Open top menu
Sunday 16 October 2011
නොමිලේ ඉංග්‍රීසි ඉගෙන ගන්න.

ඉංග්‍රීසි කියන්නේ අපේ මව් භාෂාව නෙමෙයිනෙ.ඒ උනත් අද ඉංග්‍රීසි භාෂාව නැතිව බැරි දෙයක් වෙලා මොකද වර්ථමාන හා අනාගත ලෝකය තොරතුරු තාක්ෂණයත් සමග ඉදිරියට ගමන් කරමින් සිටින මොහොතක අප වැනි රටක සිටින තරුණ පරපුරට මෙන්ම වැඩිහිටි පරපුරටද ඉංග්‍රීසි අත්‍යාවශ්‍ය වී ඇත.තොරතුරු තාක්ෂණය සමග ඉදිරියට පා තබනවා නම් තමන්ගේ ඉංග්‍රීසි දැනුමත් දියුණු කර ගැනීමට වග බලා ගත යුතුය. ගොඩක් අය කියන්නේ 'අනේ පංතියකට යන්නෙ නැතිව නම් ඉංග්‍රීසි දියුණු කර ගන්න බෑ' කියලනේ. මම නම් හිත්න්නෙ පංතියකට යනවට වඩා අන්තර්ජාලයෙන් අපට පහසුවෙන් හා නොමිලේ ඉංග්‍රීසි ඉගෙනගන්න පුලුවන් කියල.ඒ සදහා අපට නොමිලේ ඉංග්‍රීසි උගන්වන වෙබ් අඩවි පවා අද වන බිට බිහිවෙලා තියෙනවා.මම මේ දෙන්න යන වෙබ්අඩවි සේරම නොමිලේ ඉංග්‍රීසි ඉගෙන ගන්න පුලුවන් ඒව.කම්මැලි වෙන්නෙ නැතිව නිකමට හරි මේ වෙබ් අඩවි වලට ගිහින් පොඩි ට්‍රයි එකක් දීල බලන්න...


01.Ello  

Ello වලට යන්න මෙතන ඔබන්න.

02.BBC Learning English

 BBC Learning English වලට යන්න මෙතන ඔබන්න.

03. Go 4english.com

 Go 4English වෙබ් අඩවියට යන්න මෙතන ඔබන්න
Read more
Skype මිතුරන් සොයන්න ලේසි ක්‍රමය..

අද ලෝකයේ වඩාත් ජනප්‍රියම සන්නිවේදන ක්‍රමයක් තමයි Skype කියන්නේ.මෙමගින් තවත් skype User කෙනෙකුට voice හෝ වීඩියෝ ආකාරයට ඇමතුම් ලබා ගත හැකිය.මෙම ක්‍රමය මගින් skype භාවිතා කරන කෙනෙක්ට පහසුවෙන් ජාත්‍යන්තරව මිතුරන් ඇති කර ගැනීමට ද ඔවුන් සමග සන්නිවේදනය කිරීමටද හැකිය.මේ ඒ සදහා මිතුරන් සොයාගත හැකි වෙබ් අඩවියකි. වෙබ් අඩවියට පිවිස ඔබගේ Skype User ID එක හා වයස ලබා දුන් විට දැනට online සිටින Skype Users ලා විශාල සංඛාවක් පෙන්වයි.අවශ්‍ය Skype නාමය ඉදිරියෙන් Click කර අදාළ පුද්ගලයා සමග ඇමතුමක් ගැනීමට හෝ chat කිරීමට මෙමගින් අවස්ථාව සලසා දෙයි.පිවිසෙන්න http://www.skypecontacts.com

Read more
Saturday 15 October 2011
ටයි මාමා අපෙන් සමුගනි......


ලොකු කුඩා කාගේත් ආදරය දිනූ ටයි මාමා නම් ඔහු මෙරට චිත්‍රපට ක්ෂේත්‍රයේ අද්විතීය ශිල්පියෙකි.ඔහුගේ සම්පූර්ණ නම ටයිටස් තොටවත්තය.ඔහු ඉපදුනේ 1929 අප්‍රේල් 17 දින බොරැල්ලේදීය.මිය යන විට ඔහුගේ වයස අවුරැදු 82 ක් විය.තිදෙනෙකුගෙන් යුත් පවුලේ එකම පිරිමි දරුවා ඔහු විය.ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා පසුව මාතර කාර්මික විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීය.1956 දී ඔහු ප්‍රවීන චිත්‍රපට නිෂ්පදාකයෙකු වන ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සමග එකතු වී රේඛාව නම් චිත්‍රපටය නිෂ්පාදනයේදී එහි සංස්කරණ කටයුතු කළේය.

මීට අමතරව තොටවත්තයන් නිර්මාණය කළ චිත්‍රපටයන් බොහෝය.ඒ අතරින් කුඩා ළමුන් අතර ප්‍රසිද්ධියට පත් හදයා හැදින්විය හැකිය.හදයා චිත්‍රපටය ඔහු නිර්මාණය කලේ 1980 දීය. හදයා චිත්‍රපටය සරසවිය සිනමා උලෙලේ හොදම චිත්‍රපටය ලෙසද සම්මාන ලැබීය. තවද 1980 හා 1990 කාලය තුළ ඔහු ඉංග්‍රීසි ළමා කාටුන් සිංහලට හඩ කැවීය.පසු කාලයේ ඒවා සිංහල රූපවාහිනී නාලිකාවල විකාශය විය.මේ අතරින් දොස්තර හොද හිත නම් කාටුනය ඉතාම අර්ථවත් හා රසවත් නිර්මාණයක් විය.ර්‍එහි හඩ කැවීම සදහා ඔහු ලබා දී තිබූ අසහාය දායත්වය ‍එයින් මනාව පිළිබිඹු වේ. ඔහු ගේ ජීවිතය ගැන පවසන්නට මීට වඩා බොහෝදේ ඇත.එනමුදු මා හට කාලය නැති බැවින් මෙම කෙටි සටහනින් නිමා කරමි.තොටවත්තයෙනි ඔබ ලංකාවේ චිත්‍රපට ක්ෂේත්‍රය වෙනුවෙන් දුන් දායකත්වයට අපගේ කෘත‍වේදීත්වය පළ කරමු. ඔබට නිවන් සුව.......
Read more