒ ඔක්කොම decline කරල.ඉතින් මගේ ලබාපොරොත්තු ඔක්කොම සුන්..මට හිතෙන්නෙ මට එහෙම උනේ මගේ Profile එකේ Feedback නැති නිසා වෙන්න ඇති කියල.එත් ඉතින් Feedback ලැබෙන්නත් jobs ලැබෙන්න එපැයි.අන්තිමට මට හිතුන මේක නම් තේරුමක් නැති වැඩක්,නිකන් මගේ කාලය අපතෙ යනව විතරයි කියල.ඉතින් එතනින් මගේ Online Job කෙරුවාව අවසන් උනා.ඒකට තිබුන ආසාවත් නැති උනා.







කොහොමහරි ටික කාලෙකට පස්සෙ මම Techkatha අහනකොට ඒකෙ ඔය Odesk ගැන කියවුනා.Odesk හොද Freelance website එකක් කියලත් කිව්ව.ඔන්න ඉතින් මට ආයෙත් ආසාවක් ඇති උන Odesk වල Job කරන එකට.මම කලින් හදපු Profile එකකුත් Odesk වල තිබුණනේ.ඉතින් මට තිබුණෙ ආයෙත් Jobs වලට apply කරන එක විතරයි.

මාස ගානකට පස්සෙ තමා ආයෙත් Odesk වලට ගියෙ.අමාරුවෙන් Proposal එහෙම ලියල ආයෙත් Jobs ටිකකට apply කරල එදා මම නිදාගත්ත.ඔන්න අනිත් දවසෙ උදේ නිකමට වගේ මම Odesk එක පැත්තෙ ගියා.සුපුරැදු පරිදි ගොඩක් Jobs decline කරල.ඒත් එක Job එකකට apply කල එකක් වැඩ කරල වගේ කියල මට හිතුන.ඒ job එක නම් Graphic Design Job එකක්.

‍දැන් මටත් මාර Fit වැඩේට.හැබැයි තවම job එක ලැබිල නම් නෑ.job එක Post කරල තිබුනෙ ඇමරිකාවෙ Photographer කෙනෙක්.මගෙන් අහල තිබුන job එක කරන්න පුලුවන්ද?කොච්චර කල් යනවද?කීයක් අය කරනවද? කියල.ඉතින් මමත් මගේ දන්න ඉංගිරිසිය පුලුවන් තරම් දාල මට මේක කරන්න පුලුවන්,දවසකින් හරි දවස් දෙකකින් හරි Job එක complete කරන්න පුලුවන් වෙයි,මගේ ගාන $15 යි කියල.(මිනිහගේ   Budget එක $20 යි).තව මේක මගේ පළවෙනි job එක ඒ නිසා මම හැකි උපරිමයෙන් කරන්නම් වගේ දෙවල් ටිකකුත් Message එකට දාල මම reply කලා.

 මේ job එකට Apply කරන හිටියෙ මම විතරක් නම් නෙමෙයි.තව හතරදෙනෙක් මේකට Apply කරල තිබුන.ඉතින් එතනත් හෙන ගේමනෙ.මම අලුත් කෙනෙක්.අනිත් අය නම් jobs දෙක තුනක් හරි කරල තිබුන අය.ඉතින් මට වැඩිය විශ්වාසයක් තිබුනෙ නෑ මේක ලැබෙයි කියල.ඉතින් මම ආයෙත් පැය දෙක තුනකින් ඇවිත් බලනකොට මට තව Message එකක් ලැබිල තිබුන මගේ ඊමේල් එක එවන්න.මම ඔයාට මේ job එක දෙන්නම් කියල.මටත් මාර Happy.මමත් මගේ මේල් එක මිනිහට යැව්වා.අන්තිමට මට job එක ලැබුන.විස්තර ඔක්කොම මගේ මේල් එකට ඇවිත් තිබුණ.

‍ඒක මගේ පළවෙනි Online  job එකනේ. job එකෙ නම තමයි  Design Craiglist Ad for Wedding Photographer . මේකයි මේ job එකෙ කරන්න තිබුනෙ.Ad එකක් Design කරන්න ඕන websites වල post කරන්න.ඒකට ඔන කරන Photos,Texts මට එවල තිබුණ.මට තිබුනෙ Photos,Texts දාල ad එක Design කරන්න විතරයි.මමත් දවසකින් වගේ ad එක Design කරල මිහිහට මේල් කරා.මෙන්න හැරෙන තැපෑලෙන්ම "well done,I like this" කියල මේල් එකක් ඇවිල්ල තිබුන.ඒකෙ තිබුණ තව පොඩි වෙනස්කම් ටිකකුත් කරන්න.මම ඒවත් කරල ආයෙ ad එක යැව්ව.

වැඩේ හරි. මගේ පළවෙනි job එක මම සාර්ථක ලෙස නිමා කරා.මේ තියෙන්නෙ මම හදපු Ad එක.
මම කලින් කිව්වනේ job එකට පොරොන්දු උනේ $15 යි කියල.ඒත් මිනිහට මගේ වැඩේට Fit වෙල මට $25 ක්ද කොහෙද දුන්න.පහළින් තියෙන්නෙ මට ඉස්සෙල්ලාම ලැබුණ $25 ($28 ක් තියෙන්නෙ Odesk වලට අය කරන ගානත් එක්කම එකතුව).



අන්තිමට ම job එක ඉවර උනා මට  $25 ක් ලැබුණ.ඒත් එක අවුලක් උනා.ඒ මොකද Job එක End කළාම Feedback එකක්  job එක දුන්න කෙනාටයි, job එක කරපු කෙනාටයි දෙන්න ඕන.මම නම් මට job එක  දුන්න කෙනාට හොද Feedback එකක් දුන්න.ඒත් මිනිහ මට Feedback එකක් දුන්නෙ නෑ.උඩ තියෙන පින්තූරෙන් කස්ටියට ඒක බලාගන්න පුලුවන්.මට හිතෙන්නෙ මිනිහට Feedback දෙන එක ගැන හරිහැටි දැනුමක් නැති පාටයි.ඒ මොකද මිනිහ Odesk එකේ වැඩිය Job post කරල නෑ.මේ තියෙන්නෙ එයාගෙ Profile එක.ඕන නම් බලන්න.Odesk Profile

අද නම් මගේ පොස්ට් එක ගොඩක් දිගයි වගේ.හ්ම්..කමක් නෑ කියවන අය කියවයි..අකමැති අය යයි.ඒකට ප්‍රශ්නයක් නෑ.ඇත්තම කියනව නම් මේවට අකමැති අයත් ගොඩක් ඇති.මොකද එයාලට තනියම කන්න තියෙන දේ ගොඩක් අය අතරෙ බෙදිල යයි කියල තියෙන බය නිසා.

ඊළග පොස්ට් එකෙන් කියන්නම් මම ලංකාව අර $25 ගෙන්න ගත්ත හැටි..Comment එකක් හරි දාල මාව දිරිමත් කළ අයට ‍ගොඩක් ස්තුතියි.මේකේ වැරදි අඩුපාඩු තියෙනව නම් කියන්න.අදට ටටා බායි...
Tagged
Different Themes
Written by Lovely

Aenean quis feugiat elit. Quisque ultricies sollicitudin ante ut venenatis. Nulla dapibus placerat faucibus. Aenean quis leo non neque ultrices scelerisque. Nullam nec vulputate velit. Etiam fermentum turpis at magna tristique interdum.

35 comments:

  1. Niyamai machan. Thank you for the information. I will wait for your next post.

    Prasad

    ReplyDelete
  2. ඊළඟ එකත් දාපන්. කවදහරි දවසක දි මේවා ප්‍රයෝජනවත් වෙන්නත් පුළුවන්නේ.

    ReplyDelete
  3. මමත් ඔඩෙක්ස් එකේ ජොබ් කිහිපයකට දැම්මත් එකක්වක් හරි ගියේ නැහැ.මටත් මාර කම්මැලි කමක් ආවේ. දවස් ගණනකින් ඒ පැත්තේත් ගියේ නැහැ.ඒත් ඔයාගේ මේ විස්තරය දැකලා මට ආයෙත් හිතුනා ඒ පැත්තේ යන්න. මම ඔඩෙක්ස් එකට ගියෙත් ජාලයේ හිටි උදව් කිරීමට කැමැති ඔබ වැනි අයගේ උදව්වෙන් . ඒ නිසා අපි වැනි ආධුනිකයන්ට ඔබ වැනි අයගේ අත්දැකීම් නිතරම වටිනවා.

    ReplyDelete
  4. පස්ට නේ ඒ වැඩෙත්..මමත් දවසක කරල බලන්න ඕනි

    ReplyDelete
  5. මා දිරිමත් කලාට කස්ටියට ම බොහොම ස්තුතියි..

    ReplyDelete
  6. mama oDesk account 1k haduwa. Eta passe enawa profile 1 hadanna. Eka hadanne kohomada? Eke thiyena fields niwaradiwa fill karana hati kiyala denawada? PLZZZZ...

    ReplyDelete
  7. තරිදු මේ පහළින් තියෙන Link එකට ගිහින් oDesk profile හදන හැටි ගැන කරැණු දැනගන්න පුලුවන්.ඒ නිසා මම මෙතන ආයෙත් ඒ ගැන ලියන එක තෙරැමක් නෑ කියලයි හිතෙන්නෙ.ප්‍රශ්නයක් ති‍බුනොත් comment කරන්න.නැත්නම් මට මේල් එකක් දාන්න- pavid.lk@gmail.com

    මෙන්න Link එක -
    http://www.iplusblog.com/2010/11/odesk_24.html

    ReplyDelete
  8. අයියා ඔයා පාවිච්චි කරන්නෙ photoshop cs කීයද?

    ReplyDelete
  9. මල්ලි,දැන් නම් මම Photoshop CS2 පාවිච්චි කරන්නෙ.ඒත් මේ ඇඩ් එක නම් හැදුවෙ Photoshop 7 වලින්.

    ReplyDelete
  10. goooodddddddd...machan

    ReplyDelete
  11. wow... grt.... mamath mewage jobs hoyana kenek. me wage post walin mamawage thawa keedenek goda yaida? thanx a lot machan :) :)

    ReplyDelete
  12. Godak hoda lipiyak.ona kanakta udau karanna (free) mamath kamati.
    maga site akatath visit akak danna
    http://www.internetmoneylearningguide.com

    ReplyDelete
  13. Thank you Indika.ok mama balannam.

    ReplyDelete
  14. isuru chathuranga.23 January 2012 at 05:45

    mama wadekarala yawwa.mata kisima reply akak awwe naaaa.mama mokada karanne.

    ReplyDelete
  15. @ Isuru oya Fixed price job ekakda kale?wade hariyata karalada yewwe?

    ReplyDelete
  16. isuru chathuranga26 January 2012 at 16:59

    yes.fix price kare.hariyatama kara.

    ReplyDelete
  17. @isuru ahenam oya Odesk help Center ekata gihin oya gena poddak chat karala balanna.habai ithin eyalata a gena mukuth karanna nam be.Job ekata apply karaddima eyala kiyanwa Fixed price job walata eyala garnet wenne na kiyala.a nisa godak welawata salli nolabenna ida thiyenawa.matath oya wade una.oya aye parak oya wade karapu kenata Message eka dala balanna.

    ReplyDelete
  18. හොඳ දැනුවත් කිරීමක්.හදපු ad එකත් දාපු එක ගොඩක් වටිනවා.

    ReplyDelete
  19. maru maru ohoma yamuuuuuuuuuuuuu

    ReplyDelete
  20. මමත් දැන් සති මාස දෙක තුනක ඉඳල freelancer වැඩේ කරගෙන යනව.
    තාමනම් මුකුත් ම නෑ, ඒත් මම උත්සාහය අතහරින්නෙ නෑ.

    ReplyDelete
  21. @Ruwan ඔව් ඔව් දිගටම උත්සහ කරා නම් බැරි වෙන එකක් නෑ.

    ReplyDelete
  22. mamath thama job walata apply karanawa ekakwath awe ne. mama try karanne data entry nathnam excel mata kiyanawada kohomahari job ekak hoyaganna widihak. Ube wisthara tika nam masuran

    ReplyDelete
  23. @Indika - Thanks indika me paththata awata.job ekak ganna nm ithin try karannama wenawa.software peththa tikak igena gena job walata dammoth narakada.Data entry job godak Indian karayo allagena inne.aulak ne try karala balanna.

    ReplyDelete
  24. uba karanne api wage duppath kollanta loku sewayak,mchn ubata meka digatama kara gena yanna shakthiya labenna ona kiyala man bokkenma pathanawa..

    ReplyDelete
  25. niyamai.. matath ayeth odesk paththe yanna asawak awa.
    thankz
    digatama kara gena yanna

    ReplyDelete
  26. Feedback දුන්නෙ නැත්තම් කියල ඉල්ල ගන්න එපැයි බං!

    ReplyDelete
  27. Craiglist ad posting gana dannawada?

    ReplyDelete
  28. @කැලුම් - a gena nam wadiya danne na

    ReplyDelete
  29. mamath blog akake haduwa www.Marulanka.blogspot.com

    ReplyDelete
  30. thanks.godak de danagaththa

    ReplyDelete
  31. mama profile eka 95% complete kara. job apply karata thama wadaknam awe na.try ekanam ataharinnena. mata wadak ganna puluwanweida???

    ReplyDelete