Open top menu
Wednesday 30 November 2011
Internet Money පිළිබද මගේ අත්දැකීම් 5

මේ ලියන්න යන්නෙ Odesk වලදි සාර්ථක වෙන්නෙ කොහොමද කියන ලිපියෙ ඉතිරි කොටසයි.අපි පසුගිය ලිපියෙන් කතා කළා මතක ඇති Odesk වලදි සාර්ථක වෙන ක්‍රම 3 ක් ( Odesk වලදි සාර්ථක වෙන්නෙ කොහොමද?) අද කියන්න යන්නෙ Odesk වලදි සාර්ථක වෙන්න පුලුවන් තවත් රහස් ටිකක්.
04.අවංක බව-
අවංක බව නම් Odesk වල job එකක් කරනකොට විතරක් නෙමෙයි අපේ සාමාන්‍ය ජීවිතයෙදිත් ප්‍රයෝජනවත් වෙනව.අවංකව වැඩ කරන කෙනෙක්ට කවදාවත් වරදින්නෙ නම් නෑ. හරි අපි බලමු කොහොමද මේ අවංකකම Odesk වලදි ඕන වෙන්නෙ කියල.

අපිට Odesk වල job එකක් ලැබුණහම අපි ඒක මෙච්චර දවස් ගණනකින් කරන්නම් කියල අපේ ස්වාමියට පොරොන්දු වෙනවනෙ.ඒත් සමහර වෙලාවට අපිට පොරොන්දු වෙන දවසෙම ඒ job එක ඉවර කරන්න බැරිවෙන්න පුලුවන්.ඉතින් අපේ ස්වාමියට ඒ ගැන ඇත්තම කියන්න පුරුදුවෙන්න ඕන.ඒ මොකද දවස් දෙකක් වත් යන වැඩේට අපි කියනව මට මේක තව පැය දෙකකින් ඉවර කරන්න පුලුවන් වේවි කියල.

නමුත් ඒක කරන්න බැරි වැඩක්නෙ.ඉතින් අපි ඇත්තම කියන්න ඕන මට මේක ඉවර කරන්න මෙච්චර දවසක් යනව,පුලුවන් නම් මට තව දවස් දෙකක් දෙන්න කියල.මෙයාල කවදාවත් job එකක් දුන්නහම ඒක මැදකදි නතර කරන්න යන්නෙ නෑ.මොකද ඒක එයාලටත් පාඩුවක් නිසා.ඒත් ඉතින්..අපිට මේක බෑ වගේ කියල හි‍තෙනව නම් මෙයාල ඒ job  එක නවත්තන්න තීරණය කරනව.ඒ නිසා අවංකව වැඩ කරන්න පුරුදු වෙන්න.

අවංකව වැඩ කරල මටත් හොද අත්දැකීම් තියෙනව.කස්ටිය ඒක අහන්න ආස ඇති කියල මම හිතනව.හරි..හරි හිත හිත ඉන්නෙ මොකටද ඒක මම කියලම දාන්නම්කො. මේකයි කතන්දරේ..

මම Odesk වල Web development පැත්තේ job තමා කරන්නෙ. ඉතින් මම එක දවසක් wordpress ( මොකක්ද මේ wordpress කියන්නෙ ) වල පොඩි අවුලක් හදන්න තියෙන job එකකට Apply කළා.ඒකට 3-4 දෙනෙක් apply කරල තිබුන.වැඩිය කස්ටිය ඒකට apply කරල තිබුනෙ නැත්තෙ ඒකට දෙන මුදල අඩු නිසා.ඒ මුදල තමයි ඩොලර් 5 ක්.ඉතින් ඕන දෙයක් කියල මමත් apply කරා.අන්තිමට මට ඩොලර් 4 කට වගේ ජොබ් එක සෙට් උනා කියමුකො.

මට කියන්න අමතක උනා.මම Odesk වල job කරනකල් wordpress ගැන දැනන් හිටියේ නෑ.Odesk එකේ job කරල තමා මම ඒ ගැන පොඩ්ඩක් හරි දැන ගත්තෙ.හරි මේකයි මට කරන්න තිබුනෙ.ඒ වෙබ් සයිට් එකේ කලින් වැඩ කරපු පොර ඒක Links හදන්න ගිහින් වේබ් සයිට් එක down කරල. (පස්සෙ ඌ ඒක හදන්න දන්නෙ නෑ කියල.ඒකයි මේ වගේ job එකක් odesk වල දාල තිබුනෙ) Address එක Type කරල ගියාම Error එකක් එනව.ම‍ට තිබුනෙ මේ Error එක හදන්න.යකෝ මල ජංජාලයයිනේ..මම ඒ එගේ ඒව කලින් කරල තිබුනෙ නෑ.ඒත් මට විශ්වාසයක් තිබුන මට ඒක කරන්න පුලුවන් කියල. 

කොහොමහරි ඉන්ටර්නෙට් එකේ search පාරක් දාල අවුල හදන හැටි හොයාගත්ත.ඒ වෙලාවෙම FTP වලින් වෙබ් සයිට් එකේ Files වලට ගිහින් ඒ අවුල හදල අයිතියාරයට දැන්වුව. පැයකට විතර පස්සෙ මිනිහ Job එක End කරල තිබුන.වැඩේ හරි මිනිහට මාර fit වැඩේට.මොකද ඒ සයිට් එක ගොඩක් Traffic එකක් තියෙන සයිට් එකක්.ඉතින් ඒක පැයටක හරි down උනා කියන්නෙ ඌට ගොඩක් පාඩුයි.ඒකයි ඒක හැදුවට පොරට FIT.පස්සේ මට හොද Feedback එකකුත් ලැබිල තිබුන.

අවංකකම ගැන කතාව පටන් ගන්නෙ ඊළගට.මිනිහම මට අයෙත් පාරක් job එකකට ආරාධනා කරල තිබුන.ඒ මොකද මිනිහට මාව හොදට fit උන නිසා.ඒක පැයේ Job එකක්.පැයකට $4 යි.ඒකෙත් කරන්න තිබුනෙ මිනිහගේ Website එකේ පින්තූ වගේකට Link ටිකක් දාන එක.ඉතින් මම ඒකත් පැයකට කලින් ඉවර කළා.ඒකේදි මට ඕන නම් මුලු පැයම වැඩ කළා කියල $4 ම ගන්න තිබුණ.ඒත් මට එහෙම අවශ්‍යතාවයක් තිබුනේ නෑ.ඉතින් මට ඒකට ලැබුනෙ $1.03 ක් විතර.

job එකත් End කලාම මිනිහ මට කලින් වගේම නියම feedback එකක් දීල තිබුන.මේ තියෙන්නෙ ඒක.



එකේ කියල තියෙන්නෙ මට තව අයකරගන්න තිබුනත් මම එහෙම කරල නෑ කියලයි,මම අවංකයි වගේ දේවල් ටිකක්.අපිට මුදල් වලට වඩා Odesk වල Feedback වටිනව.ඒ මොකද ඒ Feedback දෙක නිසා මට අද හොද wordpress job එකක් ලැබුන කියල සතුටින් කියන්න කැමතියි.Odesk වල තියෙන Feedback කියන දේ ගැන කස්ටිය දන්නව ඇති කියලයි මම හිතන්නෙ.ඒ ගැන දැනගන්න ඕන අය ඉන්නව නම් කියන්න.මම ඒ ගැනත් පොඩි විස්තරයක් දාන්නම්.

අදට බොරු කිව්ව ඇති කියල හිතෙනව.මම ඊළග Post එකෙන් කියන්නම් කොහොමද හරියට Odesk වල job එකකට apply කරන්නෙ කියල.එහෙනම් ඔන්න අපි ගියා. 
   

 
Read more
Monday 28 November 2011
Internet Money පිළිබද මගේ අත්දැකීම් 4

මම ඊයෙ කිව්ව ඊයෙම මේ පෝස්ට් එකත් දානව කියල.ඒත් ඉතින් වෙලාවක් තිබුනෙ නෑනේ.වෙලාව මට විතරක් නෙවෙයි අපි ඔක්කොටම ප්‍රශ්නයක් තමා නේද?.ම්..හරි වැඩි කතා ඕන නෑ.අද දාන්න ආවේ කලින් පෝස්ට් එකේ කිව්ව ‍වගේ (Internet Money පිළිබද මගේ අත්දැකීම් 3) Odesk වලදි සාර්ථක වෙන්නෙ කොහොමද කියල.

අපි කවුරුත් දන්නව උත්සහයක් නැතිව කිසිම දෙයක් සාර්ථක කරගන්න බෑ කියල.මම ඒක මුලින්ම කිව්වෙ ඔය ඉන්ටර්නෙට් මනි කඩකාරයො කියනව වගේ නිකම් ඉදල නම්  Odesk වලදි උනත් සල්ලි හොයාගන්න බෑ කියන එක පොඩ්ඩක් මතක් කරන්න.මම මේ කියන්න යන්නෙ මම Odesk වලදි ලබපු අත්දැකීම් වලින් අලුත් අයට සාර්ථක වෙන්න පොඩි රහස් ටිකක්.

01.ඉංග්‍රීසි දනුම -
     ඕක තමා ප්‍රශ්නෙ නේද? ඉන්ටර්නෙට් මනි පිළිබද දැන්වීම් පළ කරන අය කියන්නෙ නම් කඩ්ඩ යන්තම් තිබිල,කොම්පියුටර් දැනුමත් පොඩ්ඩක් තිබ්බහම සල්ලි ගලාගෙන එනව  කියල නේ.ඒත් Odesk වලදි නම් English යම් තරමක් දුරට දැන සිටීම වැදගත් වෙනව.මොකද අපිට ජොබ් එකක් ලැබුණම ඒ ජොබ් එකෙ කරන්න තියෙන්නෙ මොනාද කියලත් තේරුම් ගන්න ඕනනේ.ඒකට ඉතින් අර කස්ටිය කියනව වගේ ඉංගිරිසි හෝඩිය විතරක් දැනන් ඉදල නම් මදි.එහෙනම් කඩ්ඩ ඵලටම ඕනද?? දැන් කස්ටියට ඒකත් ප්‍රශ්නයක් වෙයි.

මම කියන්නෙ නෑ කඩ්ඩ ඵලටම ඕන කියල.මොකද මගෙත් කඩ්ඩ ඵලටම නෑ. ඒත් අපිට ජොබ් දෙන අය කියන දේවල් තේරුම් ගන්නයි,ජොබ් එකේ කරන්න තියෙන්නෙ මොනාද,අපිට ප්‍රශ්නයක් ඇති උනොත් එයාලගෙන් අහන්නෙ කොහොමද? ඔන්න ඔය ටික කරගන්න ඉංගිරිසි දැනුම තියෙනව නම් ගොඩ තමයි. නැත්නම් වෙන්නෙ ජොබ් එකක් ලැබිල ඒක කොරන්න තේරෙන්නෙ නැති උනාම ඔයාලට ජොබ් එක එතනින්ම එපා වෙයි.ඒ නිසා Odesk වල වැඩ කරනව නම් කඩ්ඩ පොඩ්ඩක් හදා ගන්න වෙනව.

02.Skype 
     මොකද යකෝ මූ මෙතන්ට Skype කියල දැම්මෙ.?හේතුව මෙන්න මේකයි.අපි Odesk වල jobs වලට Apply කලාම අපිට එක පාරම  job එක ලැබෙන්නෙ නෑ.( ඒත් එහෙම අවස්ථාලුත් තියෙනව.ඒව පස්සෙ කියන්නම්කො.) අපි යවන Proposal එකයි,අපේ Profile එකයි බලල එයාල තීරණය කරනව අපි ඒ  job එකට සුදුසුද කියල.සුදුසු නම් අපිව Interview කරනව.මේ Interview  Call එකකින් හෝ Chat එකකින් තමයි ගොඩක් වෙලාවට කෙරෙන්නෙ.මට නම් ගොඩක්ම අහුවුනෙ Chat තමා.ඉතින් මේ විදියට Chat කරන්න Odesk වලදි බෑනේ.ඒ නිසා එයාල ගොඩක් වෙලාවට Skype භාවිතා කරනව.

ඉතින් අපි Odesk වල Job එකක් කරනව නම් අනිවාර්යෙන්ම Skype තියෙන්න ඕන.එහෙම නැතත් අවුලක් නෑ.ඒත් බොහෝ වෙලාවට Skype භාවිතා කරන්න වෙනව.අනික Skype තියෙන එක අපි දෙගොල්ලටම වාසියක් .මොකද අපිට ප්‍රශ්නයත් ඇති උනොත් Skype එකට ගිහින් අපිට Job  එක දුන්න කෙනත් එක්ක ඒ ගැන සාකච්ඡා කරන්න පුලුවන්.ඒ නිසා  Odesk භාවිතා කරනව නම් හෝ භාවිතා කරන්න ඉන්නව නම් Skype එකත් ඕන කියල මතක තියාගත්තට කමක් නෑ.        

 03.බුද්ධිමත් බව -
      මේකනම් ඉතින් අපිට කොහොමත්ම තියෙන දෙයක්නෙ..නේද?? :D ම්..කස්ටිය බලයි මොකටද මේ බුද්ධිමත් බව ඕන කියල.මම බුද්ධිමත් බව කියන එකෙන් අදහස් ක‍රේ කපටිකම වෙන්නත් පුලුවන්.ඒ මොකද අපිට Odesk වල උනත් Job එකක් ගන්න ලොකු තරගයක් දෙන්න ඕන.ඉතින් අපිව Job එකකට  Interview කරනකොට එයාල අහනව මේ Job එක කොච්චර කාලෙකින් ඉවර කරන්න පුලුවන්ද කියල.උපරිම දවස් ගණන නම් 07 යි (ජොබ් එක අනුව මෙය මාසයක් උනත් වෙන්න පුලුවන්).

ඒ නිසා අපි කියන්න හොද නෑ අපි හරියටම දවස් 07 කින් Job එක ඉවර කරනව කියල.මොකද එහෙම උනොත් අවාසියක් වෙන්නෙ අපටමයි. ඒ නිසා පුලුවන් තරම් දවස් 07 ට අඩු ගණනක් කියන්න.හැබැයි කිව්ව වගේ නෙවෙයි කොල්ලෝ වැඩේ කරන්නත් වෙනව හොදේ..එහෙම කිව්වම Job එක ලැබීමේ ප්‍රවණතාවය වැඩි වෙනව මිසක් Job එක ලැබෙනව කියලම හිතන්න එපා.

කියන්න නම් ගොඩක් දේ තියෙනව.ඉතිරි ටිකත් අද හරි හෙට හරි දාන්නම්.e-සිහිනය ත් එක්ක රැදී ඉන්න අයට වගේම Comment එකකින් හරි සහයෝගයක් දුන්න අයට ගොඩක් ස්තුතියි.එහෙනම් ඔන්න අපි ගියා..     


 
Read more
Sunday 27 November 2011
ලොවෙත් නෑ.......

සුභ උදෑසනක් කස්ටියටම.අදත් ඉන්ටර්නෙට් මනි ගැන නම් නෙමෙයි කියන්න යන්නෙ.ඊට වඩා ගොඩක් වෙනස් මාතෘකාවක්.මාතෘකාවක් කිව්වට ඉතින් මාතෘකාවමකුත් නෙමෙයි.පින්තූර ටිකක්.බලලම කියන්නකො හොදයිද කියල.මේ පින්තූර අරන් තියෙන්නෙ ඉන්දියාවේ.බලන්නකො මෙයාල කොච්චර දක්ෂද කියල.නව නිපැයුම් ගොඩක් කරල තියෙනව.ඒ අතරින් මගේ සිත් ගත් එක තමයි අලුතින් නිපදවල තියෙන Air Bag එක.(ලොකු කරල බලන්න ඕන නම් පින්තූර උඩ Click කරන්න.)











 
Read more
Saturday 26 November 2011
මූණු පොතේ අපි

සුභ උදෑසනක් කස්ටියටම.අද මාතෘකාව නම් පොඩ්ඩක් විතර වෙනස් උනා.ඒ මොකද මගේ Blog එකට මූණු පොතෙන් මම ඉඩක් ගත්ත.කස්ටිය කැමති නම් දකුණු පැත්තෙ "මූණු පොතේ අපි" කියන තැන තියෙන "e-සිහිනයට" Like එකක් දුන්න නම් ගොඩක් වටිනව. ඊළග පෝස්ට් එක (Internet Money පිළිබද මගේ අත්දැකීම් 4) අද දාන්න කියල තමා හිතන් ඉන්නෙ.මොකද අපේ කස්ටිය මේ මාතෘකාව ගැන ගොඩක් උනන්දු නිසා මේ ගැන පෝස්ට් දාන්නත් ගොඩක් ආස හිතෙනව.හරි,ඊළග පෝස්ට් එකෙන් හම්බවෙමු.
Read more
Internet Money පිළිබද මගේ අත්දැකීම් 3

ඉතින් කොහොමද? මේ පෝස්ට් එකත් ඉක්මනින්ම දාන්නම් කියල හිටියෙ.ඒත් ඉතින් වැඩත් එක්ක ඒවට වෙලාවක් තිබුනෙ නෑ.කොහොමහරි අද නම් පොස්ට් එක දාන්න කියල තමයි ආවෙ.

ම්..මම කලින් පොස්ට් එකේදී (Internet Money පිළිබද මගේ අත්දැකීම් 2) කතා කලානෙ Odesk වල මම මුලින්ම Job එක හොයාගත්ත හැටි,ඒකෙදි ලැබුණ මුදල් ගැන එහෙමත් කිව්වනෙ.අද මම කියන්න යන්නෙ ඒ ලැබුණ මුදල් ලංකාවට ගෙන්නුව හැටි.

මගේ මුල්ම Job එකෙන් මට ලැබුනෙ $25 ක් නේ.මේ මුදල ලංකාවට ගෙන්න ගන්න එකත් මට ප්‍රශ්නයක් උනා.ඒ මොකද මම කලින් මේ විදියට ලංකාවට කොහෙන්වත් මුදල් ගෙන්වල නැති නිසා.මම මේ ගැන අන්තර්ජාලයේ පොඩි Search එකක් දාල බැලුව.ඒකෙදි දැනගන්න පුලුවන් උනා Moneybookers කියන අන්තර්ජාල බැංකු සේවයෙන් Odesk වල තියෙන මුදල් ලංකාවට ගෙන්නව ගන්න පුලුවන් කියල.

Odesk වලත් Payment Methods හතරක් තියෙනව.පහළින් තියෙන්නෙ ඒ Methods හතර.
ඉතින් මේ ක්‍රම හතරෙන් මට ලේසියෙන්ම ලංකාවට මුදල් ගෙන්වන්න පුලුවන් ක්‍රමය උනේ Moneybookers අන්තර්ජාල බැංකුව මගින් ලංකාවට මුදල් ගෙන්වන එක.ඉතින් මම Odesk හරහා Moneybookers ගිණුමක් ආරම්භ කලා.Moneybookers වල ගිණුමක් ආරම්භ කරන්න අපෙන් මුදල‍් අය නොකරන නිසා ඇත්තටම ඒක අපිට ලොකු වාසියක්.තව දෙයක් කියන්න ඕන Paypal කියන අන්තර්ජාල බැංකු සේවයට ලංකාවෙ අයට මුදල් යවන්න බෑ. (පස්සෙ කාලෙක මට හොද වැඩක් උනා Paypal වලට සල්ලි යවල.ඒක පස්සෙ කියන්නම්)

‍ඉතින් මම Moneybookers ගිණුම හදල මගේ $25 ඒකට යැව්ව.ඒත් Moneybookers ගිණුමට $25 ක් ම ගියෙ නෑ.ඒ මොකද Odesk වලින් $1 ක් withdrawal Fee විදියට ගන්නව. ඉතින් මගේ Moneybookers ගිණුමට යන්නෙ $24 යි.withdrawal Complete උනාම Odesk වලින් කියනව අපේ Moneybookers ගිණුමට පැය දෙකකින් වගේ මුදල් යයි කියල.ඒත් මගේ අත්දැකීම අනුව නම් ඊට වඩා ඉක්මනින් ගිණුමට මුදල් යනව.

හ්ම්..දැන් තමයි වැ‍ඩේ.ඔන්න Moneybookers ගිණුමට මගේ සල්ලි ටික ආව.දැන් ඉතින් මේක ලංකාවට යවන්නෙ කොහොමද?ඒක තමා ඊළග ප්‍රශ්නෙ.Internet එකේ එහෙම පොඩ්ඩක් බලල Moneybookers වලට ලංකාවෙ බැංකු ගිණුමක් ඇතුළත් කරන හැටි දැන ගත්ත.ඒක එච්චර අමාරු වැඩක් නම් නෙමෙයි.කොහොමහරි Moneybookers වලට ලංකාවෙ බැංකු ගිණුමක් ඇතුල් කරනකොට Swift Code කියල එකක් ඉල්ලනව.මම ඒ වෙනකොට ඒ ගැන දැනන් හිටියෙ නෑ.ඒත් Internet එකේ search කලාම ඒ ගැන විස්තර දැනගන්න පුලුවන් උනා.ඒ වගේම ලංකාවෙ බැංකුවල Swift Code ටිකත් හොයාගන්න පුලුවන් උනා.මේ තියෙන්නෙ ඒ වෙබ් අඩවිය - http://www.theswiftcodes.com/sri-lanka/ 

Swift Code එක එහෙම දාල මම මගේ ලංකා බැංකුවෙ (BOC) ගිණුම Moneybookers වලට ඇතුළත් කළා.ඊට පස්සෙ ඕන දෙයක් වෙන්න කියල මගේ $24 withdraw කළා.withdrawal කරනවට මෙයාලත් $2.56 ක් විතර ගන්නවා.withdraw කළාට පස්සෙ මට මේල් එකක් ඇවිත් තිබුණ දවස් දෙකක් - පහක් ඇතුළත මුදල් ලංකාවට එනව කියල.මට සල්ලි එනකන්ම වැඩි විශ්වාසයක් තිබුනෙ නෑ.ලංකාවේ බැංකු ගිණුමට ගියෙ $21.44 කි.(ලංකාවෙ මුදලින් රු.2441.00)

කොහොමහරි මම දවස් හතරකින් වගේ ATM එකට මගේ Card  එක  දාල බැලුව.මෙන්න බොලේ වැඩක් මගේ ගිණුමෙ රු.2230.00 ක් වැඩිවෙල තිබුණ.පාඩු නෑනෙ වැඩේට.මොකද ලංකාවෙ බැංකුවෙනුත් වැඩි ගානක් කපල තිබුනෙ නෑ.එයාල අය කරන් තිබුනෙ රු.211 වගේ මුදලක්.හැබැයි මේ මුදල අපි එවන මුදල් ප්‍රමාණ අනුව අඩු වැඩි වෙනව කියල මතක තියාගන්න.ඉතින් මගේ කුලුදුල් Online Job එකෙ කුලුදුල් පඩිය මට අන්න ඒ විදයට ලැබුන.

අන්තිමට මටත් විශ්වාස කරන්න පුලුවන් උනා Internet Money කතාව  ඇත්තක් කියල.හරි අදට මේ ඇති කියල හිතෙනව.ඊළග පොස්ට් එකෙන් කියන්නම් Odesk වල සාර්ථක වෙන්නට පොඩි රහස් ටිකක්.ඔබේ අදහස් ,චෝදනා මේ Blog එකෙ ඉදිරි ගමනට ප්‍රයෝජනවත් වෙයි කියල හිතෙනව.එවැනි දේ ඇත්නම් පහළින් Comment එකක් දාමු.ජය වේවා..!
Read more
Sunday 20 November 2011
Internet Money පිළිබද මගේ අත්දැකීම් 2

මම කලින් ලියපු Internet Money පිළිබද මගේ අත්දැකීම් කියන පෝස්ට් එක ටික දෙනෙක් කියවල තියෙනව වගේ.තව ටික දෙනෙක් Comment කරලත් තිබුන Hits ගැන හිතන්නෙ නැතිව ඊළග පෝස්ට් එකත් දාන්න කියල ඉතින් මම හිතුව තව පෝස්ට් එකක් දැම්මොත් හොදයි කියල.ඉතින් මෙන්න ඒක.

මම කලින් පෝස්ට් එකේ කිව්වනේ Odesk එකේ jobs වලට Apply කලා කියල.‍  ඒත් ඉතින් Apply කලාට නම් කිසි වැඩක් උනේ නෑ ඒ ඔක්කොම decline කරල.ඉතින් මගේ ලබාපොරොත්තු ඔක්කොම සුන්..මට හිතෙන්නෙ මට එහෙම උනේ මගේ Profile එකේ Feedback නැති නිසා වෙන්න ඇති කියල.එත් ඉතින් Feedback ලැබෙන්නත් jobs ලැබෙන්න එපැයි.අන්තිමට මට හිතුන මේක නම් තේරුමක් නැති වැඩක්,නිකන් මගේ කාලය අපතෙ යනව විතරයි කියල.ඉතින් එතනින් මගේ Online Job කෙරුවාව අවසන් උනා.ඒකට තිබුන ආසාවත් නැති උනා.







කොහොමහරි ටික කාලෙකට පස්සෙ මම Techkatha අහනකොට ඒකෙ ඔය Odesk ගැන කියවුනා.Odesk හොද Freelance website එකක් කියලත් කිව්ව.ඔන්න ඉතින් මට ආයෙත් ආසාවක් ඇති උන Odesk වල Job කරන එකට.මම කලින් හදපු Profile එකකුත් Odesk වල තිබුණනේ.ඉතින් මට තිබුණෙ ආයෙත් Jobs වලට apply කරන එක විතරයි.

මාස ගානකට පස්සෙ තමා ආයෙත් Odesk වලට ගියෙ.අමාරුවෙන් Proposal එහෙම ලියල ආයෙත් Jobs ටිකකට apply කරල එදා මම නිදාගත්ත.ඔන්න අනිත් දවසෙ උදේ නිකමට වගේ මම Odesk එක පැත්තෙ ගියා.සුපුරැදු පරිදි ගොඩක් Jobs decline කරල.ඒත් එක Job එකකට apply කල එකක් වැඩ කරල වගේ කියල මට හිතුන.ඒ job එක නම් Graphic Design Job එකක්.

‍දැන් මටත් මාර Fit වැඩේට.හැබැයි තවම job එක ලැබිල නම් නෑ.job එක Post කරල තිබුනෙ ඇමරිකාවෙ Photographer කෙනෙක්.මගෙන් අහල තිබුන job එක කරන්න පුලුවන්ද?කොච්චර කල් යනවද?කීයක් අය කරනවද? කියල.ඉතින් මමත් මගේ දන්න ඉංගිරිසිය පුලුවන් තරම් දාල මට මේක කරන්න පුලුවන්,දවසකින් හරි දවස් දෙකකින් හරි Job එක complete කරන්න පුලුවන් වෙයි,මගේ ගාන $15 යි කියල.(මිනිහගේ   Budget එක $20 යි).තව මේක මගේ පළවෙනි job එක ඒ නිසා මම හැකි උපරිමයෙන් කරන්නම් වගේ දෙවල් ටිකකුත් Message එකට දාල මම reply කලා.

 මේ job එකට Apply කරන හිටියෙ මම විතරක් නම් නෙමෙයි.තව හතරදෙනෙක් මේකට Apply කරල තිබුන.ඉතින් එතනත් හෙන ගේමනෙ.මම අලුත් කෙනෙක්.අනිත් අය නම් jobs දෙක තුනක් හරි කරල තිබුන අය.ඉතින් මට වැඩිය විශ්වාසයක් තිබුනෙ නෑ මේක ලැබෙයි කියල.ඉතින් මම ආයෙත් පැය දෙක තුනකින් ඇවිත් බලනකොට මට තව Message එකක් ලැබිල තිබුන මගේ ඊමේල් එක එවන්න.මම ඔයාට මේ job එක දෙන්නම් කියල.මටත් මාර Happy.මමත් මගේ මේල් එක මිනිහට යැව්වා.අන්තිමට මට job එක ලැබුන.විස්තර ඔක්කොම මගේ මේල් එකට ඇවිත් තිබුණ.

‍ඒක මගේ පළවෙනි Online  job එකනේ. job එකෙ නම තමයි  Design Craiglist Ad for Wedding Photographer . මේකයි මේ job එකෙ කරන්න තිබුනෙ.Ad එකක් Design කරන්න ඕන websites වල post කරන්න.ඒකට ඔන කරන Photos,Texts මට එවල තිබුණ.මට තිබුනෙ Photos,Texts දාල ad එක Design කරන්න විතරයි.මමත් දවසකින් වගේ ad එක Design කරල මිහිහට මේල් කරා.මෙන්න හැරෙන තැපෑලෙන්ම "well done,I like this" කියල මේල් එකක් ඇවිල්ල තිබුන.ඒකෙ තිබුණ තව පොඩි වෙනස්කම් ටිකකුත් කරන්න.මම ඒවත් කරල ආයෙ ad එක යැව්ව.

වැඩේ හරි. මගේ පළවෙනි job එක මම සාර්ථක ලෙස නිමා කරා.මේ තියෙන්නෙ මම හදපු Ad එක.
මම කලින් කිව්වනේ job එකට පොරොන්දු උනේ $15 යි කියල.ඒත් මිනිහට මගේ වැඩේට Fit වෙල මට $25 ක්ද කොහෙද දුන්න.පහළින් තියෙන්නෙ මට ඉස්සෙල්ලාම ලැබුණ $25 ($28 ක් තියෙන්නෙ Odesk වලට අය කරන ගානත් එක්කම එකතුව).



අන්තිමට ම job එක ඉවර උනා මට  $25 ක් ලැබුණ.ඒත් එක අවුලක් උනා.ඒ මොකද Job එක End කළාම Feedback එකක්  job එක දුන්න කෙනාටයි, job එක කරපු කෙනාටයි දෙන්න ඕන.මම නම් මට job එක  දුන්න කෙනාට හොද Feedback එකක් දුන්න.ඒත් මිනිහ මට Feedback එකක් දුන්නෙ නෑ.උඩ තියෙන පින්තූරෙන් කස්ටියට ඒක බලාගන්න පුලුවන්.මට හිතෙන්නෙ මිනිහට Feedback දෙන එක ගැන හරිහැටි දැනුමක් නැති පාටයි.ඒ මොකද මිනිහ Odesk එකේ වැඩිය Job post කරල නෑ.මේ තියෙන්නෙ එයාගෙ Profile එක.ඕන නම් බලන්න.Odesk Profile

අද නම් මගේ පොස්ට් එක ගොඩක් දිගයි වගේ.හ්ම්..කමක් නෑ කියවන අය කියවයි..අකමැති අය යයි.ඒකට ප්‍රශ්නයක් නෑ.ඇත්තම කියනව නම් මේවට අකමැති අයත් ගොඩක් ඇති.මොකද එයාලට තනියම කන්න තියෙන දේ ගොඩක් අය අතරෙ බෙදිල යයි කියල තියෙන බය නිසා.

ඊළග පොස්ට් එකෙන් කියන්නම් මම ලංකාව අර $25 ගෙන්න ගත්ත හැටි..Comment එකක් හරි දාල මාව දිරිමත් කළ අයට ‍ගොඩක් ස්තුතියි.මේකේ වැරදි අඩුපාඩු තියෙනව නම් කියන්න.අදට ටටා බායි...
Read more
Friday 18 November 2011
Internet Money පිළිබද  මගේ අත්දැකීම්

අද උදේ දාපු  ‍ඉන්ටර්නෙට් මනි ගැන තිත්ත කතාව යන පෝස්ට් එක හුග දෙනෙක් කියවලද? නැත්නම් Google දෙයියන්ට වැරදිලද? කියල මට නම් හිතාගන්න අමාරුයි.මොකද මම මගේ Blog අඩවියට ඇතුල් වී බැලු විට එහි අද දවසේ එම ලිපිය කියවූ අය (Page views today) 247 කි. මට ඒත් සැකයි ඇත්තටම මේච්චරක් අය මේ ලිපිය බැලුවද කියලත්.

පහළින් තියෙන්නෙ අද දවසේ ලිපි කියවූ අය ගැන විස්තරයකි-



Comment එකක් නොදා හරි මගේ අඩවියේ සිහින දකින්නට පැමිණියට  සියලු දෙනාට ස්තුතියි.

හරි ඒව වැඩක් නෑ.කලින් Post එකේ  පොරොන්දු උන විදියට Internet Money ගැන මගේ Blog එකෙනුත් පොඩ්ඩක් විස්තර කරන්නම්කො.හැබැයි ඉතින් මම නම් ඔය ඇඩ්ස් ක්ලික් කරන්න දීල,Link දාල නෙමෙයි සල්ලි හොයන්නෙ.පොඩ්ඩක් මහන්සි වෙන්න වෙනව.

මම නම් දැනට Online Job එක කරන්නෙ Odesk කියන freelance වෙබ් අඩවියේ.ඇත්තටම මම ඒ සයිට් එකේ  Job කරන හැටි ඉගෙන ගන්න මොනම Internet Money කඩයකටවත් ගියෙ නෑ.මම ඒ ගැන ඉගෙන මගේ හොදම මිතුරගෙන්.දැන් කස්ටිය බලයි කවුද මගේ හොදම මිතුර කියල, හරි මම ඒකත් කියන්නම්කෝ.මගේ හොදම මිතුර තමයි අන්තර්ජාලය.

අන්තර්ජාලයේ Youtube වැනි වෙබ් අඩවි වල කොහොමද freelance වෙබ් අඩවි වල Job කරන්නෙ කියල ඉතා පැහැදිළිව හා සරලව කියා දෙනව.ඉතින් ඒව බලල අපිට තේරුම්ගන්න පුලුවන් නම් ඔය Internet Money කඩවල් ගානෙ ගිහින් වියදම් කරන මුදල් ඉතිරි කරගන්න හැකි වෙනව.

මමත් ඔය  Youtube වල Videos එහෙම බලල කොහොමහරි Odesk වල Profile එකක් හදා ගත්තයි කියමුකො.Profile එක හැදුවෙ නම් 2010 සැප්තැම්බර් මාසේ වගේ. Profile එක හැදුව පළියට අපිට Job දෙන්නෙත් නෑනේ.මාත් ඉතින් Try කරල..Try කරල Job ටිකකට Apply කලා. ඒ Apply කරපු Jobs වලට මොකද උනේ කියල ඊළග Post එකෙන් කියන්නම්කෝ.

ඔයාලගේ අදහස් හා උදහස් මට මේ Blog අඩවිය ඉදිරියට ගෙන යෑමට ගොඩක් වටිනවා.වෙලාවක් තියෙනව නම් පහළින් Comment එකක් දාල යන්න.ජය වේවා..
Read more
Thursday 17 November 2011
Internet Money ගැන තිත්ත කතාව....

මේ කාලේ Internet Money ගැන නොදන්න කෙනෙක් නැති තරම්.ඒ තරමට Internet තුලින් මුදල් සොයන ක්‍රම ප්‍රසිද්ධ වෙලා.අපේ ලංකාවෙ නම් මේ Internet Money ගැන කියල දෙන්න කඩ එහෙමත් දාල තියෙනවනේ, පත්තර වල,පෝස්ටර් වල එහෙම ඒවා ගැන දාල තියෙනව ඔයාල දැකල ඇති නේ.
ගොඩක් අය අතරෙ තියෙන ප්‍රශ්නයක් තමයි Internet Money කඩවල් වල මුදලාලිල කියන විදියට මාසෙකට රු.30000 ක් විතර හොයන්න පුලුවන් නම් ඇයි එයාලට බැරි ඒ සල්ලි හොයාගෙන ජීවත් වෙන්න.මොකටද Internet Money ගැන workshop කරන්නේ?,පත්තර වල දැන්වීම් දාන්නේ?, මට හිතෙන්නේ එයාල ලංකාවෙ මිනිසුන්ට තියෙන ආදරේට ඒ ගැන කියල දෙනව වෙන්න ඇති කියල.අනේ ඉතින් ඒ වගේ කැප කිීම් කරන අයත් ලංකාවෙ ඉන්නවනේ කියල අපිත් හිත හදාගමු නේද???කොහොමහරි මේ කඩවල් වලින් ඉන්ටර්නෙට් මනි ගැන කියල දෙන්න රැ 2000 - 5000 විතර වෙනකම් මුදලක් ලබා ගන්නවා.අපේ අයත් ඉතින් "ආ..එක දවසින් Internet එකෙන් සල්ලි හොයන්න කියල දෙනව..මාසෙට රු 30000 ක් විතර ගන්න පුලුවන්" කියල ඒ කඩවල් වලට ගිහින් සල්ලි පූජ කරල එනව."අන්තිමට නටපු නැටුමකුත් නෑ..බෙරේ පලුවකුත් නෑ" වගේ වැඩක් තමයි වෙන්නෙ.ඒත් ඉතින් ඒවගෙන් ප්‍රයෝජන ගන්න අයත් ඔය අතරම ඉන්නව.

    මම දකින විදියට නම් මේ කඩවල් වලින් Internet Money ගැන හොද අවබෝධයක් දෙන්නේ නැතිව ඇති.මොකද එහෙම දීල තියෙනව නම් Odesk වැනි  Freelance වෙබ් සයිට් වල ලංකාවෙ අය ගොඩ ගැහැන්නේ නෑනේ.
   අන්තිමට මේ මුදලාලිල නිසා ලංකාවට Google ආයතනයෙන් ads දෙන එකත් සීමා කරල.ඒ මොකද මේ අය කියන්නේ මුදල් හොයන්න ලේසි ක්‍රමය තමයි වේබ් සයිට් එකක් හරි බ්ලොග් එකක් හරි හදල ඒකට Google ඇඩ්ස් දාන එක.(ඔය ලේසියෙන් සල්ලි හොයන එක ක්‍රමයක් විතරයි) ඉතින් ඇඩ් ක්ලික් කරන ගානට අපිට සල්ලි ලැබෙනව.හොදයි නේ..අන්තිමට අපිට මාසෙකට රු.30000 ක් විතර හොයාගන්න පුලුවන්.ආයෙ ඉතින් ජොබ් කරන්නෙ මොකටද?
   තව කියන්න නම් ගොඩක් තියෙනවා.එත් ඉතින් වෙලාව තමා හරස් වෙන්නෙ.කමක් නෑ අන්තිමට කියන්න තියෙන්නෙ ලේසියෙන් සල්ලි හොයන්න ක්‍රමයක් නම් මම තවම ඉන්ටර්නෙට් එකෙ දැකල නෑ.(එහෙම ඒවත් තියෙනව ඒ ඉතින් Credit Card Number එහෙම අරන් හොරෙන් කරන්න පුලුවන් වැඩ, ඒවටත් මහන්සි වෙන්න එපැයි) මම දකින විදියට ඔය ඇඩ්ස් ක්ලික් කරන ඒව වගේ දේවල් කරල මාසෙකට රු. 30000 ක් හොයන එක බොරු වැඩක්.ඇත්තටම මාසෙකට රු.30000 ක් හොයන්න ඕන නම් මහන්සි වෙල වැඩ කරන්න ඕන.එහෙම අපිට වැඩ කරන්න පුලුවන් Freelance වෙබ් සසිට් ‍ගොඩක් තියෙනව.
     කස්ටියට ඒ ගැන දැන ගන්න ඕන නම් මගේ අත්දැකීම් අනුව මම ඒ ගැන කියල දෙන්නම්.වැඩි විස්තර ඔන නම් පහළින් Comment එකක් දාන්න.ඊළග Post එකෙන් මම ඒ ගැන කියන්නම්.



Read more
Tuesday 1 November 2011
නොමිලේ Phone එකට සිංහල ඉංග්‍රීසි Dictionary එකක්...

මේ ගැන ගොඩක් දෙනෙක් දන්නවත් ඇති.ඒත් කමක් නෑ දන්නෙ නැති අයත් ඇතිනෙ.ඒ අයට බලාගන්න මේ ගැන ලියන්නම්.අද ජංගම දුරකතනයක් අතේ නැති කෙනෙක් නැති තරම්.ඒ තරමට ජංගම දුරකතන ව්‍යාප්ත වෙලා.ඒත් ඉතින් ගොඩක් අය මේ ජංගම දුරකතන වලින් ප්‍රයෝජන ගන්න හැටි දන්නේ නෑනේ..එක්කෝ සිංදුවක් අහයි,නැත්නම් phone එකේ තියෙන ගේම් එකක් play කරයි.ඔය වගේ දේවල් තමා ඉතින් අපේ සමහර කස්ටිය කරන්නෙ..

කොහොමහරි කමක් නෑ අද මේ කියන්න යන්නේ JAVA Support කරන දුරකතන වලට ප්‍රයෝජනවත් මෘදුකාංගයක්.මේක සිංහල-ඉංග්‍රීසි ඩික්ෂනරි එකක්.හදිස්සියකදි දන්නේ නැති ඉංගිරිසි වචනයක් බලා ගන්න එක්කෝ ඩික්ෂනරි එකක් පෙරළන්න ඕන නැත්නම් Computer එක ඔන් කරල එකේ තියෙන ඩික් එකක් බලන්න ඕන.මේක ඉතින් හදිස්සියට කරන්නත් බෑනේ.ඒකට නියම විසදුම තමයි මේ ඩික්ෂනරිය පාවිච්චි කරන එක.Phone එක ඕන කෙනෙක් ළග නිතරම තියනවනේ ඉතින් ඕන වෙලාවක පාවිච්චි කරන්නත් පුලුවන්.


මේකෙ නම තමයි MDic ඇත්තමට ‍මගේ අත්දැකීම අනුව නම් මේක අපේ පරිගනකයේ තියෙන මධුර ඩික්ෂනරි එකට වඩා ගොඩක් හොදයි.මේ ඩික්ෂනරිය JAVA Support කරන ඕනම දුරකතනයකට දාගන්න පුලුවන්.වැඩි විස්තර මේ
MDic වෙබ් සයිට් එකටම ගිහින් බලන්න. මේක Download කරන හැටියි පාවිච්චි කරන හැටියි මේ වෙබ් සයිට් එකේ තියෙනවා.මම හිතනව ලොකු කුඩා කාටත් මේ මෘදුකාංගය ගොඩක් ප්‍රයෝජනයවත් ‍වෙයි කියල.ට්‍රයි කරල බලන්නකො.ප්‍රශ්නයක් තිබුනොත් පහළින් කොමෙන්ට් එකක් දාන්න.පුලුවන් විදියට Help එකක් දෙන්නම්..මෙන්න Link එක -
Read more
Angry Bird දැන් වින්‍ඩෝස් වලට නොමිලේ ගන්න

Angry Bird කියන්නෙ අද ලෝකයේ ගොඩක්ම ජනප්‍රිය ජංගම දුරකතන ක්‍රීඩාවක්. හැබැයි අවුල තියෙන්නේ මේක එන්නේ මොබයිල් Phone වලට විතරයි. ගේම් එක නම් පට්ට....මේ ගේම් එක මේ මොබයිල් Phone වලට Support කරනවා.Android, iOS (for iPod, iPad and iPhone), WebOS (Palm Pre) and for the Nokia N900

එත් ඉතින් අපි හැමෝටම මේ Phone නෑනේ..ඉතින් මේ ගේම් එකට ආස අයට දැන් මේ ගේම් එක Windows වල Play කරන්න පුලුවන්...

ගේම් එකේ සීන් කෝන් එකත් පොඩ්ඩක් කියල ඉන්නම්කො...මේකයි සිද්ධිය මේකෙ ඌරෝ ටිකක් ඉන්නවා උන් සෙට් එක කුරැල්ලන්ගේ බිත්තර ටික උස්සනවා (Sorry,කුරුල්ලො බිත්තර දාන්නේ නෑනේ..කිරිල්ලියො කියල හිතාගන්න) ඉතින් මේකට කුරුල්ලන්ටයි කිරිල්ලියන්ටයි මල පනිනව...ඉතින් ගේම් එකේ කොරන්න තියෙන්නෙ මේ ඌරන්ට එන්න දෙන්නෙ නැතිව බිත්තර ආරක්ෂා කරන එක.. වැඩි කතා ඕන නෑ..මෙන්න Link ටික...කැමති එකකට ගිහින් බාගන්න එකයි ඇත්තෙ......

http://www.4shared.com/file/TLRZ2JD2/Angry_Birds_2011_for_Windows.html
http://www.mediafire.com/?6m85ye7cj1v1vnp
Read more